ආරියා
Availability:
In stock
Rs. 2,000 Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
වර්ෂ 1953 දී ඉරානයේ ටෙහෙරානයේ වාසය කරන බෙහෙරුශ් නම් ට්රක්රථ රියැදුරාට එක් රාත්‍රියක ද වීදියක අතහැර දමා ගිය බිලිඳියක් හමුවෙයි. කොළ නිල් පැහැ දෑසකට හිමිකම් කියූ ඇය ඔහුගේ දිවියට කෙතරම් නම් බලපෑමක් සිදුකරනු ඇතැදැයි ඔහු නොදැන සිටියේ ය. ආරීයා නම් පිරිමි නමක් ලබන ඇය මව්වරු තිදෙනෙක් අතර දෝලනය වෙයි. පළමු මව ඇයට කෲර ලෙස සලකයි. ධනවත් වැන්දඹු දෙවැනි මව ඇයට රැකවරණය ලබාදෙන නමුත් ආදරය දීමට අපොහොසත් වෙයි. දුගී බවෙන් පීඩිත තෙවැනි මව ඇය ජීවිතය යැයි එතෙක් වටහාගෙන තිබූ දේ සුනු විසුනු කර දමයි.
මේ අතර 1979 දී ටෙහෙරානය කලඹමින් විප්ලවීය අරගලයකින් රජුන්ගෙත් රජු ලෙස විරුදාවලී ලත් ෂා පලවා හැර අයතොල්ලා කොමෙයිනි බලයට පැමිණ ඔවුන් සියලු දෙනාගේත් දේශයෙත් ඉරණම සදහටම තීන්දු කරයි.
ඉරාන විප්ලවය බසුබිම් කරගත් ආරියා නම් වූ මේ විශිෂ්ට නවකතාව ප්‍රේමය, විප්ලවය, පීඩිතබව, අපේක්ෂා, පාවාදීම් කැටි කරගත් ගැඹුරු මිනිස් සබඳතා පිළිබඳ පාඨක සිත් සසල කරවන රසාලිත්ප කතාන්දරයකි.
Compare