Showing 49–96 of 965 results

0 out of 5

මතක ශක්ති වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
පරිවර්තනය : ප්‍රදීප්කුමාර  බාලසූරිය
0 out of 5

අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි.

Original price was: Rs. 900.Current price is: Rs. 765.
arthawath jeevithayak godanagaganne mehemai පරිවර්තනය: ඇනටිමාරි ජසින්ඩා the power of positive thinking
0 out of 5

නිර්මාණයේ මහා ශෝකය

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,800.
දහනවවන සියවසේ යුරෝපයේ ඇරඹුණු, උපස්ථිතිවාදී චිත්‍ර ප්‍රවණතාවේ පුරෝගාමියකු වන වින්සන්ට් වැන් ගෝ, එම ක්ෂේත්‍රයේ පහළ වූ මුනිවරයෙකි. සාමාන්‍ය මිනිසකු ලබන, ඇලුම් බැඳුම් ලැබීමට වාසනාව නොලද, තමාට නිසගයෙන්ම උරුම වුණු, නිර්මාණ කෞශල්‍යය පමණක්ම ඔහුගේ තනි නොතනියට සිටි, මේ සද් ගුණවත් මිනිසා, චිත්‍රකලාව තුළින්ම තම ජීවිතප්‍රකාශනය ගෙන හැර දැක්විය. චිත්‍ර කලාවත්, ජීවිතයත් ඔහුට දෙකක් නොව එකක්ම විය. අන්ත කටුක දුක් පොදි, ඔහු...
0 out of 5

ලංකා පාරාදීසයේ සැමරුම්

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද්‍යොගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව Ceylon Observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ...
0 out of 5

දශක පහක් ලංකාවේ

Original price was: Rs. 750.Current price is: Rs. 600.
ලංකාවේ මාර්ග පද්ධතියේ පුරෝගාමියා මේජර් තෝමස් ස්කිනර් යැයි පැවසීමේ වරදක් නැත. ඉතාමත් අඩු පහසුකම් සහිතව මෙරට සිතියම සැකසීම සඳහා ඔහු කර ඇති කැපවීමද සුළුපටු නැත. ස්වදේශිකයන් කෙරෙහි අප්‍රමාණ ළෙන්ගතු බවක් දැක්වූ ඔහු මෙරට වෙනුවෙන් ඇප කැපවී ඇත්තේ විදේශිකයකුට වඩා මෙරට උපන් දේශප්‍රේමියෙකු මෙනි. අදටත් අප ඔහු ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත්තේ එහෙයිනි. මේ ඔහුගේ දියණිය අතින් සංස්කරණය වූ ඔහුගේ...
0 out of 5

හිට්ලර් ගේ පලායාම

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ. සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු...
0 out of 5

පුරුද්දක බලය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ කෘතියක අනුවර්තනයකි අනුවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි
0 out of 5

ආශ්චර්යවත් හිමිදිරිය

Original price was: Rs. 800.Current price is: Rs. 680.
ashcharyawath himidiriya miracle morning  
0 out of 5

ආලවන්ත ජේත්තුකාරයා

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරීන්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසු පිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කරනොඇඹූ වටිනා අශ්වයා,...
0 out of 5

වහලකුගේ ඉරණම

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"වහලකුගේ ඉරණම" නමැති මේ අනුවේදනීය සත්‍ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල් කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප්‍රිකාව ආක්‍රමණය...
0 out of 5

ආකර්ෂණ නීතිය

Original price was: Rs. 900.Current price is: Rs. 765.
සෘණාත්මක සිතුවිලි පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය. එවිට එවැන්නෝ අසාර්ථක වෙයි. ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනිම අයය. එවිට එවැන්නෝ සාර්ථක වෙති. සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්, විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුළත් බවය. මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම...
0 out of 5

ලොකුවට හිතන්න

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
lokuwata hithanna පරිවර්තනය සිරිසේන රත්නායක pages 228
0 out of 5

ඉකිගායි

Original price was: Rs. 700.Current price is: Rs. 595.
ikigai  
0 out of 5

පීත හිරු අඩක්

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
peetha hiru adak  
0 out of 5

සැගවුණු ලෝකය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
“ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවියේ...
0 out of 5

අහිමි රස මතක සොයා (කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ 2)

