Shop
විපල්ලාස සංකල්පය
Rs. 2,430
රාජ්‍ය සාහිත්‍ය සම්මානය (2016) - “සංශයවාදය, ඥානයෙහි සීමා සහ බුදුදහම” රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත (2017) - “දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය” ආදී ග්රන්ථයන්හි රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ඉතා වැදගත් ග්රන්ථ, ලිපි ලේඛන හා සම්මන්ත්රණ පත්‍රිකා ගණනාවක් පලකොට ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ මහතාගේ නවතම කෘතිය “විපල්ලාස සංකල්පයට දාර්ශනික හා මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් ” යන්න...
ලොවේ වැජඹෙන කලාව -Think and Grow Rich
Rs. 1,120
සාර්ථකත්වයට පත් නොවූවන් තුළ පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වෙයි. එනම් ඔවුහු අසාර්ථකත්වයට පත්වීමේ සියලු හේතු දනිති. එමෙන්ම ඔවුහු තම ජයග්රහණයන් වැළැක්වීමට බලපෑ නොහැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති. මෙම නොහැකියාවන්ගෙන් සමහරක් පැහැදිලිය. එයින් කිහිපයක් සත්‍ය මගින් සාධාරණය කළ හැකිය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නොහැකියාවන් පැවසීම පළක් නොවේ. ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි, ඒ ඔබ...
සාර්ථක වන්නේ මෙහෙමයි
Rs. 1,160
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි? "සාර්ථක වන්නේ මෙහෙමයි" නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා...
සිහිනුවණින් කල් ගෙවන්න
Rs. 1,125
"භාවනාවේ යෙදී සිටිය දී සිත සබුද්ධික සිතුවිලිවලින් ඉවත්වන විට ඒ හිඩැස පුරවන්නට අඥාන සිතුවිලි සිත තුළට රිංගා ගනී. එම රිංගා ගන්නේම හරයක් නැති සිතුවිල්ලක් මිස හොඳ හෝ නොහොඳ තෝරා බේරාගෙන ඇතුල් වෙන ඒවා නොවේ.එය හරියට ඔබ මානසික වශයෙන් හැම දෙයක්ම එපා වී වෙහෙසට පත් වී සිටින විටෙක ඔබ කැමතිම රූපවාහිනී වැඩසටහනක් නරඹන්නට අදහස් කරනවා වගේ්.ඔබ එසේ කරන්නේ කාලය කෙසේ හෝ...
පෙනේරයක ලූ මල් පැණි
Rs. 765
'පෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දයගේ ප්‍රථම නවකතාවයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය.කාර්මීකරණයෙ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදුවූ වෙනස්කම් සමගින් ගලායන මේ කතාව පොදු මනුෂ්‍ය ගති ලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන සරල බසකින් පරිවර්තිත මෙම නවකතාව ඉතිහාසයේ එක් සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ජීවන...
වැඩ කිරීමේ සතුට
Rs. 880
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවනුයේ වැඩවල නිරත වීම සඳහාය. එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවන් මරණය හා බදු ගෙවීම් වැනි අප්‍රිය, කරදරකාරී එමෙන්ම ඒකාකාරී වූ ඒවා හා හැඟෙයි. රැකියාව වෙහෙස ගෙන දෙයි. මීට හේතුව වන්නේ මොනවද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි. සතුටින් වැඩ කළ හැකිනම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වෙයි මේ පොත ඒ සඳහා...
ආදරයේ භාෂා
Rs. 784
විවාහකයන් දුරස් කරවන ආදරයේ "භාෂා 5" සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේද ආචාර්ය ගැරී චැප්මන් විසිනි.එකිනෙකාගේ හැඟීම් හා අවශ්‍යතාවයන් වටහාගෙන අඹුසැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ සැබෑ ජීවිතයද උදාහරණයට ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැඟීම් හා අවශ්‍යතා මැනවින් තේරුම්ගෙන ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණුද මෙහි ඇතුළත්...
කාඕ යු -පාඕ
Rs. 640
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්‍යයේ කුරිරු අත්තනෝමතික පාලනයට චීනයේ විශාල භූමි ප්‍රමාණයක් ගොදුරු විය.එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසා දරා ගත නොහැකි විණි.එම ඛේදවාචකය දුගී ගැමි දරුවෙකු වූ කාඕ යූ -පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසලෙන අයුරින් මෙම කතාවට ගෙති ඇත.අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනි පුපුරු දල්වන අයෝමය ශක්තියක් බව...
