Polima
විලැදිමීර් සොරෝකින්
පරිවර්තනය : චූලානන්ද සමරනායක -Chulananda samaranayake
ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයින් – Vidarshana publishers
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්.
අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, අතෘප්තිය, ඉවසිල්ල යනුවෙන් වරනැෙඟනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.
මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ‘පෝලිම’ නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි. එහෙත්, මෙහි යටිපෙළින් කියැවෙනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ්‍යය බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම දහදිය කඳුළින් බිහිකරගත් පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ සංකීර්ණ පුවතයි.
මෙහි එන දෙබස්, පෝලිමෙහි රස්තියාදුවන පුරවැසියාගේ අත්දැකීම කියවන පාඨකයාද නොදැනුවත්වම එහිම සාමාජිකයකු බවට පත්කරන තරම් ප්රබලය. සෝවියට් බලධාරීන් විසින් තහනමට ලක් කරන ලද මේ අගනා නවකතාව මානව ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයක් කෙරෙහි නව්‍ය වූ ආකෘතියක් හරහා සිදුකෙරෙන සාහිත්‍යමය විචාරයක් මෙන්ම රුසියානු-සෝවියට් සාහිත්‍යයේද කැපීපෙනෙනා කඩඉමක් ලෙස විචාරක සම්භාවනාවට පාත්රවෙයි.
ගෙදරටම ගෙන්වා ගැනීමට
Reviews
There are no reviews yet.