Best Seller

ඉඳිකටු ඇස

Availability: In stock

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.

කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත් වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉදිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා  වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි.
ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්ගැන්වූ ව්‍යාජයක් මඟින් මිත්‍ර පාක්ෂිකයෝ තම සැබෑ ආක්‍රමණ සැලසුම සඟවා තිබිණි. සතුරු ඔත්තු කරුවෙකු විසින් සත්‍යය සොයාගනු ලැබුවහොත් ඔවුන්ගේ සැලසුම් විනාශ වී යනු ඇත. ඉඳිකටුව හරියටම කරන්නේ ද එය යි. බ්‍රිතාන්‍යයේ හමුදා බුද්ධි තොරතුරු ආයතනයේ එක් අංශයක් වූ M15 අංශය විසින් ලුහුබඳිනු ලැබ, තමා එනතුරු පමා වෙන U-බෝට්ටුවක් කරා ළඟා වීමට හේ බ්‍රිතාන්‍යය හරහා යන්නේ මිනීමැරුම්වලින් සලකුණු කෙරෙන මාර්ගයක් ඔස්සේ ය. එහෙත්, කුණාටුවකින් බැට කන දූපතක දී අපූරු තරුණ කාන්තාවක් හමු වීමට ඔහු සැලසුම් කර තිබුණේ නැත…
ඉඳිකටු ඇස, දෙවැනි ලෝක යුද්ධයේ ඉරණම තම දෑත් මත රඳවාගෙන සිටින චර පුරුෂයෙකු, ඔහුගේ විරුද්ධවාදියා සහ නිර්භීත කාන්තාවක ගැන ලියැවුණු, හදවතේ ගැස්ම ඉහළ නංවමින් සිත උද්දීපනය කරන, කුතුහලය, අවිනිශ්චිත භාවය හා ත්‍රාසය කැටිවුණු කතාවකි.
Quantity :
Compare

idikatu esa

KEN FOLLETT

Weight .250 kg
Loading...