Best Seller

සපත්තුවා

Availability: In stock

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.

Reebok Global Brand එකක් වීමේ නොදන්නා කතාව

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී සහ දීප්තිමත් ව්‍යවසායකයන්ටත්, ව්‍යාපාරික නායකයන්ටත් ,Shoemaker කෘතියේ මෙම සුවිශේෂී සංස්කරණය මම තිළිණ කරන්නේ මහත්සන්තෝෂයකින්. බෝල්ටන්හි කුඩා කර්මාන්තශාලාවකින් ආරම්භ කළ ගෝලීය සන්නාමයක් දක්වා රීබොක් රැගෙන යාමේ මගේ කතන්දරය, අධිෂ්ඨානය, උත්සාහය සහ මහත් වෙහෙසින් සිහින හඹායාම ගැන කතන්දරයක්. නමුත් ඒ සියල්ලටම වඩා එය ව්‍යවසායකත්වය බලය ගැන සපථ කෙරෙන කතන්දරයක්. ඔබට දැක්මක්, අධිෂ්ඨානයක් සහ මහන්සි වී වැඩ කිරීමේ හැකියාවක් ඇත්නම් ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගත හැකිවාක් පමණක් නොව ලෝකය තුළ නොමැකෙන සටහනක් තැබිය හැකි බව කියැවෙන කතන්දරයක්.

ශ්‍රී ලංකාව තුළ ඔබට, ඉහළ ශිල්පීයේ නිපුණතාවයේ සම්ප්‍රදායක් සහ ජාත්‍යන්තරයේ නම සලකුණ තැබීමට අපේක්‍ෂාවෙන් බලා සිටින දක්ෂයන් සමූහයක් සිටිනවා. මෙම අලංකාර දිවයින තුළින් මීළඟ පෙරළිකාර ව්‍යාපාර සහ නවෝත්පාදන රැල්ල පැන නැගීමේ හැකියාව ඇති බව මම තදින්ම විශ්වාස කරන අතර,  මගේ කතාව ඔබේ ඒ ගමනට ආස්වාදයක් සහ ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇතැයි ද මා බලාපොරොත්තු වෙනවා.

ජෝ ෆෝස්ටර්
Reebok නිර්මාතෘ

Quantity :
Compare
Category:

sapaththuwa

shoe maker

pages 300

Weight .250 kg
Loading...