Cart

Best Seller

රෝස් මෙණෙවියගේ දියණිය

Availability: In stock

Rs. 1,280

උමතු ආලයක සිරකාරියක ව සිටි ඇයට කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව  පිළිබඳ කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හොකින්ගෙ ව්‍යාකූල බව හඳුනා ගන්නට ඇයට පුළුවන් වූයේද නැත.තමා සොයා ගත්තේ පරිපූර්ණ  ප්‍රේමවන්තයෙකියි. ඇය මුරණ්ඩු දැරියක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවාය.තෘප්තිමත්  නොවූ  ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති  ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණු වන්දිය වූයේ ඇය සිතින් මවාගත් ඇගේම ප්‍රේමය විය.

“ඔය මිනිහගේ ගතිගුණ නං හොඳයි තමයි. හැබැයි මෝඩයා. මෙලෝ රහක් නෑ. එලීසා ඔය මිනිහව බැන්දොත් කම්මැලිකමින් මැරිල යයි”

රෝස් ඇගේ සැලසුම ගැන කපිතාන් ජෝන් සෝමර්ස්ට කී විට ඔහු කීවේය.

“හැම පිරිමියෙක්ම මෙලෝ රහක් නෑ තමයි ජෝන්. මොළේ  කලඳක් වත් තියෙන ගෑනියෙක් සතුටු වෙන්න බලාගෙන බඳින්නේ නෑ. ජීවත් වෙන්න කාලා ඇඳලා ඉන්න බඳිනව මිසක්”

Quantity :
Compare

rose menaviyage diyaniya

Isabel Allende ගේ Daughter of Fortune හි පරිවර්තනය .

පරිවර්තනය : පියල් පනාපිටිය

Weight .300 kg
Loading...