Best Seller

ගැටී

Availability: In stock

Original price was: Rs. 860.Current price is: Rs. 688.

ක්‍රිස්තු වර්ෂ 1203 දී නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි  බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය වන ජෙරුසෙලම වන්දනා කිරීමට පිටත්ව යති. හදිසි අනතුරු, සතුරු උපද්‍රව අනපේක්ෂිත සිදුවීම් මැද මධ්‍යතන යුගයේ යුරෝපය සහ මැදපෙරදිග හරහා පාගමනින් අසුපිටින්, මුහුදින් සිදු කෙරෙන මේ දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම ඊට සහභාගී වූවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ.මුලු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැලමෙහෙවරකම් කරමින් කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නූගත් අවිහිංසක ගොවි දැරියක් වන ගැටී  ද  දෛවෝපගතව මේ වන්දනා ගමනට එක්වන්නීය. ඇයට ජෙරුසලමට ලඟාවීමට හැකි වේද?  ඇය උපන් වේල්සයේ හරිත වර්ණ සොඳුරු ගම් පියස සහ ඇගේ හදවත හිමි තරුණ නයිට්වරයා යළිත් දැකගැනීමට ඈට හැකියාවක් ලැබේ ද?

මෙය වැඩවසම්  සමාජ ආර්ථික ක්‍රමය ,ආගමික පසුබිම සහ කුරුස යුද්ධය මෙන්ම ආදරය, කරුණාව, පරිත්‍යාගය, රැවටීම වැනි පොදු මිනිස් ගුණාංග පිළිබඳ විචිත්‍ර දසුනක් පාඨක සිත් තුළ සිතුවම් කිරීමට සමත් සංවේදී කථාන්දරයක් වේ

Quantity :
Compare

Gatty’s Tale

Kevin Crossly – Holland

පරිවර්තනය : තුෂාර සුදසිංහ ජයවර්ධන

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

521 pages

 

 

Weight .521 kg
Loading...