අරුණ් තිවාරි
ඒ. පී.ජේ. අබ්දුල් කලාම්ගේ චරිතාපදානය
පරිවර්තනය
දිලිනි අයේෂා සුබසිංහ
pages 237
ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය “අග්නි පියාපත්”ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ.
වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ “මිසයිල මිනිසා” ගේ ජීවන අන්දරය මෙහි විස්තර කෙරේ.
ශ්‍රේෂ්ඨත්වයට පත්වීම ඇරඹෙන්නේ ඉතා ම කුඩා පියවරකින් බවත්, සාර්ථකත්වය සඳහා අඛණ්ඩ ව උත්සාහ කළ යුතු බවත්, දිළිඳු ගම්බද දරුවකු දුටු සිහිනයකින් මුළු මහත් ජාතියේ ම සිතුවිලිවලට පියාපත් දිය හැකි බවත් කලාම්ගේ ස්වයං චරිතාපදානයෙන් සිංහල පාඨක අප හට ගත හැකි මහඟු ආදර්ශ වේ.
අරුණ් තිවාරි
ඒ. පී.ජේ. අබ්දුල් කලාම්ගේ චරිතාපදානය
පරිවර්තනය
දිලිනි අයේෂා සුබසිංහ
pages 237
| Weight | .150 kg |
|---|