abilekana shapa pata
කතෘ ටී ජී කුලතුංග
පැරණි සිංහල සමාජයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වූ සෙල්ලිපි වලින් වැඩි කොටසක් ලියා ඇත්තේ කෙතක් හෝ වැවක් හෝ අරමක් සඟසතු කොට පිදු බව කියා පෑමටයි.එසේ සඟ සතු කෙරුණු ප්‍රදානය චිරාත් කාලයක් ආරක්ෂා කොට තබා ගැනීමටද සෙල් ලිපි ලියූවෝ උනන්දු වූහ.
සාංඝික දේපළ අයථා පරිහරණය කරන්නන් මතු දුක්ඛිත ජීවිත ලබන බැවින් ඉන් වැළකිය යුතු බව කියා පෑම ඒ සඳහා අනුගමනය කළ එක් ක්‍රියාමාර්ගයකි.එසේ නොවළකින්නන්ට ශාප කිරීමක් ද මෙබඳු ලිපි වල දැකිය හැකිය.මෙය වූ කලී පැරණි ශ්‍රී ලාංකිකයන් අනුගමනය කළ සමාජ පාලන මාර්ගයක්ද වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අධිපති මහාචාර්ය කුලතුංගයන්ගේ මෙම කෘතිය එබඳු සමාජ පාලන ශාප පාඨ පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයකි.