Cart

Best Seller

ශ්‍රී පාද වංශය

Availability: In stock

Rs. 585

ඕමල්පේ සිරි සීලානන්ද හිමිපාණන් වහන්සේ විසින් ලියා ඇති “ශ්‍රී පාද වංශය පුද සිරිත් හා රාජකාරී” නමැති මේ පොත ඉතා සාගර්භ කෘතියක් සේ හඳුන්වා දිය හැකිය. එසේ වීමට මූලික හේතු කීපයක

පළමුවැන්න මෙහි ඇතුළත් හැම කරුණක්ම කතු හිමියන් අත්දැකීමෙන්ම පසක් කොටගත් කරුණුයි. 1971 සිට සිත් තිස් අවුරුද්දක්ම ගල්පොත්තාවල ශ්‍රීපාද විහාරස්ථානයෙහි වැඩ වසමින් පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර වලට  අනුව සුමන සමන් දෙවි රුව රැක බලා ගනිමින් උන්වහන්සේ කළ මෙහෙය අනූපමේය. ඒ අත්දැකීම මෙරට වෙනත් කිසිදු භික්ෂූන් වහන්සේ නමකට නොලැබිණි.

දෙවැන්න මෙහි එන සමහර කරුණු  සිංහලයෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියූ වෙනත් කිසිදු පොතක හමු නොවේ. ශ්‍රී පාදස්ථානයෙහි නායක පදවිය හෙබවූ නාහිමිවරුන් පිළිබඳවත් ශ්‍රී පාදස්ථානය හා සම්බන්ධ රාජකාර පිළිබඳවත් ශ්‍රී පාදස්ථානය හා සම්බන්ධ රාජකාර පිළිබඳ තොරතුරු ඇතුළත් “කොමසාරිස් පොත” ගැන මෙහි එන තොරතුරු වෙනත් කිසිදු පොතක ඇතුළත් නොවේ.

තෙවැන්න මෙහි එන සමහර ජායාරූප අතිශය දුවලභය. එදා ප්‍රසිද්ධියට පත්ව සිටි අපේ නාහිමිවරුන් යළි මතකයට නගා ගැනීමට මේ ජායාරූප ඉවහල් වෙයි.

Quantity :
Compare

sri padawanshya

පුදසිරිත් සහ රාජකාරි
ඕමල්පේ සිරි සීලානන්ද හිමි

pages 229

Weight .320 kg
Loading...