Best Seller

මාරක පැතුම

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.

අවශ්‍ය කෙනාව විනාශ කරන්න ඕනේ නම් ඔයා ඒ කෙනාගේ යටි සිතට බලය යොදන්න ඕනේ.අපි හැමදෙනාම දරාගෙන ඉන්න මරණයේ පැතුම උද්දීපනය කරලා, අවුස්සලා එළියට ගන්න ඕනේ.

ඇය වෙත පවතින උනන්දුව ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරය මම දුටිමි.

‘ඔයාට තේරෙනවා නේද? දැන් ඒ මරණයේ පැතුම පතන කෙනා විසින්ම ඇත්තෙන්ම ඇත්ත රෝගී තත්ත්වයක් එයා තුළ ඇති කරගන්නවා.දැන් එයා ප්‍රාර්ථනා කරන්නේ ලෙඩ වෙලා මිය මියයන්න. ඉතින් ලෙඩා ලෙඩ වෙනවා… මැරෙනවා.’

ඇය ජයග්‍රාහී විලාසයක් පාමින් හිස ඉහළට ඔසවා මා දෙස නෙත් යොමකළාය. මගේ කොඳු නාරටිය දිගේ හීතලක් දුවනවා මට දැනුණි. මේ සේරම විකාර. ඔව් මේ ගෑනිට භාගෙට පිස්සු… ඒ වුණත්…

තීර්සා ග්‍රේ , මහා හඬින් සිනාසුනාය.

‘ඔයා මාව විශ්වාස කරගන්නේ නෑ එහෙමනේද?’

‘ග්‍රේ නෝනා, ඒක හරිම අපූරු සිද්ධාන්තයක් තමයි. අලුත් ප්‍රවණතා එක්කත් පෑහෙනවා. මං පිළිගන්නවා. ඒත් අපි හැමදෙනාගේම ඇතුලෙ තියෙන මේ “මරණයේ පැතුම” උසිගන්වලා ඉදිරියට ගන්න ඔයා තෝරගෙන තියෙන ක්‍රමය මොකක්ද?’

Quantity :
Compare

maraka pathuma

පරිවර්තනය: චන්න බණ්ඩාර විජේකෝන්

pages 328

Weight .390 kg
Loading...