විසිවන සියවසේ සිංහල ගමක ජන ජීවිතය
A sinhalese village in sri lanka – Victoria j Baker
Sudu wathura ara gama
පරිවර්තනය : සමරසිංහ ගුණසේකර – Samarasinghe Gunasekara, රන්මිණි විතානගම – Ranmini vithanagama
ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ – Sunera publishers
විසිවන සියවසේ සිංහල ගමක ජන ජීවිතය
මොණරාගල දිස්ත්රික්කයේ , වනගත හුදෙකලා ගමක ,ගැමියන් තනා දුන් පැල්පතක ජීවත් වෙමින් ගමේ ගැමියන් ඇසුරු කරමින් එම ගමේ ගැමියන්ගේ දිවි පැවැත්ම පිළිබඳ අංග සම්පූර්ණ අධ්‍යයනයක් කළ මහාචාර්ය වික්ටෝරියා බේකර්ගේ A sinhalese village in sri lanka නම් විශිෂ්ට පර්යේෂණ කෘතිය සමරසිංහ ගුණසේකර හා රන්මිණි විතානගම විසින් සිංහලයට පරිවර්තනය කළ වගයි , සුදුවතුර ආර ගම ගැමියන්ගේ දිවිපැවැත්ම අළලා සම්පාදිත මෙම කෘතිය හුදෙක් එක් ගමක නොව විසි වන සියවසේ ශ්‍රී ලාංකික වැසියන්ගේ ජන ජීවිතය පිළිබඳ පරිපූර්ණ ජනවංශ විවරණයක් ලෙස හැඳින්විය හැකිය .
………………………………………………………………………
නිවසෙන් බැහැර යාමේදී මුණගැසෙන පළමු තැනැත්තා ද පෙර නිමිත්තක් වේ .නිදසුනක් ලෙස පෙරමගට භික්ෂුවක් හමුවීම අසුබ ලකුණකි .හිඟන්නෙකු මුණ ගැසීම සුබදායකය .කෙනකුගේ ජීවිතයේ වැදගත් අවස්ථා වලදී මෙවැනි පෙරනිමිති පාලනය කළ හැකිය .විවාහ වීම සඳහා යුවලක් පිටව යාමේ දී දිය පිරුණු කළයක් ගෙන යන කාන්තාවක් ඔවුන් දෙදෙනාට මුණගැසීමට සැලැස්විය හැකිය .එය සුබ දසුනකි .එසේම කෙනෙකුට අසුභ පෙර නිමිත්තක් දක්නට සිදු වූවොත් යම් කරුණක් සම්බන්ධයෙන් ලිත පරීක්ෂා කිරීමේ දී එයට අසුබ යැයි දක්වා තිබුණහොත් ඇඳ සිටින වස්ත්‍රයෙන් ම ළිඳට ගොස් ස්ථානය කළ යුතුය. ඉන් එම අසුභ බලපෑම ඉවත් වේ .
උපුටා ගැනීම පිටු අංක 111
………………………………………………………………………
කෙනෙකු ගමන් බිමන් යනවිට යම් කෙනෙකු හෝ දෙයක් තමන් පසු පස ගමන් කරන සෙයක් දැනුනහොත් ඒ කුමක්දැයි බැලීමට හිස පමණක් හැරවීම නොකළ යුතු බැව් පුංචිරාල පවසයි . තමා පසුපසින් ගමන් ගන්නේ භූතාත්මයක් හෝ යක්ෂයෙකු නම් ඔහු විසින් ඒ තැනැත්තාගේ ඔලුගෙඩිය අල්වා ගනු ඇත .එවිට ඔලුගෙඩිය ඒ අයුරින්ම පිටු පසට හැරී සවි වේ .එවැනි ඉරණමකට ගොදුරු වූවෙකුට හිස යළි හරවා ගැනීමට යකැදුරෙකුගේ පිහිට ඇවැසිවේ .තමා පිටුපසින් ගමන් ගන්නේ කවුරුන්දැයි දැන ගැනීමේ උවමනාව ඇත්තෙකුට සිය හිස වෙනුවට මුළු සිරුරම පිටු පසට හරවා විමසා බැලීමට පුංචිරාල උපදෙස් දෙයි .
උපුටා ගැනීම පිටු අංක 102
විසිවන සියවසේ සිංහල ගමක ජන ජීවිතය
A sinhalese village in sri lanka – Victoria j Baker
Sudu wathura ara gama
පරිවර්තනය : සමරසිංහ ගුණසේකර – Samarasinghe Gunasekara, රන්මිණි විතානගම – Ranmini vithanagama
ප්‍රකාශනය : සුනෙර ප්‍රකාශකයෝ – Sunera publishers
| Weight | .384 kg |
|---|