Showing 145–192 of 970 results

0 out of 5

බිඳුණු මන්දිර

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
කේට් තම දරු දෙදෙනා අතහැර පලා ගියය. ආබාධිත බිළිඳු දියණියත් ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි  කුඩා පුතුත් තනිවම බලා ගනිමින් බිඳී ගිය පවුල පිළිසක කරගන්නට සිදුවූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය, ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩනැගූ ඔවුන්ගේ ජීවිතයත් හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම චිත්‍රපටියක් නිසා විනාශ වී යනු ඇතිද. අධික පාඨක ප්‍රතිචාර දිනාගත් The Could Be Us...
0 out of 5

විශ්ව ආකර්ෂණ නීතිය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
ඔබේ යටි සිත විශ්වයේම කොටසකි.එයට අපරිමිත බලයක් ඇත.මුලින්ම අප එය හඳුනාගත යුතුය.එය විශ්වාස කළ යුතුය.විශ්වාකර්ෂණ නීතිය යනු ඔබ ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක්‍රමවේදයකි.මේ තුළ යම් අදෘශ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත් මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.
0 out of 5

බර්ඩි

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
අනේ Birdie ඔයා මොන තරම් අසරණ පුංචි කෙල්ලක්ද? රැවටීම්වලට ලක් වූවත් මෙතරම් රැවටීමකට ලක්වූ අයෙක් ගැන මට මේ ජීවිතය තුළ මෙතුවක් නම් හමුව නැත. ඔබගේ මුළු දිවියම එකම එක ලොකු රැවටීමක්ව තිබියදී ඔබ සොයාගත් සත්‍ය ප්‍රේමය විඳින්නට ඔබට හැකි වූයේ කෙතරම් සුළු කාලයක්ද? ඔබට සැබැවින්ම ආදරය කළ, ඔබව ආරක්‍ෂා කිරීමටම ඔබව මරු තුරුලට යැවූ අය මොන තරම් නම් ඒ වග...
0 out of 5

ලංකාව නම් මිණි දිවයින

Original price was: Rs. 600.Current price is: Rs. 480.
Elie L. Menasche විසින් රචිත Ceylon Island of Gems කෘතියේ සිංහල පරිවර්තනය .. ලංකාවේ අතීත විභූතිය ගැන කියවෙන, බටහිර ජාතීන් අතින් ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් ලංකාව නම් මිණි දිවයින ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කරගෙන තිබෙන්නේ අනාදිමත්...
0 out of 5

රිබෙයිරෝ දුටු ලංකාව

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
පවුලස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ  සිරිවර්ධන දැරණියගල, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බී .ඒ සහ එම්.ඒ උපාධියද නැවත හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ එම්.ඒ උපාධියද ලබාගත් විද්වතෙකි. හේ 1937 සිට 1963 දක්වා කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ධූරය හෙබවීය. බළන්ගොඩ මානව පොසිලය සොයා ගැනීම ඔහු විශ්ව කීර්තියට පත් කළේය.  1939 සිට 1963 දක්වා විද්‍යාත්මක පොත් හා නිබන්ධන තුන්සිය හැත්තෑ ගණනක් ඔහු ලියා ඇත. දැරණියගල මහතා  1961...
0 out of 5

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

Original price was: Rs. 850.Current price is: Rs. 765.
(යුදෙව් දරුවෙකුගේ ප්‍රංශය හරහා සංචාරය) Fred Gross ගේ One step ahead of Hitler හි පරිවර්තනය
0 out of 5

වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොවපුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House On the Prairie  රූපවාහිනි නාට්‍යමාලාවට පාදක වුණු ලිටිල් හවුස් පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි.මෙය කොටස් 4 කින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි. දහනම වැනි සියවසේ මුල් භාගය ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින්...
0 out of 5

දේව මායාව

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
දේව මායාව නම් වූ මෙම ග්‍රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේදී රචනා කරන ලද The God Delusion  නම් වූ ලෝ ප්‍රකට ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.එහිදී ඔහු තරයේ පවසා සිටින්නේ සහතික ලෙසම වාගේ අධි ස්වභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුලාවක් බව මෙහිදී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි."මුලාව" යන්න ඔහු නිර්වචනය කරන්නේ යම් මතයකට...
0 out of 5

