Cart

Best Seller

මන්දාරම් උයන

Availability: Out of stock

Rs. 360

දුල්කිත් කළුවර  වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය .අක්කර භාගයක් පමණ වන ගෙවත්තේ කොනට වන්නට තිබෙන මේ පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනයක ද වුවද අඳුරුය .නුග ගසකින් හෙවන වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන  පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී .පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ  අංගයකි .එසේ බලා සිටින විට පොකුණෙන් මතු වන විවිධාකාර සතුන් ඔහුට දැකගත හැකිය .පෙනිය විහිදාගෙන එන කළු පැහැ නාගයන් අං සහිත විශාල කටුස්සන් ඇස්වලින් හා මුවින් ගිනි දළ විහිදන මකරුන් හැඩපලු ගෙතී ඇති කෙස් වැටි වලින් හා දිගු නියපොතු සහ දත් සහිත ගැහැනුන් මිනිසුන් මොවුන් සියල්ලම සමඟ කතා කතා කරමින් කාලය ගත කරන දුල්කිත්  මේරි අම්මාගේ නොනවතින බැණ අඩගෑම්  හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත  යන්නේ හිස් වූ සිතිනි.

Out of stock

Compare
Categories: ,

Mandaram uyana

කතෘ : දර්ශනා ශම්මි විජේතිලක

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ

 

Weight .243 kg
Loading...