Midi Maru katharin
Other side of the truth – Beverly Naidu
පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda samaranayake
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidarshana publishers
මිදී මරු කතරින්
Availability:
In stock
Rs. 495
සාදේ හා ෆෙමීගේ මව හට සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය .
ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමග සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හට ද ඉතිරි නොවෙයි .එසේම ඔහුගේ ඉරණමද ස්වයං පිටුවහල ම වේ .එහෙත් එසේ පිටුවහල් වීම ද සරල හෝ පහසු කාර්යයක් නොවේ .
නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍ය සම්පන්න යුගයක ඒකාධිපතියෙකු ගේ පාලනයට එරෙහිව සිය පන්හිදෙන් සටන් කිරීමේ සාපරාධී වරදට එකී පාලනයේ ගොදුරක් බවට පත් පුවත්පත් කලාවේදියෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා කේන්ද්‍ර කොට ගනිමින් රචිත මේ නවකතාව ලාංකික සමාජයට හුදු සාහිත්‍ය රසය ඉක්මවා ගැඹුරින් සිතන්නට යමක් ඉතිරි කරයි .
Weight | .296 kg |
---|