dangediya
චිංගීස් අයිත්මාතොව්
The place of the skull – Chingiz Aitmatov
පරිවර්තනය: චූලානන්ද සමරනායක
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාවය බිඳ වැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතික ප්‍රශ්න කිරීම් හමුවේ නෙරපනු ලබන පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහා දීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැප වෙන විමුක්ති කාමියෙකු හට නිලධාරී වාදයෙන් එල්ල වන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කළ දංගෙඩිය යනු සෝවියට් සාහිත්‍යය මතු නොව විශ්ව සාහිත්‍යයේ ද අගනා මතක සටහනකි.
‘දංගෙඩියේ’ නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතව්ගේ කෘති අතර තේමාත්මක වශයෙන් මුළුමනින්ම වෙනස් මගක් ගත්තක් සේ සැළකිය හැකිය. ඔහු මේ කෘතිය පළ කරන්නේ සෝවියට් දේශීය අර්බුද මෝරා එමින් පැවැති සමයකය. සෝවියට් දේශය ලෝක සිතියමෙන් මැකී ගොස් තිබුණද අයිත්මාතොව් තම කෘතිය හරහා මතු කරන විවේචනය වාමාංශික ව්‍යාපාරවල අද ඉන්නා ක්‍රියාදරයන්ගේ අවධානයට යොමු කිරීම ඉතා වැදගත් වේ.
dangediya
චිංගීස් අයිත්මාතොව්
The place of the skull – Chingiz Aitmatov
පරිවර්තනය: චූලානන්ද සමරනායක
Weight | .400 kg |
---|