Narmadawe gee rawaya
පරිවර්තනය : හේමන්ත රණවීර
දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය . මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමග චිත්තවේග ලෝකයේ ද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණි. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පීනිය නොහැකිය.
මගේ විරූපීකම මෙන්ම අම්මාගේ සිත්තැවුල ගැනත් මම වඩ වඩා සිතන්නට වූයෙමි. මගේ අවිනිශ්චිත අනාගතයත් මගේ ශාරීරික වෙනස් වීම් වගේම අභිරහස් ලෙසට මා ඉදිරියේ විශාලනය වෙමින් එයි.
හදිසියේම මගේ තාත්තා ඔහු විසින් තවදුරටත් මට සංගීතයේ ඉගැන්විය යුතු නැති බව තීරණය කළේ ය.
“ඔයා ඕනෑවට වැඩිය සංගීතයක් ඇති කරනවා. රාග හැදිලා තියෙන්නෙ ස්වර වලින් නෙමෙයි. ඒක හැදිලා තියෙන්නේ ස්වර අතර තියෙන නිහී බව තුළින්.”