Yathiwarayaku se sithanna
Think like a mok
පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය
ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
Amazon.com & New York Times Best Selling Book in 2020
JAY SETTY
විසින් රචිත
THINK LIKE A MONK
යතිවරයෙකු සේ සිතන්න
සිතේ සාමය හා එදිනෙදා අරමුණු ජයගැනීමට ඔබේ සිත පුහුනු කරන්න
JAY SHETTY විසින් රචිත THINK LIKE A MONK ග්‍රන්ථය තවමත් ලොව පුරා වේගයෙන් අලෙවිවන සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථයයි. ඉන්දීය සම්භවයක් සහිත බි්රතාන්ය ජාතිකයෙකුවන ජේ සෙට්ටි වසර කිහිපයක් ඉන්දියාවේ මහනදම් පිරූවෙකි. ඔහු එයින් උගත් දේ සාමාන්‍ය ජීවිතයට ඵලදායිව අනුගතකරන අන්දම මෙම ග්‍රන්ථයෙන් විග්රහ කෙරේ.
සම්මානනීය කතා පවසන්නෙකු, අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙකු වන ජේ සෙත්ති වසර කිහිපයක්ම ඉන්දියාවෙහි භික්ෂුවක සේ මහනදම් පිරූවෙකි. ඔහුගේ දැක්ම ‘ප්‍රඥාව අන්තර්ජාලගත විය යුතු ය’ යන්න ය. වසර 2019 දී ජේ සෙත්තිව AdWeek’s Young Influentials හි ‘කවරයේ තරුව’ සේ නම් කෙරුණේ ‘අධ්‍යාත්මික ශක්තියෙහි ප්‍රභවයක්’ යන හේතුපාඨයද සමගිනි. එමෙන්ම වසර 2017දී ලෝක ප්‍රකට Forbes සගරාව තම වයස අවුරුදු 30ට අඩු 30දෙනාගේ ශ්‍රේණිගතයට ජේ සෙත්තිව එක්කෙරුණේ ඔහු මාධ්‍යයෙහි පවතන තත්ත්වය නොසිතූ වෙනසක් එක් කළ පුද්ගලයා සේ නම් කරමිනි.
ජේ සෙත්තිගේ අන්තර්ජාල වීඩියෝ දැනට වාර බිලියන 8ක් පමණ නරඹා තිබේ. එමෙන්ම සමාජ මාධ්‍යය හරහා පුද්ගලයන් මිලියන 40ක් පමණ ඔහුගේ අනුගාමිකයෝ සිටිති. ලොව අංක 1කේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ අන්තර්ජාල ගුවන්විදුලි සාකච්ජාමය වැඩසටහනවන On Purpose ඔහු නිර්මාණය කළේ වසර 2019දී ය. Google සිට Microsoft දක්වා හා Netflix සිට HSBC දක්වා ලොව පුරා පිහිටි දැවැන්ත සමාගම් රැසක ඔහු ප්රමුඛ දේශකයා ලෙස කටයුතු කරයි. එමෙන්ම බොහෝ සමාගම් සඳහා ‘සමාගම් පුහුනු වැඩසටහන්’ ඉදිරිපත්කිරීමද ඔහුගේ තවත් කාර්යයකි. එයට අමතරව ඔහුගේ Online Schoolද බොහෝ ජනපි‍්‍රය වූවකි. එයට ලොව පුරා සිසුන් මිලියන 2කට වඩා සහභාගී වෙති. ඔහුගේ Genius Coaching ප්‍රජා වැඩසටහනෙන් රටවල් 100කට වැඩි ප්‍රමාණයකින් සම්බන්ධ වූ එහි සාමාජිකයන් දහස් ගණනකට සතිපතා සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ අභ්‍යාස හා මූලධර්ම අන්තර්ජාලය මගින් ඉගැන්වේ.
Yathiwarayaku se sithanna
Think like a mok
පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය
ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
Weight | .700 kg |
---|