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කියෝතෝ වේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරි වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම්...
0 out of 5

මුදල් සොයන මොළේ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
Morgan Housel The Psychology Money මුදල් සොයන මොළේ '' ජිවිතයේ බොහෝ දේ සඳහා හොඳ ප්‍රීතියක් ඇත. එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳි යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රඳා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි." මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි. -...
0 out of 5

හෝමෝ ඩෙයුස්

Original price was: Rs. 2,600.Current price is: Rs. 2,340.
සාගතය අතුරුදහන් වෙමින් තිබේ ස්ථුලභාවය නිසා ඔබට ඇති ජීවිත අවදානම සාගින්න නිසා වන අවදානමට වඩා අධිකය. මරණය යනු තාක්ෂණික ගැටලුවක්ම පමණකි සමානාත්මතාවය පිටවී යයි; එහෙත් අමරණීයත්වය පිවිසෙයි. අපගේ අනාගතයේ රැඳී ඇත්තේ මොනවාද? 21වැනි සියවසේ දී තමන්වම ප්‍රති-සැලසුම් කර ගැනීමට ද, අලුත් ජීවි ස්වරූපයක් නිර්මාණය කිරීමටද හැකි දෙවියන් බඳු, වර්ගයක් බවට පත්වීමේ අභිලාෂය මනුෂ්‍ය වර්ගයාට තිබේ. විශාල දත්ත සහ කෘතිම බුද්ධිය...
0 out of 5

බුදු දහම සත්‍ය වන්නේ ඇයි?

Original price was: Rs. 950.Current price is: Rs. 855.
රොබට් රයිට් විසින් රචිත, "බුදු දහම සත්‍ය වන්නේ ඇයි?” කෘතිය වඩාත් නවීන බටහිර ඇසකින් බුදු දහමේ හරය විවරණය කිරීමට දරන ලද වැදගත් ප්‍රයත්නයකි. එය විශේෂයෙන්ම විද්‍යාත්මක, දාර්ශනික හා නූතන මනෝ විද්‍යාත්මක ඇසකින් බුදු දහමේ මූලික සිද්ධාන්ත පැහැදිලි කරයි. සිය මතයන් වඩාත් තර්කානුකූල  ‌හා ප්‍රඥාවන්තපදනමකින් යුතුව ඉදිරිපත් කිරීම මෙම කෘතියේ කැපී පෙනෙන ලක්ෂණයකි. මෙහි එන බොහෝ කරුණු විප්ලවකාරී හා සුවිශේෂී වේ....
0 out of 5

පොහොසතුන් නොකී කතා

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,360.
මේ විශ්වයේ ජීවත් වන බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජීවත් වෙයි. ඔබට වුවමනාවට වඩා සේවය බහුල වූ විට ම සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජීවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමත් කම්පාවට පත් වන්නන්. මේ අග හිග මානසිකත්වය' නුසුදුසු තරම් දුක් විඳිම '' ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමත් සාර්ථක...
0 out of 5

පටු මඟෙහි කුඩා නිවහන

Original price was: Rs. 900.Current price is: Rs. 720.
9 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය. ඇය සුප්‍රකට 'ලිට්ල් හවුස්' කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි. ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte...
0 out of 5

කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
අග්‍රහණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මා හැඟි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය, කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප්‍රථමයෙන් මහා පිපුරුමෙන් ආරම්භ වී, සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය...
0 out of 5

බින්දුව සොයා යෑම

Original price was: Rs. 900.Current price is: Rs. 810.
බින්දුව යනු හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොවෙයි. බින්දුවේ මුල හෙවත් ප්‍රභවය සලකන කල, එය දාර්ශනික විවාද රාශියකට තුඩුදුන් මෙතෙක් නොවිසඳුණු අබිරහසක් බඳු විශ්වීය ඥාණයට අයත් ප්‍රපංචයකි. ඒ බින්දුවේ උපත සොයා මහාචාර්ය අමීර් ඇක්සල් ගමන් කළ ඒ අසිරිමත් චාරිකාවේ ආනන්දනීය වුත් ප්‍රඥාවන්ත වුත් කතාව සිංහල පාඨකයාට හමුවන ප්‍රථම අවස්ථාව වන්නේ සරත් මල්ලියා වඩු පරිවර්තනය කළ බින්දුව සොයා යෑමයි. අමීර් ඩී. ඇක්සෙල් බින්දුව...
0 out of 5