පිසාචයෝ
Rs. 1,485
ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටි. අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට...
පියෙකුගේ කතාවක්
Rs. 855
ලයනල් ඩාමර්ගේ ගේ දරුවා වසර එකොළහක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේය. අදුරි කාමර තුළ සිරකොට වදදී අතපය වෙන්කොට මරා දැමුවේය. ඇමරිකාවේ මිල්වෝකි හි නිවෙස් අහිංසක දෙමව්පියන්ගේ විලාප හඬින් පිරවිය. ලයනල් ඩාමර්ගේ බිඳුනු හදවතින් ගලා ආ කඳුළු අකුරු වෙවුලන වචන පේළිවල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමග ඔබේ හිත සුසර වූ තැනේදී ඔබේ දෑස් බොඳ වනු ඇති බව මම...
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
Rs. 1,620
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්රමවේදයත් නිසාය.' 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී...
මල්ගුඩියේ මිනී කන්නා
Rs. 1,080
ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්රහ කරයි."මල්ගුඩියේ මිනීකන්නා" නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින්...
ලංකාවේ සියවසක්
Rs. 680
"ලංකාවේ සියවසක්" ඉතිහාස ග්රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
ඈන් දුටු වසත් සිහිනය
Rs. 1,040
ඈන් බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ සිහින මල්ඵල නෙළා ගැනීමට අධිෂ්ඨානශීලීව කැපවෙන සොඳුරු සිතැත්තියකි. මේ ඇගේ දිවියේ වසන්ත සමයයි. ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද? ඒවා සැබෑ කර ගැනීමට ඇයට හැකිවේද?
පේපර් මින්ට්
Rs. 765
"මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?" "හදවතින්.." "ඒ ගැන කියන්න." හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නොවෙයි. අපේ හදවත මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපට රිදවලා තියෙනවා ගොඩක්.රිදුම් එන්නේ කොතනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ. හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතුව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්...
කාලය අවකාශය තුළ මාක්ස්වාදය
Rs. 1,080
විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක්‍රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප්‍රකාර අනුව විශ්වයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක්‍රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන්...
කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධනය
Rs. 720
මේ කෘතිය ඔස්සේ චමිල් ජයනෙත්ති අප වෙත ගෙන එන්නේ ජර්මනියේ යේනා (Jena) විශ්වවිද්‍යාලයට කාල් මාක්ස් ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. මාක්ස්ගේ රචනා සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ හැදෑරීමක් ඇති සිංහල පාඨක පිරිසට පවා ආචාර්ය කාල් මාක්ස් යන යෙදුමට සාපේක්ෂව ද මෙය නුහුරු කෘතියකි. මාක්ස් සිය ආචාර්ය උපාධි නිබන්ධය මුල්වරට ජර්මානු භාෂාවෙන් 1841 වසරේදී පළ කරන විට ඔහුගේ වයස අවුරුදු 23කි. මාක්ස්...
පුදසිරිත් සහ රාජකාරි
Rs. 585
ඕමල්පේ සිරි සීලානන්ද හිමිපාණන් වහන්සේ විසින් ලියා ඇති "ශ්‍රී පාද වංශය පුද සිරිත් හා රාජකාරී" නමැති මේ පොත ඉතා සාගර්භ කෘතියක් සේ හඳුන්වා දිය හැකිය. එසේ වීමට මූලික හේතු කීපයක පළමුවැන්න මෙහි ඇතුළත් හැම කරුණක්ම කතු හිමියන් අත්දැකීමෙන්ම පසක් කොටගත් කරුණුයි. 1971 සිට සිත් තිස් අවුරුද්දක්ම ගල්පොත්තාවල ශ්‍රීපාද විහාරස්ථානයෙහි වැඩ වසමින් පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව සුමන සමන් දෙවි රුව...
දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසින් අතර ලිපි ගනුදෙනු
Rs. 722
පෘතුගීසින් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශවයට එරෙහිව දියත් කරන ලද යුධමය උපාය මාර්ගයක් මෙම ලිපිවලින් අනාවරණය වේ. දාහත් වැනි සියවස මැද භාගයේ දී ලංකාවේ ඉතිහාස කතාවෙහි සංශිප්තව ඉදිරිපත් කෙරෙන පිවිසුම් මාලාවට මූලාශ්‍ර වූ මෙම කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළවනුයේ ප්‍රථම වතාවටය. ලිපි වල අන්තර්ගතය විස්තරණය කරනු පිණිස 1672 වර්ෂයේ...