මිහිමත විශිෂ්ටතම සංදර්ශනය

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැළඹෙමින් තිබෙනු දැක 1850 දී සිය අග්‍ර කෘතිය වන On the origin of species  මඟින් සමාජය අරටුව දක්වාම දෙදරවීමට ලක් කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැක'මුසු භීතියේ ඇහිබැම ඔසවනු ඇත. මිහිමත විශිෂ්ටතම සංදර්ශනය නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදින්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්‍යාත්මක සත්‍යයක්ද යන්න...
0 out of 5

දුක හමාරයි ජීවිතය මාරයි

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,360.
මෙම ග්‍රන්ථය කියවූ දා සිට ජීවිතයේ නව හා විශිෂ්ට මාදලියක් මම අත්දුටුවෙමි. පමණට වැඩි උනන්දුව හා සැකය හේතුවෙන් මගේ සෞඛ්‍ය හා සතුට තවදුරටත් විනාශ කර නොගත්තෙමි. සියලු අඳුරු නිම්තීරයන් මවෙතින් ඉවත්විණි.යා යුතු මඟ පෙන්වමින් දොරවල් හැරුණි. මා වටා වූ ලෝකයේ සුන්දරත්වය දැන් මට දැකිය හැක. එමෙන්ම මෙම ග්‍රන්ථය කියවන ලෙස සැමට යෝජනා කරමි. මෙය නිතර ඔබේ යහනෙහි තිබිය යුත්තකි. ඔබේ...
0 out of 5

සැබෑ ලක්දිව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
C. BROOKE ELLIOTT විසින් රචිත THE REAL CEYLON කෘතියේ සිංහල පරිවර්තනය "සැබෑ ලක්දිව " බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද්‍රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද්‍රණයේ දී පිටපත් 2,000ක් ප්‍රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද්‍රණයේ දී පිටපත් 5,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද්‍රණයේ දී පිටපත් 10,000ක් ප්‍රකාශයට පත් කරන ලදි....
0 out of 5

ලක්දිව උතුරුකරයේ සත් වසක්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
MARY and MARGARET LEITCH'S විසින් රචිත SEVEN YEARS IN CEYLON  කෘතියේ සිංහල පරිවර්තනය "ලක්දිව උතුරුකරයේ සත් වසක් " සැප්තැම්බර් මස 15 වෙනිදා නිකුත්වේ ..... ලංකාවේ උතුරුකරයේ සත් අවුරුද්දක් Seven Years In Ceylon මෙරි හා මාර්ගට් ඩබ්ලිව් ලිව් සොහොයුරියන් විසින් මිෂනාරීවරියන් ලෙසට ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ (1890 - 1896) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන...
0 out of 5

අසුපිට නැගි යක්ෂයා

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
"යක්ෂ සිටුවරයා" උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි. ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි. ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප‍්‍රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය. නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප‍්‍රංශ නිවහන වූ...
0 out of 5

ස්වර්ණමය හෝරාව

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය.එය ඇගේ ජීවිතයේ තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිදුවාය. ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්‍යාජ උපදේශවරයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකර ගත...
0 out of 5

සුළඟ මගේ නම දනී

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
විනාශයේ ප්‍රමාණය තක්සේරු කර ගැනීමටවත් නොහැකිව බෙර හඬක් සේ පැවති හදවතේ ගැස්ම උහුලා ගත නොහැකිව ඔහු පඩිය මත වාඩිගත්තේය.ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් යුදෙව්වන්ට විරුද්ධව නැඟී සිටීමට ජර්මන් ජනතාව කැඳවන ලද අවස්ථාවේ සිතූ ප්‍රමාණයටත් වඩා සිදුවූ විනාශය අතිමහත් විය.හිට්ලර්ගේ නියෝජිත අමාත්‍යවරයා විසින් හිට්ලර් වෙනුවෙන් කතාකරමින් යුදෙව්වන්ට විරුද්ධව විරෝධතා දැක්වීමට අවසර දෙනු ලැබීය.ජර්මානු සහ ඔස්ට්‍රියානු ජාතිකයන් විසින් යුදෙව්වන්ගෙන් කරනු ලබන...
0 out of 5

