Cart

Best Seller

සිසිරයේ රැයක මගියෙකු… නම්

Availability: In stock

Rs. 495

ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදීය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතා කරුවන් අතර ඔහු ද අද ප්‍රබලයෙකි. ඔහුගේ නවකතා හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ “නියම මිනිසෙකි” යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති මේ නවකතාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්වතම නිර්මාණයකි.

මෙහිදී ඔබ ද නව කතාවේ චරිතයක් බවට පත්වේ.  ඊට අමතරව කතුවරයාද නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා නවකතාවේ ම චරිතයක් මෙනි. මේ නිසා නවකතාවෙන් ඉදිරිපත් කරති යැයි කියන යථාර්ථය ඉතා සියුම් ආකාරයෙන් යටින් හාරා බිඳ දමන බවත් පාඨකයාට හැඟෙන්නට පිළිවන. විටෙක මේ නවකතාවේ සුක්කානම කතුවරයා අතින් පාඨකයා අතට මාරු වන බවක්ද පෙනුනොත් කෙනෙකු ඉන් පුදුමයට පත්විය යුතු නැත.

ලෝකාවසානය අත ළඟ බව යම් හෙයකින් දැනගැනීමට ලැබුණොත් ඒ අවසාන පැය කිහිපය තුල කියවීම සඳහා තමා ළඟ තබා ගන්නේ , ඉතාලෝ කැල්විනෝගේ නවකතාවක් බව වරක් සල්මන් රුෂිඩි කියා ඇත.

Quantity :
Compare

sisraye rayaka magiyeku nam

if on a winter’s night a traveller – Italo Calvino

පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

පිටු : 304

Weight .353 kg
Loading...