පරිවර්තනය : ශ්‍යාමන් හේමකොඩි
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
ඩී එච් ලෝරන්ස් විසින් රචිත lady chatterley’s lover විසිවැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලාත්මක කෘති කිහිපයක් අතරින් එකකි.ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යය ප්‍රමිතිය හා ප්‍රකාශනයේ නිදහස පිළිබද ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයට පසුබිම් සැපයීය .
විසිවැනි සියවසේ ලෝක සාහිත්‍යයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මික ධනවාදය සහ පන්ති ක්‍රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරු වලට යට කරන ලද මිනිසා සහ සොබාදහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස සහ අසභ්‍ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදයේ ඛේදවාචකයත් ගැන කෙරෙන විමසුමකි .
පරිවර්තනය : ශ්‍යාමන් හේමකොඩි
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ
Weight | .635 kg |
---|