රෝස් කතා මාලාව

Original price was: Rs. 2,240.Current price is: Rs. 1,792.
අද්භූත මායා බලයක් සහිත කුඩා දැරියකු වූ රෝස් තමා හැදී වැඩුණු අනාථ නිවාසයෙන් නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් නිවහනකය. එම නිවසේ හිමිකරු රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මේ අතර රජුගේ දියණිය අතතුරුදහන් වෙයි. කුමාරිකාවකගේ අභිරහස් අතුරුදහන්වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියවේ. ඒ අතර මුළු රටම හිමෙන් වැසී, රට පුරා දරුණු සීතලක් පැතිර යයි. නැති වූ කුමරිය...
0 out of 5

ලක්බිම වන සැරිය

Original price was: Rs. 680.Current price is: Rs. 612.
“….. ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීම්ට විලියම් නයිටෝන්ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON (1854) කෘතිය මඟින් මනාව අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්‍රීසි – ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයිය. සත්තකින්ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි …” TOWARDS FICTION – Ceylon Writing in English in 19th Century මැයෙන් CEYLONESE WRITING සගරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න...
0 out of 5

ආකර්ශණීය නීතිය

Original price was: Rs. 900.Current price is: Rs. 720.
යුග ගණනක් පුරා එය පැවත ආවකි.පරපුරෙන් පරපුරට තිළිණ වූවකි. බොහෝමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණෙකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි. සියවස් ගණනක් ඉපැරණි එම "රහස" ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ ,ගැලීලියෝ, බීතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර...
0 out of 5

නිරුවත් හිරුමඩල

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
එය ක්‍රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගර වලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන්ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන්ගේ නිරන්තර ප්‍රහාර පෘථිවියට එල්ල විය. එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ...
0 out of 5

යක්ෂයාගේ හාදුව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
යක්ෂයාගේ හාදුව ස්කයි ස්ටැන්ඩ්ෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි.ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ්‍ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර් වලින් කර නොහැකි දෙයක් නැති බවය.උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු ඇඟවීම් ඉවතලන ඇය බලා සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ පසුබෑමට ලක්ව තිබූ නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමරිකන් රාජ්‍ය තනිවම ගවේෂණය කිරීමටය....
0 out of 5

පිහාටු වෙළෙන්දි

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
ලින් ඇන්ඩ්‍රිව්ස් එක්සත් රාජධානියෙහි වැඩිම පොත් අලෙවි වන ගත් කතුවරුන් සිය දෙනාගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නියකි (The Sunday Times No.1 Bestselling Author) නැව් හිමියෙකුගේ දියණියක වන ජෙසිකා බ්‍රෙනන් දහනව හැවිරිදි වියට පා තබන විට ඇගේ ලෝකය මුළුමනින්ම කඩා වැටෙයි. පියා මුහුදු අනතුරකින් අහිමි වීමෙන් දැඩි ශෝකයක් ලබන විටම සිදුවන මවගේ මරණය තවත් ඇයට දරා ගත නොහැකි තරම්ය. ඉන් පසුව දැනගන්නට ලැබෙන්නේ...
0 out of 5

සර්ජන්

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,080.
බොස්ටන්හි කිසිදා නුවූ විරූ ලෙස දාම ඝාතන රැල්ලක් ආරම්භ වීම බොස්ටන් පොලීසියේ මිනීමැරුම් අංශය ත්‍රාසයටත් භීතියටත් පත් කළේ මීට වසර දෙකකට පෙර සවානාහිදී සිදුවූ දාම ඝාතන රැල්ලට සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම නිසාය. සාවානාහි දාම ඝාතන රැල්ලේ ඝාතකයාගෙන් දිවි බේරා ගත් ඔහුගේ අවසන් ගොදුර වූ ශල්‍ය වෛද්‍ය කැතරින් කෝර්ඩේල් දැන් බොස්ටන්හි පදිංචිකාරියක් වීමත් ඇය අතින් සාවානා දාම ඝාතන රැල්ල ආරම්භ කළ...
0 out of 5

කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එක. මට අහන්න ලැබුණා ඒ පාරේ තියෙන වැලපෙන සකුරා මල් හරිම ලස්සනයි කියලා.  අපිට කිතා-ඔජි වලට යන්න උමං දුම්රිය ගන්න පුළුවන්.“ “අම්මට තනිවෙලා වගේ දැනෙන එකක් නැද්ද?“ පූජාසනය දෙස බලමින් කොයිෂි කීවාය. “අපි තුන්දෙනෙකුට ඇතිවෙන්න කෑම තියෙනවා. එයාගෙ පින්තූරයකුත් අරගෙන යමු,“ කුස්සියට යමින් නාගරේ කීවේය. “අපි ගෙනියන්න ඕන තව දෙයක් තියෙනවා,“ සාලයට...
0 out of 5

ඔබටත් දිනිය හැකිය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
නිරෝගීව ඉපදුන කෙනෙකුට අධ්‍යාපනයක් ලැබීම ඔස්සේ ජීවත්වීමට, දියුණු වීමට දශක කීපයකට පෙර තරුණු වියට පා ඔසවන විට අවස්ථාව හොඳින් තිබුණි.එහෙත් අද තත්ත්වය වෙනස්ය අද ජීවිතයේ අභියෝග ජයගන්නට කුසලතා දියුණු කරගත යුතුය. මේ පොත මගින් ලැබෙන්නේ ඒ සඳහා ප්‍රබල ආලෝකයකි. ඕනෑම සමාජයක සිටින්නේ හැකි අය සහ නොහැකි අය යනුවෙන් දෙකොටසක් නොවේ.ජයගන්නා අය හා පරාජය වන අයයි. පරාජය සදාකාලික නැත, එසේ නම් ...
0 out of 5

ආතතිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
මේ කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවයක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි කිරීමයි. ආතතියේ නොයෙක් අංශවල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කර ගත හැකිය. එසේම පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත්වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
0 out of 5

ඉරියව් පවසන තොරතුරු

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ඇලන් සහ බාර්බරා පීස් යුවල, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එකම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන 20ක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේම ගෙයින් ගෙයට කියවන තත්ත්වයට පැමිණ ඇත.ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැම විටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය...
0 out of 5

ලංකාවේ ගැමි ජනකතා – තෙවන වෙළුම

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉමහත් උනන්දුවක් දැක්වූ 1849 ඔක්තෝම්බර් මස  11 වැනි දින එංගලන්තයේදී උපත ලද  , 1873 ජුනි 22 වැනි දින ලංකාවට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩ ආරම්භ කළ හෙන්රි පාකර් විසින් රචිත ගැමිකතා 377 කින් සමන්විත 1910 දී වෙලුම් තුනකින් ඔහු විසින් පළ කරන ලද Ancient Ceylon  නම් සම්භාව්‍ය කෘති පෙළහි සිංහල පරිවර්තන...
0 out of 5

ලංකාවේ ගැමි ජනකතා – දෙවන වෙළුම

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,487.
ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉමහත් උනන්දුවක් දැක්වූ 1849 ඔක්තෝම්බර් මස  11 වැනි දින එංගලන්තයේදී උපත ලද  , 1873 ජුනි 22 වැනි දින ලංකාවට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩ ආරම්භ කළ හෙන්රි පාකර් විසින් රචිත ගැමිකතා 377 කින් සමන්විත 1910 දී වෙලුම් තුනකින් ඔහු විසින් පළ කරන ලද Ancient Ceylon  නම් සම්භාව්‍ය කෘති පෙළහි සිංහල පරිවර්තන...
0 out of 5

ලංකාවේ ගැමි ජනකතා – පළමුවන වෙළුම

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,125.
ඉතිහාසය, පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව, ජනශ්‍රැතිය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉමහත් උනන්දුවක් දැක්වූ 1849 ඔක්තෝම්බර් මස  11 වැනි දින එංගලන්තයේදී උපත ලද  , 1873 ජුනි 22 වැනි දින ලංකාවට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩ ආරම්භ කළ හෙන්රි පාකර් විසින් රචිත ගැමිකතා 377 කින් සමන්විත 1910 දී වෙලුම් තුනකින් ඔහු විසින් පළ කරන ලද Ancient Ceylon  නම් සම්භාව්‍ය කෘති පෙළහි සිංහල පරිවර්තන...
0 out of 5

