Best Seller

සියවසකට පෙර ලංකාවේ සංචාරයක්

Availability: Out of stock

Original price was: Rs. 900.Current price is: Rs. 720.

19 වැනි සියවසේ ලංකාව බ්‍රිතාන්‍ය වැසියන් අතර ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ අතර, ක්ලෙයා රෙටී 1920 දශකයේ අග භාගයේ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ලේඛිකාවකි. මෙරට සංස්කෘතිය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳුමට ආශාවෙන් පැමිණි ඇය දිවයිනේ සෑම ඉසව්වකම දීර්ඝ සංචාර වල නිරත වූ අතර සියුම් නිරීක්ෂණ ශක්තියකින් යුතුව ලාංකීය සමාජ ව්‍යුහය, සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් දෙස ආදරයෙන් සහ ගෞරවයෙන් බැලූ ලේඛිකාවකි. ඇගේ විචිත්‍රවත් ගද්‍ය ලේඛන විලාසය හේතුවෙන් 20 වැනි සිය වසේ මුල් භාගයේ ලංකාවේ සමාජයීය හා සංස්කෘතික පසුබිම වර්තමාන පාඨකයාට ස්මරණය කළ හැකිය. ඇය තම කෘතියේ පෞද්ගලික අත්දැකීම් මෙන්ම ලංකාවේ තානායම්වල ගත කළ සමයේ අත්විඳි රසවත් මෙන්ම දුෂ්කර අත්දැකීම් ද සටහන් කර ඇත. පරිච්ඡේද 14 කින් සමන්විත මෙම කෘතියෙන් කොළඹ, ගාල්ල, මාතර, නුවර එළිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, ශ්‍රී පාදස්ථානය ඌව පළාත සහ පැරණි නටබුන් නගර මෙන්ම තේ වතු ආශ්‍රිත ජීවිතය පිළිබඳව ද එකල ලංකාවේ පැවති ස්වාභාවික පරිසරය, ඝන වනාන්තර, මීදුමෙන් වැසුණු කඳුකරය මෙන්ම වෙරළබඩ නගර සහ ග්‍රාමීය ජිවිතය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අනාවරණ කෙරේ.
ඇය මෙම කෘතිය රචනා කර ඇත්තේ එකල බ්‍රිතාන්‍යයේ සුප්‍රකට “Things Seen” නමැති සංචාරක කෘති මාලාව සඳහාය. මෙම කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1929 වසරේ ලන්ඩනයේ Seeley, Service Co. ආයතනය මගිනි. ඒ අනුව ඇය එකල ප්‍රකට ප්‍රකාශන ආයතනයක් සඳහා නිල වශයෙන් සංචාරක සටහන් සැපයූ දක්ෂ ලේඛිකාවක වූ බැව් පෙනේ. ඇය ගැන වැඩිදුර තොරතුරු මෙම කෘතියේ හෝ අන්තර්ජාලයේ හෝ නොමැත.

Out of stock

Compare

siyawasakata pera lankawe sancharayak

පරිවර්තනය : ප්‍රියයන්ජන් සුරේෂ් ද සිල්වා

pages 176

Weight .150 kg
Loading...