ඉනික්බිති පැමිණියේ අඳුරු සමයයි
Availability:
In stock
Rs. 800 Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
ආක්‍රමණික හමුදාවක පැමිණීම හේතුවෙන් පුදුමයට පත් වූ කුඩා, ස්කැන්ඩිනේවියානු වෙරළබඩ නගරයකි. ඊට දක්වන්නේ සුළු ප්‍රතිරෝධයක් පමණි. ආක්‍රමණිකයන් හට එම නගරය වැදගත් වන්නේ එහි විශාල ගල්අඟුරු පතලක් හා ඊට යාබදව වරායක් ද වූ බැවිනි. ආක්‍රමණික බළ ඇණියේ ප්‍රධානියා වන කර්නල් ලාන්සර්, සිය කාර්යමණ්ඩලය සමඟ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සහ ජනයාගේ ආදරය දිනා ගත් නගරාධිපති ඕර්ඩන්ගේ නිවසේ තම මූලස්ථානය ස්ථාපිත කරයි.
ජනතාව තවමත් මව්ත වී සිටියත්, පරාජය බාරගෙන නොමැත. ඔවුන්ගේ නිදහස සඳහා වූ ආශාව නොබිඳී පවතින අතර, නිහඬ විරෝධය කෙමෙන් ඉහළ යමින් පවතී. ආක්‍රමණිකයන් අතර සැකය පැතිරෙයි. ජනතාවගේ දෛනික ජීවිතය තීරණය කරන්නේ ඔවුන්ය. අනෙක් අතට, ආක්‍රමණිකයන්ගේ හමුදාවටත් සිය මෙහෙවර ඒ හා සමානව පැහැදිලි වූවත්, සොල්දාදුවන් ලෙස, ඔවුන් නියෝග පිළිපැදිය යුතුය.
මෙය විස්මයජනක බලයකින් සහ පොහොසත් මනුෂ්‍යත්වයකින් යුතුව සිටින පීඩිත ජනතාවගේ ධෛර්යයත්, විරෝධතාවත්, ආතතිය යටතේ ඇති මානව ගරුත්වයත් පිළිබඳ කියැවෙන ශ්‍රේෂ්ඨ කෙටි නවකතාවකි.
Compare