Cart

Best Seller

එයාර්පෝර්ට්

Availability: In stock

Rs. 960

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ග මන් ක්‍ෂේත‍්‍රය පිළිබඳ පෙළපොතකි. ත‍්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ‍්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප‍්‍රිය නවකතාව බවට පත්විය.
දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපොළේත්, අව් වැසි හිම නොතකා කි‍්‍රයාත්මක වන ගුවන් යාත‍්‍රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා ? වෙනසක් නැති සේවාවන්හි නිරතවූවන්ගේ ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.
හැටේ දශකය අවසන බිහිවී ලොව පුරා ප‍්‍රචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනප‍්‍රියත්වයට පත්වූ සිනමාපටයක ප‍්‍රාරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමවූ අතර ඒ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත.

Quantity :
Compare

Airport

පරිවර්තනය : අජිත් නන්දන වික්‍රමාරච්චි

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

Weight .400 kg
Loading...