Cart

Best Seller

යකඩ යුගය

Availability: In stock

Rs. 360

“ඇයි මිනිස්සු මේ විදියට හැසිරෙන්නෙ”
කියලා මං රහස් පරීක්ෂකයා ගෙන් පුදුමයෙන් වගේ ඇහැව්වා
‘ඒකෙන් ඒ මිනිස්සුන්ට තියෙන සෙතේ මොකක්ද?”

“මිනිස්සු ඒ විදියයි.” ඔහු කිව්වා “සත්තු”

ඊට පස්සේ මං යකඩ පොලු දැම්ම හැම ජනේලයකටම, ඒක කළේ තඩි ඉන්දියන් කාරයෙක්, ජනෙල් රාමු වල පොලු වද්දපු ඇණ හිස්වලට උඩින් මිනිහා පොටි ගහලා වැහැව්වා.

“එතකොට ඇණ ගලවන්න බැහැ.” මිනිහා මට විස්තර කරනවා.

ඊට පස්සේ යන ගමන් මිනිහ කියනවා “දැන් නෝනට ආරක්ෂාව තියෙනවා” කියලත්.

“දැන් නෝනට ආරක්ෂාව තියෙනවා.”

සත්තුවත්තේ මුරකාරයෙක් අත්තටු නැති අබ්බගාත කුරුල්ලෙක්ගේ කූඩුවක් රෑට වහද්දි කියන කතාවක්.

Quantity :
Compare

Yakada yugaya

Age of iron – J m coetzee

පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

පිටු : 239

 

 

Weight .280 kg
Loading...