මැදියම් රෑ පුස්තකාලේ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
'ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්ත කාලයක්.' ඈ කිව්වා. 'ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොතේ. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා. ඔයාට තිබුණ තෝරාගැනීමේ ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණේ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම...
0 out of 5

රුදුර නොදරන අඳුර

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
The Dark Holds No Terrors යනු දැරියක කලාතුරකිනුත් යුවතියක නිරන්තරවත් ගැහැනියක සුලබවත් අත්විඳින නමුත් රහසේ සඟවා ගනිතියි සිතිය හැකි යම් යම් අත්දැකීම් රාශියක එකතුවකි. පරපීඩනය ඉවසා දරාගත යුතු දෙයක් නොවන අතරම ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ පලායාම තුළ නොවන බවද කතුවරිය සිය සරල නමුත් බරැති රචනා ශෛලියෙන් අවධාරණය කරයි. අවසානයේ සෑම අයකුම අප ජීවත්වන සමාජවල සංස්කෘතික නිර්මිතයන් හා අගයයන් විසින් පීඩාවට...
0 out of 5

මකුළු දැලේ යුවතිය

Original price was: Rs. 650.Current price is: Rs. 520.
කළු වහල් යුවතියකගේ හා ඇය හා මිතුරු වූ සුදු යුවතියකගේ වීර චාරිකාව නිදහසින් මෙපිට කිසිවකින් ඔවුන් සෑහීමකට පත්කළ නොහැකි විය "අකුරු කියවන්න ඉගෙන ගන්න එපා එයාලා ඔයාගේ දබරැඟිල්ල කපා දමාවි. ඔයා තරුණයි. එයාට ඕනෙ දෙයක් කරගන්න ඇරලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න. එයා ඔයාගේ කුසේ වළක් හාරාවි. ඉපදෙන දරුවාත් ඔයා වගේම වහලෙක්. එයාලට ඒ දරුවා විකුණලා ලාබ ගන්න පුළුවනි. කිසිවක්...
0 out of 5

නිරුවත් යුවතිය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
මම මගේ දරුවන් පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් වීමි. ඔවුනට සතුට සපිරි ළමා වියක් ලබා දෙන්නට මම නිතරම වෙහෙසෙමි. ඒ සමගම මම මහත් අවධානයෙන් යුතුව අවට නිරීක්ෂණය කරමි. විමසිල්ලෙන් පසුවෙමි. ඒ මල් කැකුළුවන් අහිංසක ලෝකය පිළිබඳ කිසිත් නොදන්නා මගේ දරු පැටවුන් ගොදුරු කරගන්නට මාන බලන පාපතරයන් සමාජයේ සිටිනා බව මම ඉතා හොඳින් දන්නා හෙයිනි.. "සුළං හමන්නේ අතු ඉති සොලවාගෙනය. දැරියක සෙමෙන් ගස්...
0 out of 5

නිම කළෙමි දුර ගමනක්

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
මෙම කෘතියට පාදකවන්නේ ඉෂමයෙල් බෙයාර්ගේ ළමා කාලය පිළිබඳ කතාවයි. වයස අවුරුදු දොළහ තරම් වු ලාබාල වියකදී ඔහු විසූ සුන්දර ගම්මානය කැරලිකරුවන් විසින් ආක්‍රමණය කර වනසාලන අවස්ථාවෙහි සතුරන්ගෙන් බේරි පළායාමට ඔහු පිවිසෙන්නේ අති භයානක වටා පිටාවක් ඇති පරිසරයකටය. යුද හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් අනතුරුව තමාටද ඕනෑම දරුණු සාහසික ක්‍රියාවක් කළ හැකි බව වටහා ගන්නා අතරම එවන් සාපරාධී ක්‍රියාවන්ගෙන් බැහැර වී නැවත...
0 out of 5

රෝස වලාකුළු

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ආදරය නොමැතිකම හයිඩ් ද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි. ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක් දැයි විමසිලිමත් නොවීමයි. ඔබේ වේදනාව නොහැඳිනීමයි. අවුරුදු පහළවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය, රැකවරණය නොමැති කමට කොතරම් ළඟද?
0 out of 5

