Hadawathata idadenna
Follow your Heart – Susanna Tamaro
පරිවර්තනය : නිපුනිකා ප්‍රනාන්දු – Nipunika fernando
ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශන – Subavi publishers
𝗧𝗛𝗘 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗕𝗘𝗦𝗧𝗦𝗘𝗟𝗟𝗘𝗥
මා මෙසේ ලියන්නේ ඒ අවිහිංසක කුඩා දරුවාට මිස පසුගිය අවුරුදු වල මා සමඟ ජීවත් වූ ආවේගශීලී තරුණියට නොවේ. අද උදෑසන ඔබට ලිවීම පිළිබඳ මේ අදහස මට දුන්නේ ඔබේ රෝස මලයි. ‘ඔබ ඇයට ලියුමක් ලියන්න’, මල පසු කරමින් යන විට මට මල පැවසුවේය. ඔබ සමුගන්නට පෙර ලියුම් නොලියන්නට අප අතර වූ පොරොන්දුව මට අමතක නැත. ඒ පොරොන්දුව මම රකිමි. මේ ලියුම් කිසිදිනෙක ඇමරිකාවට ඔබ සොයා ගිලෙන්නේ නැත. ඔබ යළි පැමිණෙන විට මා ජීවතුන් අතර නොවුනොත් මේ ලියුම් ඔබ පැමිණ තෙක් බලා සිටිවි.
………………………………………………………………………
සුසන්නා තමාරෝ විසින් කෘති රැසක් රචනා කර ඇත. ඒ අතරට රටවල් හතළිහක් පුරා පොත් මිලියන දාසයක ටත් වඩා අලෙවි වූ follow your heart කෘතිය ද ඇතුළත්ය .සරලත්වය දාර්ශනික ඥානය සමඟ සමඟ මුසු කරමින් කියවන්නාගේ ජීවිතය ස්පර්ශ කිරීමේ හැකියාව මේ කෘතියේ විශේෂත්වයයි. මේ කෘතියේ එක් තැනකදී හෝ ඔබට ඔබව මුණ ගැසෙනවා නොඅනුමානය .
………………………………………………………………………
තම මරණය පෙනි පෙනී ජීවත්වන වියපත් මිත්තණියක් විසින් මිත්තණියක් විසින් ඇමරිකාවේ ජීවත්වන තම මිනිබිරියට ලිපි ලිවීමට පටන් ගනියි. පරම්පරා ඝට්ටනය මානව සම්බන්ධතාවල ඇති සංකීර්ණ ස්වභාවය ජීවිතයේ රස සහ නීරස තමන්ට ජීවිතයේ වැරදුණු සහ තම ජීවිතය බිඳ වැටීම් හරහා තමන් ජීවිතයට මුහුණ දුන් ආකාරය මිත්තණිය ඒ ලිපි මගින් මිනිබිරියට පවසන්නේ තමන්ට වඩා සාර්ථක ජීවිතයක් තෝරා ගැනීමට තම මිනිපිරියට පහසු වනු පිණිසය. මිත්තනිය මිණිබිරියට ලබාදෙන ප්‍රධාන අවවාදය වන්නේ ලෝකය සතුටු කරනු පිණිස තීරණ ගැනීමෙන් වැළකී ජීවිතයේ සෑම තැනකදීම තම හදවතට ඉඩ දෙන ලෙසය.
Hadawathata idadenna
Follow your Heart – Susanna Tamaro
පරිවර්තනය : නිපුනිකා ප්‍රනාන්දු – Nipunika fernando
ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශන – Subavi publishers
Weight | .168 kg |
---|