රෑ මාතා

Original price was: Rs. 1,050.Current price is: Rs. 945.
කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කොනෙල් විශ්ව විද්‍යාලයෙන් ජීව රසායන විද්‍යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු හමුදාවේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු විය. යුද්ධයෙන් පසු නිදහස ආපසු ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව හැදෑරුවේය. ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව' 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට්‍රික්' සේවය කළ අත්දැකීම් අළලා, මිනිසත්‍කම...
0 out of 5

අමුතු ළදකි ඈ

Original price was: Rs. 400.Current price is: Rs. 320.
කෙයිකෝ සමාජයට ගැලපෙන්නේ නැත. ඇයට වයස තිස් එකකි. ඇයට කිසිදාක පෙම්වතෙක් හිඳ නැත වසර දහඅටක් පුරා ඇය එකම සිල්ලර වෙළඳ සලක සේවය කරන්නීය. ඇයට හොඳ රැකියාවක් ලැබෙතැයි ඇගේ දෙමව්පියෝ ප්‍රාර්ථනා කරති. ඇය විවාහ නොවන්නේ මන්දැයි ඇගේ මිතුරෝ කල්පනා කරති. එනමුදු තමාව සතුටට පත්කරන්නේ කුමක්දැයි කෙයිකෝ දැන සිටියාය. සිල්ලර තමාව ඉවත් කරගන්නට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නාය.
0 out of 5

මුරාට්ගේ මරණය

Original price was: Rs. 360.Current price is: Rs. 280.
කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති.වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබුණි. ඉතින්, සලේ ඔවුන්ගේ මග පෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ.ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහා ගත් ඔහු කලේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි.මෙම...
0 out of 5

අලුත් වීරයෙක්

Original price was: Rs. 450.Current price is: Rs. 360.
1944 ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය නාසි හමුදාවේ පාලනයට නතු විය. ඉතාලියානු දේශප්‍රේමී සටන් ව්‍යාපාරය සිය බලාපොරොත්තු අත නොහැර සටන් කළේය. දහතුන් වියැති පාවුලෝ සහ ඔහුගේ සහෝදරිය  කොන්ස්ටැන්සාද නාසි පාලනයට විරුද්ධව තම සටන ගෙන ගියහ.ජර්මන් හමුදාවෙන් පැන යන දේශප්‍රේමී යුද සිරකරුවන් සඟවාගෙන උදව් කිරීමට ඔවුන්ගේ මවට සිදුවන විට ඔවුන් දෙදෙනාටද එහි කොටසක් පැවරෙයි. ජර්මානු පාලනයට එරෙහිව සටන් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවද මේ...
0 out of 5

කදිම පාසලේ නායිකාවෝ

Original price was: Rs. 750.Current price is: Rs. 600.
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පංතියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක තෝරන්නටය වඩාත් හොඳින් වගකීම් දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද..?
0 out of 5

කදිම පාසලේ දුෂ්ඨපාලිකාව

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුර ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලම් කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව කේළම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන්ද..?
0 out of 5

කදිම පාසලේ හොඳම නිළිය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
රඟපෑමෙත්, වයලීන වාදනයේත්, අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩියස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනේ. කදිම පාසල් පන්තිනායකාවක වීමට එලසි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක මෝඩකම් අතරේ ඕ 'සලිවන් සොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයටද?
0 out of 5

කදිම පාසලේ සසල රාත්‍රිය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට ඇතුල් වෙයි. ඇය පෙනුමෙන් අහිකුණ්ඨක කෙල්ලෙක්ට සමාන වෙයි. ඇගේ ජීවිතයේ සැඟව ගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරුවන්නට ඇය උගත්තේ කෙසේද?
0 out of 5

කදිම පාසලේ වීරවරිය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්‍ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනේ. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්.. එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටි.
0 out of 5

කදිම පාසලේ මහ රෑ සාදය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
පැට් සහ ඉසබෙල් ඕ'සලිවන් නිවුන් සහෝදරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදුවේ. "උද්දච්ච නිවුන් සොහොයුරියන්" යන අන්වර්ථ නාමය ලැබූ ඔවුන් හට කදිම පාසලේදී මට්ටුවන්නට සිදුවේවිද? මහ රෑ පැවැත්වුණු සාදයේදී පැට් හා ඉසබෙල් ලැබූ අත්දැකීම කුමක් විය හැකිද?  
0 out of 5