කඳුකර රෝස මල්

Original price was: Rs. 480.Current price is: Rs. 384.
එදා රාත්‍රියේ දැරීය සීයා සමඟ කතා කළේ සැන්දෑවේ දුටු ලස්සන ගැනය. ඇය ඒ අතරේ ලේන්සුව ලිහුවේ නෙලාගත් මල් ඔහුට පෙන්වීමටය. එහෙත් ඒ සියල්ල පරවී අපූරු වර්ණයන් ද මැලවී ගොස් තිබුණි. සියේ ...! ඇයි මේ....? "මල් හැදිලා තියෙන්නේ ඉර එළියේ වැඩෙන්න. ලේන්සුවක හිර වුණාම ඒවා මැරිලා යනවා " ඔහු කීවේය. මින් පසු නිදහසේ හැදී වැඩෙන්නට මල් වලට ඉඩ හරින බව ඇය...
0 out of 5

හෙයිඩ්ගේ දරුවෝ

Original price was: Rs. 680.Current price is: Rs. 544.
*අපි අනික් අයගේ ජිවිත වලින් පාඩම් ඉගෙන ගන්න ඕනෙ. අපට ආදරය කරන කෙනෙක්ගේ හිත රිදෙන කල් පමා වෙන්න හොද නැහැ. ලෝකෙ වටිනාම දේ සල්ලි නෙවේ තව කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවන ආදරය, කරුණාව...."
0 out of 5

නිරුවත් ගැහැනිය

Original price was: Rs. 1,380.Current price is: Rs. 1,242.
මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මයජනක යෝග්‍ය සකස් වීම් වලින් සහ සියුම් ඔපලීම් වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්‍රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූර්ව පැවැත්ම වේ. විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්ත්‍රී රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබා දහම මත වැඩි දියුණු කිරීම් වලට වෑයම් කර තිබේ. මෙම අලුත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඩ්...
0 out of 5

විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
මෙය මවිසින් පර්වර්තනය කළ ලොව පුරා ලබාහෝ ජනප්‍රියත්වය ට පත් 'ධනවත් පියා, දිළිඳු පියා (Rich Dad, Poor Dad) ග්‍රන්ථය රචිත රොබර්ට් ටී. කියෝසාකි විසින් රචිත නවතම ග්‍රන්ථය වන 'Why 'A' Students Work for 'C' Student හි සිංහල පරිවර්තනය වේ. වර්තමාන ලෝකය සැළකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස නොව 'දක්ෂයින්ගේ යුගය' ලෙසිනි. ඒ සඳහා කදිම උදාහරණ වන්නේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් නො ලද නමුත්...
0 out of 5

වරලස

Original price was: Rs. 900.Current price is: Rs. 720.
කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන වාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (Untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ්‍යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයුලියාගේ පියාගේ වැඩ පොළයි. ඇගේ පියා යතුරු පැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය...
0 out of 5

හෙනා සිත්තරිය ලක්ෂ්මී

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩිම ඉල්ලුමක් දිනා ගන්නට සමත් වන්නී ය. ප්‍රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාස වන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජිවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර...
0 out of 5

දූවේල්ලේ රැඳුණ පියසටහන්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
බෞද්ධ/ පෞරාණික මූල ග්‍රන්ථ ක්‍රි. පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති වේ. ඒ හැමෙකක ම පාහේ දැකිය හැක්කේ. ත්‍රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප්‍රවාද සමග මිශ්‍ර කිරීමකි. ඕස්ට්‍රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්.ධම්මික විසින් රචිත මෙම පොත. බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම්...
0 out of 5

පිරිමියාව කියවමු – osho the book of man

Original price was: Rs. 700.Current price is: Rs. 560.
රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ.එසේම නෙළුමක් යනු නෙළුමක්.එය රෝස මලක් බවට පත්වීමට කොහෙත්ම තැත් නොකරයි.එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි.ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ.ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ. රෝස මල නිරෝගීව සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි.එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමගින් ජීවත්වෙයි.මිනිසාට...
0 out of 5

