Cart

Best Seller

චේ සමග සංචාරයෙහි

Availability: In stock

Rs. 510

තරුණයෝ දෙදෙනෙකි. එකකු හැඳින්වූයේ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ හෙවත් මියාල් නමිනි .අනෙකා අර්නස්ටෝ ගුවේරා ය. ඔහු පෙලාවෝ නැතිනම් ෆියුසර් නමින්ද හඳුන්වනු ලබයි. එහෙත් ඔහු පසුව ලෝක පූජිත වන්නේ චේ යන ආදරණීය නාමයෙනි. මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අව්‍යාජ  විප්ලවවාදියා බවට පත්වීමට මග සැලසුන ආකාරයයි .තරුණ වියේදී තම කල්‍යාණ මිත්‍රයා වන ඇල්බර්ටෝ  සමඟ ලතින් ඇමරිකාව පුරා යතුරුපැදියෙන් කළ සංචාරයට පෙරාතුව දෙදෙනා අතර ඇතිවන එකඟතාවයක් වන්නේ දෙදෙනාම ගමන පුරා සටහන් පවත්වාගත යුතු බවයි. මෙයින් චේගේ යතුරුපැදි දිනපොත මේ වන විටත් සිංහලෙන් පළව හමාරය .චේ සමග සංචාරයෙහි යනු ඇල්බර්ටෝ ග්‍රනාඩෝ ගේ දින සටහන් පෙළයි. මෙය හුදු මිතුර සංචාරක සටහන් පෙළක් පමණක් නොව ලෝක ඉතිහාසය වෙනස් කිරීමට මැදිහත් වුණ දැවැන්ත චරිතයක හැඩගැස්ම පිළිබඳ විග්‍රහ කෙරෙන කෘතියකි . එසේම මෙය සූරා කෑමට ලක් වූ මිනිසුන් හා සූරාකෑමේ දේශපාලනය ගැන මෙන්ම මානව දයාවෙන් ඇළලී ගිය තාරුණ්‍ය උද්වේගී සහ අවංක මැදිහත්වීමක් ගැනද කෙරෙන  විග්‍රහයකි .

Quantity :
Compare

Traveling with che guevara – Alberto granado

Che samaga sancharayehi

පරිවර්තනය : චූලානන්ද සමරනායක  – Chulananda samaranayake

ප්‍රකාශනය : විදර්ශනා ප්‍රකාශකයෝ – vidarshana publishers

 

 

 

 

Weight .309 kg
Loading...