Best Seller

කවුරු විශ්වාස කරන්නද ?

Availability: In stock

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.

සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ති වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේ උගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොටිබි ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටු පස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය.

“මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොටි. දැන් හැම දෙයක්ම ඉවර වෙන්න ළඟයි.”

අඩි පාර දිගේ තවත් ටික දුරක් ඉදිරියට ගමන් කළ පසුව ස්කොටි ට ඇයව පෙනිණි. දෑත් සහ දෙපා දෙපසට සිටින ආකාරයට ඇය හස්ථි වෘක්ෂයට කඹ වලින් බැඳ දමා සිටින්නීය. බැමි ලිහා ගැනීමට ඇන්ජෙලා උත්සාහ දැරූ බව දැකගත හැක්කේ කඹ වලට ඇගේ දෑතකැපී තිබෙන ආකාරයෙනි. ගැළවීමට බොහෝ වේලාවක් උත්සහ කළ ඇය දැන් අඩපණ වූ ආකාරයෙන් ගසට හේත්තු වී දෑස් පියාගෙන සිටින්නීය.

ස්කොටි ඇය කරා යන්නට උත්සහ කළේය. ඒ සමඟම පිටුපසින් ඇසුණ වෙඩි හඬකින් තිගැස්සුණු ඔහු ඉදිරියට දිවීම නවතා එතැනම නතර විය.

“ඒ වැඩේ කරන්න එපා ස්කොට්, පැත්තකට වෙන්න. ”

ස්කොට් සිය සොහොයුරා දෙසට හැරුණේය. අහසට එල්ල කරගෙන සිටි පිස්තෝලය පහත්කළ ජැක් නැවත එය ස්කොටි දෙසට යොමු කරගත්තේය. මේ වන විටත් ඇන්ජෙලා දෑස් හැර සිටියාය. ඇගේ දෑස බියෙන් විසල් ව තිබිණි.

Quantity :
Compare

kawru wiswasa karannada

පරිවර්තනය – සුදත් රොහාන්

Weight .300 kg
Loading...