Best Seller

නාගයන්ගේ රහස

Availability: Out of stock

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.

කි‍්‍රස්තු පූර්ව 1900 සමයේ මෙලූහාව පරිපූර්ණ අධිරාජ්‍යයක් වූ අතර, ඊට සියවස් කිහිපයකට පෙර එය ගොඩනගා තිබුණේ උතුම් වූ රාම ය. එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අධිරාජයන් අතලොස්සෙන් අයකු වූ උතුම් වූ රාම ගේ මෙලූහාවට දුෂ්ඨ භාවයේ ප‍්‍රහාර එල්ල වෙමින් තිබිණි. ඉපැරැුණි ප‍්‍රවාදයන්ගෙන් පැවසුණු පරිදිම නීල ග‍්‍රීවයක් සහිත ශිව මෙලූහාවට පැමිණියේ ය.
ශිව නවකතා ති‍්‍රත්වයේ පළමුවැන්න වූ ‘මෙලූහාවේ අමරණීයයෝ’ වෙතින් පැවසුණේ එම සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයා මෙලූහාවට ළඟාවීමේ පුවතයි. ඉන්දීය උප මහද්වීපය ඇතුළත පමණක් දෙමළ, තෙලිඟු හා බෙංගාලි වැනි ආසියාකරයේ භාෂාවනට පමණක් නොව අපරදිග රටවල ස්පාඤ්ඤ, පෘතුගීසි, පෝලන්ත හා ප‍්‍රංශ ආදී භාෂාවනට ද පරිවර්තනය වූ නවකතා ති‍්‍රත්වයක දෙවැන්න ‘නාගයන්ගේ රහස’ යි.
උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව වසර දාහතරක් තිස්සේ බැංකු නිලධාරියකු ලෙස කටයුතු කළ ‘ශිව නවකතා ති‍්‍රත්වයේ’ රචක අමිෂ් ති‍්‍රපති භාරතයේ මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි හි දී උපත ලබා ඇත්තේ 1974 දී ය. බැංකු ක්‍ෂෙත‍්‍රයේ වෘත්තියෙන් අමිෂ් තෘප්තියක් ලැබුවේ නැත. ඔහු මහත් ප‍්‍රියතාවක් දැක්වූයේ ඉතිහාසය, මිථ්‍යා ප‍්‍රවාදාවලීන්, දර්ශනය වැනි විෂයයන් කෙරේ හා ලේඛන කලාවට ය. ඔහු බොහෝ ආගම්වල අර්ථයන් සෙවීමට ද යොමු වූයේ ය. හින්දු දේව පුරාණයන්ට නව අර්ථකථන එක්කරමින් ‘ශිව’ නවකතා ති‍්‍රත්වය ඔහු අතින් රචනා වූයේ එම හැදෑරීම්වල ප‍්‍රතිඵලයක් ලෙසිනි.
භාරතයේ පමණක් නොව ඉන් බැහැර රටවල ද හින්දු දේව භක්තිකයන් ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වූ ‘ශිව දෙවියන්’ ගේ චරිතය නවකතා ති‍්‍රත්වයට පාදක කරගන්නා හෙතෙම පුරාණ මිථ්‍යා ප‍්‍රවාදාවලියෙන් බැහැර වෙයි. පසු කාලීනව දෙවියන් අතර දෙවියකු, මහා දෙවියකු මෙන් ම විෂ්ණු අවතාර ලෙස මිනිසුන් අතර බුහුමනට පාත‍්‍රවන්නේ මෙලොව යම් යම් යුගයන්හි විසූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බව අමිෂ් ති‍්‍රපති ගේ අදහස වෙයි.
‘දි ඉමෝට්ල්ස් ඔෆ් මෙලූහා’ (2010* ‘සීක‍්‍රට් ඔෆ් ද නාගාස්’ (2011* සහ ‘දි ඕත් ඔෆ් ද වායුපුත‍්‍රස්’ (2013* වශයෙන් නිකුත් වූ අමිෂ් ගේ ශිව නවකතා ති‍්‍රත්වය ඔහු වෙත ගෙන ආවේ ඉමහත් ජනප‍්‍රියත්වයකි. එම ජනප‍්‍රියත්වය කෙතරම් ප‍්‍රබල වී ද යත් 2019 වසරේ දී ‘ඉන්ඩියා ටුඬේ’ සඟරාව වර්තමානයේ බලවත්ම ඉන්දියානුවන් පනස් දෙනා අතරට අමිෂ් ති‍්‍රපති ගේ නම ද ඇතුළත් කළේ ය.

Out of stock

Compare

Shiva Trilogy 2

The Secret of the Nagas

පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara Siriwardena

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

 

Weight .400 kg
Loading...