Cart

Best Seller

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය

Availability: In stock

Rs. 833

ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ කතාබහේ දී විශේෂී ව කියැවුණ ද මෙතෙක්  මුද්‍රණද්වාරයෙන් පිටව නොතිබීම නිසා විද්‍යාර්ථන්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොලැබුණි .

ජාතක පොතෙහි නොමැති මෙම කතා පුවත සෙංකඩගල යුගයේ කවියකු විසින් මනඃකල්පිතව පබදින ලද්දක්ද? නො එසේ නම් මෙහි ප්‍රභවය හා විකාශනය කෙරෙහි සිදුවීද? මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ  හියු නෙවිල් එකතුවේ හා බ්‍රිතාන්‍යය වෙල්කම් පුස්තකාලයේ ඇති පුස්කොළ පිටපත් ද භාවිතා කරමින් පිළියෙල කළ ශාස්ත්‍රීය සංස්කරණයකින් ද ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකින්ද සමන්විත මෙම පරීක්ෂණ කෘතිය සිංහල සාහිත්‍යය හා බෞද්ධ සාහිත්‍යය නොදුටු පැතිකඩක් පාඨකයාට විවර කරයි

Quantity :
Compare

Itibiso jathakaya ha ithibiso jathaka kawya

ශාස්ත්‍රීය සංස්කරණය හා විමර්ශනය : රංගන කුරුවිට

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

Weight .509 kg
Loading...