ලංකා ඉතිහාසයේ රස මුසු සිදුවීම්
Rs. 722
අප රට යටත් විජිතයක්ව පැවති වකවානුවේ ඉංග්‍රීසි ජාතික රාජ්‍ය නිලධාරියකු ලෙස මෙහි සේවය කළ R H Bassette විසින් ස්වදේශිකයන්ගෙන් අසා ගත් ජනප්‍රවාද මෙන්ම ඉතිහාසය වාර්තාගත කරුණු ද රසාත්මක අයුරින් සම්මිශ්‍රණය කරමින් සිත් ගන්නා ප්‍රබන්ධ 12ක් Romance Ceylon නමින් මෙහි මුල් කෘතිය පළ කරන ලද්දේ මීට වසර සියයකටත් ඉහතදීය. සිංහලයින්ගේ මූලාරම්භයෙන් සිය සංස්කෘතියට පිවිසෙන කතුවරයා සියවසකට පෙර අපේ රටෙහි ඔහු සියැසින්...
වසිලීස්සත් ඔයත් මමත්
Rs. 425
රෑට නැති නුවණ - උදේට පහල වෙන වග කියා නිදාගන්නට ගිය නුවණක්කාර වසිලිස්සා කියන්නට පුළුවන්ද ඉතින් පළමු හිරු එළියේදී පහළ වුණාද ඔයාට ප්‍රේමය අත්හරින නුවණ? හැකි වුණාද ඔහුව සොයාගෙන නොගිහින් ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න...
දෙවත
Rs. 480
මට මේවා උහුලන්න බැහැ නොනේ..තමන් පියෙක් වුනු දවසට තේරේවි දරු දුක.කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියල දෙයක් නැහැ නෙව..වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහල බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේය.කුඩා දවසේදීත් කොයිතරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේය.සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේ වලින් පුරවයි.අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි.දරුවන් වෙනුවෙන් ඒ තරමටම නැහුන...
රජ බිසවකගේ පාපොච්චාරනය (2 වන කොටස )
Rs. 1,184
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
ශ්‍රී ලංකාවේ යාචකයා
Rs. 1,062
මහාචාර්ය නන්දසේන රතනපාල යාචකයෙක් වී සෑහෙන කාලයක් ගත කළ බව ප්‍රකට වූ විට අපේ රට පුරාම බලවත් උනන්දුවක් පහළ විය.එබඳු කටයුත්තක් අපේ රටේ කිසිම අයෙකු විසින් මින් පෙර නොකොට තිබූ නිසා මේ පරීක්ෂණයේදී දෙවැනි යුගයේදී මටත් පරීක්ෂණ ක්ෂේත්රයට ගොස් මහාචාර්යවරයාට සහාය වීමට ඉඩ ලැබිණ. අප ඉන් ලත් දැනීමත්, ආශ්වාදයත් ඉතා මහත්තය. අප පමණක් නොව එකල විද්යෝද විශ්ව විද්‍යාලයෙන් උගත් ශිෂ්‍ය...
විසඹසර
Rs. 1,400
"රැලි සරැලි නගමින් නිහඬව ගලා යන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය.මල්වරවීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය ඇය හෙළන කඳුළු රැගෙන අද ද නිහඬව රැලි සරැලි නගමින් ගලා යනු ඇය ශෝකයෙන් බලා සිටියාය."
ඒ අපූරු මග
Rs. 640
ජීවිතයේ සැබෑ සතුට මෙයයි එනම් දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැපවී වෙහෙසීමයි. ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සැබෑ බලවේගයක් බවට පත්වීමයි.. මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මාගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක් නිසාදයත් මා හොඳින් ජීවත් වන බව දැනෙන්නේ මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි, මට...
යටි සිත 2: සිතීමෙන් සුවය, ධනය සහ සතුට අත්කර ගමු
Rs. 1,200
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධව වසර හතළිහකට වැඩි කාලයක නවමු පරීක්ෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆිගේ් ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා යටි සිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරේ. මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කිහිපයක් නම් කනස්සල්ල බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු...
