Cart

Best Seller

මට මතක මම..

Availability: Out of stock

Rs. 1,080

කවියෙක් තමන්ගෙ ජීවිතය තමන්ම ප‍්‍රබන්ධ කිරීම වෙනස් යයි මට සිතෙයි. නෙරූදා ගේ ස්වයං චරිතාපදාන ය එක අතකින් එම ෂානරයේ ලිවීම් පිළිබඳ මා තුළ වූ මනස්ගාත කනපිට ගැසුවේය. ඇත්තටම නම් මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු. නෙරූදාගෙ නම නෙරූදා නොවේය කියන කාරණයත් ඔහුගේ ජීවිතයේ ප‍්‍රබන්ධ ස්වරූපය පිළිබඳ සළකුණකි. ඔහුම කියන විදියට නෙරූදා නම් හතලිහක් පමණ භාවිතා කර ඇත. උප්පැන්න සහතිකය ඔහුගේ නම ලෙස පිළිගන්නෙ නෆ්ටාලි රිකාඩෝ රෙයිස් බසෝල්ටෝ Neftali Ricardo Reyes Basoalto ලෙසිනි. ඔහු නෙරූදා වන්නේ පියාට හොරෙන් කවි ලිවීම සඳහා උපයා ගත් වෙස් වලාවක් හැටියටය.
යථාර්ථය හරියටම නිරූපණය වෙන්නෙ වාර්තා ගතකිරීම තුළනොව ප‍්‍රබන්ධ ගත කිරීම තුළ බව කිසලොව්ස්කි නම් සිනමා කරුවා පවසා ඇත.. ”මට මතක මම” යනුවෙන් මා සිංහලෙන් නැවත ලියන නෙරුදගේ Memoirs කියවා ඔබට සැබෑ නෙරූදා සොයා ගන්න පිළිවන් වෙතැයි මම නොසිතමි.

සමන්   වික්‍රමාරච්චි

කෘතිය – මට මතක මම
පරිවර්තනය – සමන් වික්‍රමාරච්චි

Out of stock

Compare

Mata mathaka mama

සිංහලෙන් නැවත ලිවීම :සමන් වික්‍රමාරච්චි

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

 

Weight .574 kg
Loading...