හිට්ලර් – ඊවා අමරණීය ආදරේ

Original price was: Rs. 900.Current price is: Rs. 720.
නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක්...
0 out of 5

Helen Moss කතාමාලාව

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහි වූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure Island කතා මාලාව හැඳින්විය හැක.මෙම පොත් වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමලි යන ළමුන් තිදෙනා මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මාලාවයි. 1.ලිහිණි දූපතේ අභිරහස 2.දියේ ගිලුණු මිනිසාගේ අභිරහස 3.අභිරහස් ගුහාවේ දෝංකාරය 4.නැති වූ පද්මරාග මැණිකේ...
0 out of 5

මේ මිනිසෙකු නම්

Original price was: Rs. 850.Current price is: Rs. 765.
සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝද පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවී, එදා මිහිමත ඉදිවුණු ජර්මාණු නරකාදිය ගැන එළඹි සිහියෙන් යුතුව ආවර්ජනය කළේය.ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණ දුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙන එන්නේ එක පරමාර්ථයක් පෙරදැරිවය.එනම් නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම "මිනිසා" යන නාමය දරන සෑම ජීවියකුගේම මිනිස්...
0 out of 5

ආලෝකයේ රණකාමියාගේ අත්පොත

Original price was: Rs. 750.Current price is: Rs. 675.
"හැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේය. එසේම කිසිවෙකු තමා ආලෝකය රණකාමියා යැයි නොසිතුවත් අප සියල්ලෝම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු." ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේය. ස්ත්‍රිය නැවත වරක් මඳ සිනහ නැගුවාය. ආලෝකය රණකාමියා ගැන ලියන්න ඕ කීවාය. දෙවියෝ අපට වචනවල වගකිවයුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහඬියාව ප්‍රයෝජනයට ගනිති. විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මහන්සිය ප්‍රයෝජනයට ගන්නේය. යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය...
0 out of 5

සෙරෙන්ගෙටි මිය නොයනු ඇත

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
අපූරු කෘතියකි! වෛද්‍ය ග්‍රිසිමෙක් සහ ඔහුගේ පුත්‍රයා තරම් වනජීවීන් වෙනුවෙන් මෙහෙයක් ඉටු කළ වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකු මේ මිහිපිට නැත .විශේෂයෙන් යමෙකු සත්ව ජීවිත පිළිබඳව උනන්දුවක් දැක්වූවත් නැතත් ඒ සෑම කෙනෙකු විසින්ම කියවිය යුතු කෘතියකි මෙය. එය තුළින් මේ විශ්මයජනක සුන්දර ලෝකයේ අප විසින් වේගයෙන් නිපදවනු ලබන බිහිසුණු දූවිලි පාත්‍රය පිළිබඳව බියකරු චිත්‍රයක් පෙන්වා දී ඇත. ජෙරල්ඩ් ඩරල්
0 out of 5

වියැකෙන ජීවිත

Original price was: Rs. 550.Current price is: Rs. 440.
දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි. ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට, කතාබහ කරන්නට, ජීවත් වීමට මෙහි පැමිණෙති. ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය. ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල්...
0 out of 5

උරුමයක රැඳි ශාපය

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්. එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්. හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ටේ‍රසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි-. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද්‍යෝගයෙන් නරඹයි....
0 out of 5

සාර්ථක ජීවිතයේ රහස

Original price was: Rs. 600.Current price is: Rs. 480.
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි සිතන අයටද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකි යැයි සිතන අයටද, ජීවිතය වැදගත් කඩඉම් වෙත අවබෝධයෙන් මුහුණ දීමට දැනුමක් අවශ්‍ය යි සිතන අයටද, මෙය බෙහෙවින්ම ඵලදායක අත්පොතකි.
0 out of 5

මනස පුහුණු කිරීම

Original price was: Rs. 880.Current price is: Rs. 704.
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇතිකර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තෘෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම් මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
Loading...