Cart

Best Seller

දහස් ගව්දුර

Availability: In stock

Rs. 600

—————–පෙනෙන තෙක් මානයට ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණකි. දෑස් නිලංකාර කරවන සුදුපාට හිම පමණකි.
කිසිම මග සලකුණක්, මිනිස් වාසයක්, ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු පිවිසෙන්නේ යලිත් තමන්ගේ රටට යාමේ උමතු බලාපොරොත්තුවක් ඇතිවය.
රුසියානු සෙබලුන්ට හසුවුවහොත් දඩුවම මරණයය් . හිමේ සැරිසරණා වෘකයින්ට අසු වුවහොත් ඉරණමද මරණයය්. කුසගින්න, සීතල, හුදෙකලාව මදිවාට දත් විලිස්සා ගෙන මරණය බලා සිටිද්දී නොනැවතී ඉදිරියට යන්නට එක් තනි මිනිසෙකුගේ තිබුණු ධෛර්යය ඇදහිය නොහැකි තරම්ය.
ජර්මානු සෙබලෙකු වූ ෆොරෙල් ක්ලෙමෙන්ස් රුසියානුවන්ගේ අත්අඩංගුවට පත්ව අවුරුදු විසිපහක වහල් සිරදඩුවමකට යටත්ව අන්ධකාර ඊයම් පතලක ගත කරන අවුරුදු කිහිපය.
ඉන් පසුව ඔහු නිදහස සොයමින්, සැතපුම් අටදහසක් දුර, අවුරුදු තුනක් තිස්සේ ආ ගමන..
එය විශ්වාස කරන්නට නොහැකි තරම් විශ්මිත කතාන්දරය කි.
———————————————————-
පිටපත් මිලියන දොලහක් අලෙවි වූ, වසර හතලිහක් තිස්සේ සාර්ථක අලෙවි වාර්තා තැබූ, ලොව පුරා භාෂා 15 කට පරිවර්තනය වූ මේ කෘතිය දෙවන ලෝක යුධ සමයේදී සිදුවුණු සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන ලද්දකි.

Quantity :
Compare
Categories: ,

Dahas gawdura

පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi muditha Herath

ප්‍රකාශනය : අපූරු ප්‍රකාශන

 

 

Weight .434 kg
Loading...