gaburu muhuda
ආතර් සී. ක්ලාක්
පරිවර්තනය සිරිල් සී. පෙරේරා
pages 350
“ගැඹුරු මුහුද” වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහිපිට ඇතිවන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි.විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුවන ලද ජගත් රජයකිනි.අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල්මසුන් ඇති කරයි.දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම් අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස් වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදුදහමම පමණි.ඒ හෙයින් අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ් ජාතික සංඝනායක හිමියෝ ජගත් සමාජයේ ගෞරවාදරයට බඳුන්වූ නායකයෙක් වෙති.එතුමා තල්මසුන් ඝාතනයට විරුද්ධව ගෙනයන සටන මෙම නවකතාවේ ප්‍රමුඛස්ථානයක් ගනියි. ආතර් සී ක්ලාක් 1956 දී ගැඹුරු මුහුද රචනා කළේ මෙකල තල්මසුන් ඝාතනයේ ඇති කුරිරු කමත් අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන් යුතුව බුදුදහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත් ලෝකයාට පෙන්වා දීම පිණිසය.
Out of stock
gaburu muhuda
ආතර් සී. ක්ලාක්
පරිවර්තනය සිරිල් සී. පෙරේරා
pages 350
| Weight | .410 kg |
|---|