No one writes to the colonel – Gabriel Garcia Marquez
පරිවර්තනය : ජනක ඉණිමංකඩ
මාකේස් ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනාගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මේ ග්‍රන්ථයේදී ජනක අපට හදුන්වා දෙයි. ‘කර්නල්’ කතාවේ චරිතය හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව්‍ර වන විදිහට නිරූපණය වන තරමටම එම අත්දැකීම් සාර්ථකව භෞමික ලෙස මානවවාදී ව විග්‍රහ වෙයි.
අද්දීබූත යැයි හැඟෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන ‘එරෙන්දිරා’ කියවන විට බොහෝදෙනා කතා කරන ඉන්ද්‍රජාලික යථාර්ථ රීතිය පිළිබඳ සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැඟවුණු ජීවිත අර්ථ බොහොමයක් ප්‍රභාවිත වෙයි. එසේ නමුදු කතා දෙකේම රචනා ශෛලියේ හේතුඵල වශයෙන් තර්කානුකූලව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම ‘යථාර්ථවාදී’ වේ
අද්භූත සේ පෙනෙන එරන්දිරා කර්නල් සේම යථාර්ථවාදීයි
සයිමන් නවගත්තේගම
No one writes to the colonel – Gabriel Garcia Marquez
පරිවර්තනය : ජනක ඉණිමංකඩ
| Weight | .150 kg |
|---|