යටි සිත: ඔබගේ විස්මිත මෙහෙකරු
Rs. 1,160
ස්වයංවර්ධනය සහ ස්වයංසාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මයජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනෙක ඉටු කරගත නොහැකි යැයි පෙනෙන විශාල හා දුෂ්කරතාවයන් හුදෙක් තම යටි සිතේ විශ්මිත බලය...
බීර සුවඳැති හාදු
Rs. 882
මේ පොළොව මත ජීවත්වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය.මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි. තනිකම ඇබ්බෙහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුනේ නැත. අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන්...
සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය
Rs. 637
සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයෙකු පමණක්ම නොවේ,ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු බලවේගයකි. වරෙක අතීත ඇදහීමක ශේෂයක්ද සංක්‍රමණිකයකු, මළගිය ඥාතියෙකු ,පරාජයට පත් වූ ජන ප්‍රධානියකු බවටද පත්වෙන ඔහු ආක්රමණික ජනතාවගේ ශරීර වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණයද ලබා ගන්නේය. සිංහල සමාජයේ ඇදහීම් වල දේවත්වයට මුල් තැන් හිමිවෙද්දී යක්ෂයන් එයට පහත් ස්තරයක වඩාත් විශාල පරාසයක පැතිර පවත්නා බව ජනශ්රැති, සංස්කෘතික සහ...
මායාරංජන් කෘති එකතුව
Rs. 1,350
සම්පූර්ණ පොත් කට්ටලය මගේ රාජ්‍යය පිටිසර මිනිස්සු අපේ රාජ්‍යය දිගාමඩුල්ලේ ආශ්චර්ය
මහ සයුර ගිනි ගනී
Rs. 1,692
තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට KGB ප්‍රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග්‍ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, KGB ප්‍රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග...
දෙවොලක ඉරණම (ෆිලේ)
Rs. 1,184
ඊජිප්තුවේ අස්වාන්හි පිහිටි අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර පාත්රවන ෆිලේ දෙවොලේ කතාව දෙවොලක ඉරණම "අමතක කරන්න අප අතර තිබෙන සටන.අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම.හැසිරෙන්න සහෝදරයෙකු මෙන්,සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස" -තියඩෝර්- "කිසිවක්ම අප වෙන් කරන්නේ නැහැ. ඒත්... සියල්ල අප වෙන් කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන...
වන ගුල්මයෙන් පලා පැහැයත් – සරදාකාසයෙන් දිලිසුමත්
Rs. 382
අපි එයාට ඉස්සෙල්ලම නම තිබ්බෙ 'බිඳුණමත් මිහිරි පබළු කැට' කියලා. ඒ දවස් වසංගත දවස්. කොවිඩ් 19. පණ්ඩිතකමට අපි දෙන්නම හැසිරුණේ මිහිරි පබළු කැට වගේ. වසංගත දවස් ඉවර වෙලා සූරිය කිරණකින් නෑවි නෑවි ඉන්න අතරෙ අපි එයාට, 'මුදා හළ තඹර පැහැ කෙහෙරැල්ලක සිපුමක් සුසුමක්' කියලා කිව්වා. ඒ දවස්වල රෝසා කොණ්ඩෙ නෙළුම් මල් පාටින් පාට කරලා, මනාලියක් වෙන්න හීන මවමිනුයි හිටියෙ. මම...
කඳු රැළි
Rs. 882
මහනුවර දෙවන රාජ්‍යසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව සෙංකඩගල රාජ්‍ය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී නිල්ගලදී ඝාතනය වූ ගාලු කොටුවේ පළමුවන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කෝස්ටර්ගේ දරුවෙකු ඉන් වසර විස්සකට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙති ඇත.විලියම් කෝස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය...
න ගච්චති
Rs. 882
1805 -1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදුවූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශවයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මේරට කෲරතම රජකුලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැංගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කර ගනිමිනි.මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසියෙන්ගෙන්ද ගොදුරක් බවට පත්වූ ආකාරය පිළිබඳ කතාවයි.කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ...
රජ බිසවකගේ පාපොච්චාරනය – (1 වන කොටස )
Rs. 1,160
"පාන් නැත්නම් කේක් කාපල්ලා” යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්රමුඛ වූ ̋ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින්...
ඇහැළ මලට දම් පාටක්
Rs. 1,080
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව ........................................................................................... "පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා." පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය. පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය. "The tree of Paramee...!" "මම පාරමී?" "ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ...