උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව හා දුම්බර
කතෘ : කුසුම්සිරි විජයවර්ධන
ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම
පිටු 350
මහනුවර රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්‍රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්‍රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්‍රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව වැනි තැන් පමණක් නොව දැකබලා විමසිය යුතු උඩරට කලා ශිල්ප, කලා නිපුණත්වය හෙලිකරන තවත් විහාර දේවාල රාශියක් ඇති බව මේ පොත කියවා අවසන් වන විට ඔබට වැටහේවි.සේන්දෙනිය, දූල්වල ලෙන්, වේගිරිය දේවාලය, මාලගම්මන, දොඩන්වල නාථ දේවාලය, දොරගමුව ඇතුළු විහාර දේවාල රැසක සැඟවුණු තොරතුරු මහනුවර රජ මහා විහාරාරාම පොතේ ඇතුළත් ය.
උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව හා දුම්බර
කතෘ : කුසුම්සිරි විජයවර්ධන
ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම
පිටු 350
Weight | .422 kg |
---|