Best Seller

විසුවියස් විදාරණය හෙවත් පොම්පියා නගරයේ විනාශය

Availability: In stock

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.

ශ්‍රීමත් එඩ්වඩ් බුල්ව ලිට්න් විසින් 1834 දී පළ කරන ලද මෙම කෘතිය ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයකි.ක්‍රිස්තු වර්ෂ 19 අගෝස්තු 24 වැනිදා දහවල් කාලයේ ඉතාලියේ පොම්පියානගරයේ අසළ වූ විසුවියස් ගිනිකන්ද පිපිරීමෙන් වූ අතිමහත් විනාශය මේ කතාවට පසු බිම් වී ඇත . වර්ෂ දහස් ගණනක් තිස්සේ ගිනිකන්ද තුළ ඒකකාශී වූ අති බිහිසුණු බලය විදාරණය වී දහවල මධ්‍යම රාත්‍රිය මෙන් ඝන අන්ධකාරයෙන් වැසුණ පැය කීපයක් පුරා උකු ලාවා උණු වූ මහා ගල් ගෙඩි සහ උණු ධූවිලි මහෝගයකින් පොම්පියා හර්කියුලේනියම් සහ ස්ටැබියා යන නගර මුළුමනින්ම වැසී ජීවිත දහස් ගණනක් විනාශ වී ගියේය.

1748 දී පුරාවිද්‍යා කැණීම්වලින් පොම්පියා නුවර විස්මයජනක ශ්‍රී විභූතිය හෙළිවන්නට විය.1832 දී එහි ගිය මේ කතුවරයා එම සත්‍ය ඓතිහාසික සිද්ධිය ඇසුරින් සිය විශිෂ්ට නිර්මාණ ශක්තිය ප්‍රතිභාව සහ සහවේදනය යොදමින් ඉතා ස්වභාවික ලෙස චරිත සහ අවස්ථා නිරූපණය කර ඇති ආකාරයේ විශ්මය උපදවයි

මෙම ඉංග්‍රීසි කෘතිය ප්‍රථමවකට අසංක්ෂිප්ත පරිවර්තනයක් ලෙස මෙසේ පලවෙයි.

Quantity :
Compare

pompiya nagaraye winasaya

පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ

pages 505

Weight .489 kg
Loading...