සපත්තුවා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
Reebok Global Brand එකක් වීමේ නොදන්නා කතාව ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී සහ දීප්තිමත් ව්‍යවසායකයන්ටත්, ව්‍යාපාරික නායකයන්ටත් ,Shoemaker කෘතියේ මෙම සුවිශේෂී සංස්කරණය මම තිළිණ කරන්නේ මහත්සන්තෝෂයකින්. බෝල්ටන්හි කුඩා කර්මාන්තශාලාවකින් ආරම්භ කළ ගෝලීය සන්නාමයක් දක්වා රීබොක් රැගෙන යාමේ මගේ කතන්දරය, අධිෂ්ඨානය, උත්සාහය සහ මහත් වෙහෙසින් සිහින හඹායාම ගැන කතන්දරයක්. නමුත් ඒ සියල්ලටම වඩා එය ව්‍යවසායකත්වය බලය ගැන සපථ කෙරෙන කතන්දරයක්. ඔබට දැක්මක්, අධිෂ්ඨානයක්...
0 out of 5

විසුවියස් විදාරණය හෙවත් පොම්පියා නගරයේ විනාශය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
ශ්‍රීමත් එඩ්වඩ් බුල්ව ලිට්න් විසින් 1834 දී පළ කරන ලද මෙම කෘතිය ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයකි.ක්‍රිස්තු වර්ෂ 19 අගෝස්තු 24 වැනිදා දහවල් කාලයේ ඉතාලියේ පොම්පියානගරයේ අසළ වූ විසුවියස් ගිනිකන්ද පිපිරීමෙන් වූ අතිමහත් විනාශය මේ කතාවට පසු බිම් වී ඇත . වර්ෂ දහස් ගණනක් තිස්සේ ගිනිකන්ද තුළ ඒකකාශී වූ අති බිහිසුණු බලය විදාරණය වී දහවල මධ්‍යම රාත්‍රිය මෙන් ඝන අන්ධකාරයෙන්...
0 out of 5

බිඳුනු අතීතය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
තම දියණියව බදාගෙන ඉන්නා අතරේ එලයින්ගේ දෑස් කඳුළින් තෙත්විය. මම දැඩි ව කෙල ගිල්ලෙමි. එදවස ඇනා කෙතරම් බිය පත්ව සිටියා දැයි මා සිතුවාද ? නැත. මා දුටුවේ කෝපයට පත් පාලනයෙන් තොර දරුවෙකි. සිදුවූ දේ පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් හා සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට සමහර කතන්දර පවසන තෙක් බලා සිටිය යුතුය ඇනාගේ කතාව ඉන් එකකි.
0 out of 5

පොලියානා පොත් එකතුව

Original price was: Rs. 2,860.Current price is: Rs. 2,288.
පොලියානා සතුට බෙදෙන පොලියානා ජම් සහ පොලියානා යන කෘති ත්‍රිත්වයෙන් මෙම ග්‍රන්ථය සමන්විත වේ.
0 out of 5

මාරක පැතුම

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
අවශ්‍ය කෙනාව විනාශ කරන්න ඕනේ නම් ඔයා ඒ කෙනාගේ යටි සිතට බලය යොදන්න ඕනේ.අපි හැමදෙනාම දරාගෙන ඉන්න මරණයේ පැතුම උද්දීපනය කරලා, අවුස්සලා එළියට ගන්න ඕනේ. ඇය වෙත පවතින උනන්දුව ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරය මම දුටිමි. 'ඔයාට තේරෙනවා නේද? දැන් ඒ මරණයේ පැතුම පතන කෙනා විසින්ම ඇත්තෙන්ම ඇත්ත රෝගී තත්ත්වයක් එයා තුළ ඇති කරගන්නවා.දැන් එයා ප්‍රාර්ථනා කරන්නේ ලෙඩ වෙලා මිය මියයන්න....
0 out of 5

හිකරි ඩිකරි ඩොක්

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
හර්කියුල් පොයිරෝ ගේ ලේකම්වරිය වන මිස් ලෙමොන්ට යම් කරදරයක් තිබේ යන්න තේරුම් ගැනීමට ඔහුට ස්වකීය රහස් පරීක්ෂක සමස්ථ හැකියාවන්ම අවශ්‍ය නැත.ඇය විසින් එක්තරා ලිපියක වැරැදි තුනක්ම සිදු කර තිබේ.ඔහුගේ සාමාන්‍යයෙන් කාර්යක්ෂම සහායිකාවකගේ සොහොයුරිය සේවය කරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ චෞරෝන්මාදය (ක්ලේප්ටෝමේනියාව) උද්ගත වී ඇතැයි යන හැඟීම මෙම වැරදී සිදුවීමට හේතුව බව පෙනිණි.අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත තීරණගත යුතුයි අදහස් කළ, මෙම විශිෂ්ට රහස් පරීක්ෂකවරයා...
0 out of 5

