Best Seller

සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය

Availability: In stock

Original price was: Rs. 750.Current price is: Rs. 637.

සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයෙකු පමණක්ම නොවේ,ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු බලවේගයකි. වරෙක අතීත ඇදහීමක ශේෂයක්ද සංක්‍රමණිකයකු, මළගිය ඥාතියෙකු ,පරාජයට පත් වූ ජන ප්‍රධානියකු බවටද පත්වෙන ඔහු ආක්‍රමණික ජනතාවගේ ශරීර වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණයද ලබා ගන්නේය.

සිංහල සමාජයේ ඇදහීම් වල දේවත්වයට මුල් තැන් හිමිවෙද්දී යක්ෂයන් එයට පහත් ස්තරයක වඩාත් විශාල පරාසයක පැතිර පවත්නා බව ජනශ්‍රැති, සංස්කෘතික සහ ආගමික විශ්වාස ඔස්සේ තහවුරු වන බවද පෙනී යයි.

යක්ෂයින්ගේ හැසිරීම්, ඇදහීම් ,ක්‍රියාකාරිත්වයන් ඔස්සේ සිදු කෙරුණු දීර්ඝ සමාජ පරීක්‍ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය කෘතිය මෙසේ පාඨක ප්‍රජාවට ඉදිරිපත් කෙරේ.

Quantity :
Compare

singhala wiswasa paddathiye ena yaksha sankalpaya

කතෘ : සේපාලි මායාදුන්නේ

pages 352

Weight .489 kg
Loading...