Cart

Best Seller

ඉවිලි ලිවිලි

Availability: In stock

Rs. 1,350

“එළිපහලියේ මහ අනෝරාවය. හත් දා අනෝරා කාලෙට ඇඟ හී ගඩු පිපෙන සිරිප්පාඩියේ එළියට බහින්නට හිතෙන්නේ නැත. පරණ කිරි හට්ටියකට පොල් කටු තුන හතරක් අඩුක් කර ලාම්පු තෙල් කුප්පියේ මූඩිය උස්සා තිරෙන් පෙරෙන තෙල් ඩිංගක් වක් කර ඇවිලූ ගිනි කබල අන්තිම සනීප ⁣ය.
ලිපේ මැටි මුට්ටියක ගොජ ගොජය ඇසේ. එහි තැම්බෙන්නේ ගේ ගාව වරකා ගහේ ගෙඩියකින් බේරා ගත් කොස් ඇට සහ ඉරි කැපූ චවු ය. බඩ පැලෙන්ඩ තැම්බුණු කොස් ඇට වාගේම පිටි බේරුණු චව් උලුප්පා ගත් පොල් එක්කලා කෑම එළිබහින්ඩ බැරි හිවුඩු පිපෙන වැහි කාලේ කම්මැලිකම අකා මකා දායි.
කුස්සියේ අහුමුල්ලක බතලයක් හෝ වියළි කොස් ඇට ඇත්නම් ඒවා ලිපට දමා පුළුස්සා ගැනීමද මේ වැහි කෑම කලාවේ අංග ය.
මෙහෙම දවසක අළු බේරුණු රත් අඟුරු උඩ කරවල කෑල්ලක්ද, තක්කාලි ගෙඩියක්ද තියා පුළුස්සා ගන්නේ මිරිස් ගලට වැඩැම්මීම සඳහා ය. ඒ අම්මාගේ රහ ලුණු මිරිස අඹරන්නට ය. අදත් වැහි කාලෙට අපේ කෑම කලාවේ මේ වගේ මතක හිතේ පිරෙන කොට මං වාගේම හැම මනුස්සයෙක්ම මතකෙ ආපස්සට රූටනවා ඇති. ඉවිලි ගැන ලිවිලි එහෙව් මිනිස්සුන්ට කෑම කලාවේ මතක අමතක නොවෙන්ඩමයි.

Quantity :
Compare
Categories: ,

Iwili liwili

ප්‍රකාශනය : කඩුල්ල ප්‍රකාශකයෝ

කතෘ :

Weight .403 kg
Loading...