Kafka muhudu werale
Kafka on the shore – Haruki Murakami
පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පිටු : 536
ජපන් ජාතික හරුකි මුරකාමිගේ කෘති භාෂා පනහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ.ඔහු දිනා ඇති ජාත්‍යන්තර සම්මාන අතර ‘ජෙරුසලම් ත්‍යාගය” ෆ්‍රාන්ස් කෆ්කා’ සහ මෙම නවකතාව සඳහා 2006 දී ලද world fantasy ත්යාගය කැපී පෙනෙයි.යම් දවසක නොබෙල් ත්‍යාගයට හිමිකම් කිව හැකි නවකතාකරුවෙකු වශයෙන් ඇතැමුන් විසින් හඳුනාගෙන ඇති ඔහු ,ජපාන පාඨක සමාජයට වඩා බටහිර පාඨක සමාජයේ කීර්තියට හිමිකම් කියන්නෙකි.
සුවිශේෂී චරිත දෙකක දෛවය කෆ්කා මුහුදු වෙරළේ දී පාඨකයාට මුණගැසෙයි. පහළොස් වියැති කෆ්කා තමුරා ඔහුගේ පියාගේ අනිටු අනාවැකියක අමිහිරි හැඟීම් පෙරදැරිව ගෙදරින් පලා යයි. ළමා වියේ ඇති වූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු නකතා එතෙක් කල් ගත කළ සරල දිවි පෙවත උඩුයටිකුරු කර ගනී.මේ දෙන්නාගෙ සමාන්තර ගමන ගමන ත්‍රාසෝන්මාදයෙන් අනූනය.
බළල්ලු මිනිස්සුන් සමග කතා බහ කරති. අහසෙන් මාළු කඩා හැළෙයි. දෙවැනි ලෝක යුද්ධයේ සිට වයසට නොගිය තරුණ හේවායෝ දෙදෙනෙක් කැලේක සතුටින් වෙසෙති. ඒ සියල්ල අතරේ කුරිරු මිනීමැරුමක් එහෙත් මිනීමරුවා සේම ඔහුගේ බිල්ලත් නොවිසදුනු පෙහෙලිකාව. ආශා ගවේෂණයේ සම්භාව්‍ය ආඛ්‍යානය කෆ්කා මුහුදු වෙරළේ මිථ්‍යාමය වුවත් සමකාලීන වූ තහංචි ප්‍රශ්න කරන අතරේ පීතෘ ඝාතනය සහ මව කෙරෙහි වන ලිංගිකආලය අතර මායිම් ඉතා සියුම්ව පිරික්සයි.
Kafka muhudu werale
Kafka on the shore – Haruki Murakami
පරිවර්තනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පිටු : 536
Weight | .600 kg |
---|