මිනිස් දිවියේ අරුත සොයා

Original price was: Rs. 980.Current price is: Rs. 784.
(නාසි වද කඳවුරු වල සිරගතව සිටි, දිවි ගලවා ගැනීමට සමත් වූ සුප්‍රකට  මනෝ වෛද්‍ය මහාචාර්යවරයකු  එහිදී ලත් අත්දැකීම් ඇසුරෙන් මානසික ගැටලු විසඳා ගැනීමට මග පෙන්වන ඉෂ්ටාර්ථ  චිකිත්සාව ලොවට හඳුන්වා දුන් පුරෝගාමී  කෘතිය)   "ඔබ මේ වසරට කියවන්නේ එකම පොතක් නම් ඒ මේ පොත වියය යුතුය." -ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත - පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවලදී මුහුණ දුන්...
0 out of 5

පොපී

Original price was: Rs. 950.Current price is: Rs. 760.
පාඨකයින්ගේ ආදරය දිනාගත් මුදුණ වාර ගණනක් එළි දක්වා තිබෙන නිර්මාණයකි. ඇගේ නිර්මාණවල විශිෂ්ටත්වය ඇගේ කතාවක් සඳහා පුද්ගල චරිත ගණනාවක් කේන්ද්‍රීය වීමයි. ආදරය, වෛරය, අත්වැරදීම්, පසුතැවීම් යනාදී මිනිස් හැඟීම් සියල්ල හාස්‍යමය සංවේදී බවකින් නිර්මාණය කිරීමට මේරි වෙස්ලි ලේඛිකාව සමත් වී තිබේ. ජීවිතය පිළිබඳව සරලව ලියැවුණු නිර්මාණවලට ඇලුම් කරන පාඨකයන්ට පොපී රසවත් තිළිණයකි. "මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත.මා හුදකලාා...
0 out of 5

අමරණීයත්වයේ අම යුෂ

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,430.
අමරණීයත්වයේ අමයුෂ කෙබඳු ආකාරයේ නවකතාවක්ද එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි. එය ඉතිහාස කණ්ඩයන්ගේ සන්නතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි. ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමගින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන් වග වීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැසූ අයුරුද...
0 out of 5

කළු ඇත්දල

Original price was: Rs. 700.Current price is: Rs. 560.
කොරල් දූපත ලියා ජනප්‍රියත්වයට පත් රොබට් මිචෙල් බැලන්ටයින් අතින් ලියැවුණු වෙනස්ම නවකතාවකි, මෙම නවකතාවට වස්තු විෂය වන්නේ සමකාලීනව වඩාත්  ප්‍රචලිතව පැවැති වහල් මෙහෙයයි. අප්‍රිකාවේ වනාන්තරවල විසූ නීග්‍රෝ ජාතිකයන් අල්ලා වහලුන් ලෙස සේවයට යෙදවීම පිණිස විදෙස් රටවල යැවීමේ ජාවාරම ඔහු දැඩිව පිළිකුල් කළේය. "මෙම නවකතාව හුදෙක් වහල් මෙහෙයේ ඇත්තා වූ අමානුෂික භාවයන් පාඨකයන් වෙත හෙළිදරව් කරනු පිණිසමය. අප්‍රිකා වහල් වෙළෙදාම සපුරා...
0 out of 5

හඬනු පෙම්බර දේශය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
දකුණු අප්‍රිකානු කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබු ප්‍රථම ලේඛකයා ඇලන් පේටන්ය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ටේ්‍රලියාවේ ද්වීතීයක පාසල් හා සරසවිවල නිර්දේශිත පෙළ පොතකි. 'හඬනු පෙම්බර දේශය' භාෂා විස්සකට පරිවර්තනය වී ලොව පුරා ප්‍රචලිත වු විශිෂ්ට ග්‍රන්ථයකි. වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි ඇති කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්ෂපාත හා විෂයබද්ධ විවරණයකි....
Loading...