Cart

තුම්පනෙන් ඇමරිකාවට

Availability: In stock

Rs. 750

ඉතා දිළිඳු දුප්පත් පවුලක ඉපද දුෂ්කර වූ ලෙස හැදුනු මා සෙල්ලම් කරන කාලේ සෙල්ලම් බඩුවක් මගේ ඇසින් දැක තිබුණේ නැහැ.බිම වැල්ලේ ඇඟිල්ලෙන් පින්තූර ඇඳේ වයස එකොළහ පමණ වන තුරු මා ඇන්දේ කොට්ට උරයක් වගේ කමිසයක්.ඉගෙන ගත්තේ අනුන්ගෙන් ඉල්ලා ගත් පොත් වලින්.පත්තු කළේ කුඩා පහන් තිර දැමූ කුඩා මැටි පොල්තෙල් පහන්.ඉතාමත් සුළු කාලයක් හැර මගේ මුළු පැවදි කාලයම ගත කළේ පිණ්ඩපාතයෙන්.සීනි , තේ කොළ, පොල් තෙල් යන සියල්ලම මා සොයා ගත්තේ පිණ්ඩපාතයෙන්. නානකඩ දෙකක් එකට මූට්ටු කර මසා සිවුරු ලෙස පෙරෙව්වා, නොවින්ද දුකක් නැහැ නොහැදුණු අසනීපයක් නැහැ  හතරවරක් පමණ දියේ ගිලී මැරෙන්නට ගියා. ධනවත් උගත් කියා කිසිම නෑයෙක් නැහැ. අතේ සත පහක් නැතුව අවුරුදු  ගණනක් උන්නා

මගේ ජීවිතෙන් මා බලාපොරොත්තු වූයේ දැන් බලාපොරොත්තු වන්නේත් මේ බුදු දහම ලෝක ව්‍යාප්ත භාෂාවකින් ලෝකයාට දීමයි.ඒ නිසයි  ඉංග්‍රීසි ඉගෙන ගැනීමට මා අපමණ උත්සාහ කළේ. මේ ඉලක්කය උඩම සිට වැඩ කළ නිසා, වැඩ කරන නිසා මගේ පසුබිමත් මගේ ජන්මෙන් ලැබූ දුප්පත්කමත් ,විඳි දුකත් ලැබූ අතරවත් මැද මරණය ඔන්න මෙන්න කියා කිට්ටුවට අවුත් නොමැරී  බෙරෙන්නේ මේ ධර්මයට මගේ ඇති ඇප කැපවීම නිසාමයි. මේ ධර්මය රැකීමට බැඳී ඉන්න නිසා ධර්මය විසින් මා රැකෙනවා කියා මට සිතෙනවා. මගේ පාප කර්ම ගෙවන අතර පුණ්‍යකර්ම එක් වෙනවා කියා මට හිතෙනවා.

පොතෙන් උපුටා ගත් කොටසක්.

Quantity :
Compare

Thumpanen americawata

කතෘ : හේනේපොළ ගුණරතන නාහිමි

පිටු : 464

 

Weight .533 kg
Loading...