Out of Africa – Karen Blixen
පරිවර්තනය : ඉන්ද්‍රානි කරුණාරත්න – Indrani karunarathne
ප්‍රකාශනය – අපූරු පොත් – Apuru poth
සුදු පැහැති වෙරළට ගුවන් යානය බැස්සවූ අප ගිනියම් වැලි තලාව මත ගුවන් යානයේ තටුව සෙවනේ කෑම කෑවෙමු.තටුව යටින් පිටට දිගු කළ අතක් පිලිස්සෙන තරම් ය. ඊතර් මත ගිල්ලවා සිසිල් කරගෙන ආ අපේ බීර බෝතල් පැය කාලක් යනවිට මේ දැන් වත්කළ තේ කෝප්පයක් තරම් උණුසුම් ය.
අප ආහාර ගනිමින් සිටියදී සිතිජය අතරින් මතු වූ අදුරු රූප කීපයක් ඉක්මන් ගමනින් අප දෙසට එනු පෙනුණි. ඒ මසාය්වරුය. ගුවන් යානය ගොඩ බානු ඈත සිටියදී දැක ඇති ඔවුන් එය පරීක්ශා කරන්න ට එනවා විය යුතුය. මසාය්වරු මේ ගිනිකන උනුසුම ගනනකට නොගනිති. අදුරු කහ පැහැ වැල්ල මත දිගු පියවර තබමින් කෙසග උස නිරුවත් සිරුරැති මිනිසුන් ආවේ එක පේලියකට ය. එකා පිටුපස එකා බැගින් එන ඔවුන් අතැති ආයුද හිරු එළියට දිලිසෙය්.දෙපා මුලට වැටුනු අදුරැ සෙවනැලි ඔවුන් සමගම ඉදිරියට ඇදෙය්.අපත් ඔවුනුත් ගුවන් යානයත් හැරුණුවිට සෙවනැලි තනන කිසිවක් සිතිජය දක්වාම පෙනෙන්නට නැත.
Out of Africa – Karen Blixen
පරිවර්තනය : ඉන්ද්‍රානි කරුණාරත්න – Indrani karunarathne
ප්‍රකාශනය – අපූරු පොත් – Apuru poth
Weight | .308 kg |
---|
Reviews
There are no reviews yet.