History Books
ආදම්ගේ දූපත ලංකාව
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
adamge dupatha lankawa පරිවර්තනය සුජීව දිසානායක isle of eden – j a r granier
අභිලේඛන ශාප පාඨ
Rs. 300
පැරණි සිංහල සමාජයේ ප්රධාන සන්නිවේදන මාධ්යයක් වූ සෙල්ලිපි වලින් වැඩි කොටසක් ලියා ඇත්තේ කෙතක් හෝ වැවක් හෝ අරමක් සඟසතු කොට පිදු බව කියා පෑමටයි.එසේ සඟ සතු කෙරුණු ප්රදානය චිරාත් කාලයක් ආරක්ෂා කොට තබා ගැනීමටද සෙල් ලිපි ලියූවෝ උනන්දු වූහ. සාංඝික දේපළ අයථා පරිහරණය කරන්නන් මතු දුක්ඛිත ජීවිත ලබන බැවින් ඉන් වැළකිය යුතු බව කියා පෑම ඒ සඳහා අනුගමනය කළ එක්...
සිදත ගෞතම භගවත
Original price was: Rs. 1,225.Rs. 1,100Current price is: Rs. 1,100.
බුදුන්වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්රහ කළ නව මාදිලියේ ග්රන්ථයක් සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය මහත්මිය 'සිදත ගෞතම භගවත' නමින් එළි දක්වා ඇත. සිද්ධාර්ථ ගෞතම භාග්යවතුන් වහන්සේ සම්බන්ධව නිවැරදි විය යුතු වූත් සත්ය ඉතිහාසය, භූගෝලීය, ඓතිහාසික මූලාශ්ර පාදක කොට ගනිමින් අපමණ වෙහෙසක් දරා මෙම ග්රන්ථය ලියා ඇති බව පෙනේ. මහානාහිමි හා සුද්දන් විසින් සාවද්ය ලෙස ලියා...
සිව් හෙළය
Original price was: Rs. 1,950.Rs. 1,755Current price is: Rs. 1,755.
හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින (ගවේෂණාත්මක කෘතියකි) හියුං ත්සියන්ග් තෙරුන්ගේ වාර්තාව අපට වැදගත් වන්නේ උන්වහන්සේ බුදුන්ගේ දේශයට වැඩම කර සියැසින් දුටු දෑ සහ එහි වැසියාගේ ජනප්රවාදයන් විස්තර කර දී තිබීම නිසාය.යටත් විජිත යුගයේදී සුද්දන් විසින් හියුං ත්සියන්ග් තෙරුන් වැඩම කළේ ඉන්දියාවට ලෙස අනුමාන කර බුදුන් සම්බන්ධ සියලු ස්ථාන තෙරුන්ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ නම් කළේය.එහෙත් වාසනාවකට මෙන් වාර්තාවේ ඇති...
ශ්රී ලංකාවේ උරුමය
Original price was: Rs. 650.Rs. 552Current price is: Rs. 552.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්යාව, පුරාවිද්යාව හා ලලිත කලා පිළිබඳ ප්රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්යාල 5 කට නොඅඩු ගණනක අධ්යයනය ලැබීමේ විශිෂ්ට භාග්ය ද ලද්දෙක් වෙයි. ප්රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්යාලය...
ලංකා ජනතාව
Original price was: Rs. 950.Rs. 807Current price is: Rs. 807.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්යාව, පුරාවිද්යාව හා ලලිත කලා පිළිබඳ ප්රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්යාල 5 කට නොඅඩු ගණනක අධ්යයනය ලැබීමේ විශිෂ්ට භාග්ය ද ලද්දෙක් වෙයි. ප්රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්යාලය...
පැරණි සිංහල ප්රතිමා ශිල්පය
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්යාව, පුරාවිද්යාව හා ලලිත කලා පිළිබඳ ප්රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්යාල 5 කට නොඅඩු ගණනක අධ්යයනය ලැබීමේ විශිෂ්ට භාග්ය ද ලද්දෙක් වෙයි. ප්රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්යාලය...
හෙන්රි පාකර් ගේ පුරාතන ලංකාව
Original price was: Rs. 1,750.Rs. 1,575Current price is: Rs. 1,575.
එතෙක් මෙතෙක් මෙරට සිටි අති විශිෂ්ටතම සංවිධායකයා වූ මෙම තීක්ෂණ බුද්ධික රජතුමා වැද්දන් සමග ඇතිකරගත් සමීප සංධානයක් හේතුවෙන් සිය මයිලනුවන් සිහසුනෙන් නෙරපා රාජ්ය පත්කර ගැනීමට සමත් වූ බව මැනවින් පෙනී යයි.එතුමා ලක්දිව ප්රථම වරට ගම් දනවු සීමා නියම කොට ජනපද පිහිටවූ බව පැවසේ. දුර්භාග්යසම්පන්න කුවේණිය අතහැර දැමුවක් මෙන් ඇයගේ වර්ගයාට ද එම ඉරණම අත් කර දීමට නොහැකි තරම් වැදි ජනයා...
තුතන්කහමන්ගේ සොහොන් ගැබ
Original price was: Rs. 1,900.Rs. 1,710Current price is: Rs. 1,710.
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක්...
මරණය දොරකඩටම ඇවිත්
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
මිනීමරු හිට්ලර්ගේ වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට...
බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය
Original price was: Rs. 1,250.Rs. 1,062Current price is: Rs. 1,062.
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact Description of the most Celebrated East india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon නම් ග්රන්ථය නොක්ස්ගේ සුප්රකට ග්රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon නම් කොටසෙහි පූර්ණ...
කොම්පැනිවීදියේ රොසලිනාහාමී
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
1925 පමණ වන විට කොලොම්පුර කම්කරු අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනකු ගැන සඳහන් වෙයි. වීර පොන්සිනාහාමි,මැගලිනාහාමී,මයිමූනා එවැනි සටන්කාමී චරිත කිහිපයකි. ඒ සමයේ පැවති ට්රෑම්කාර් වර්ජනය සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්රෑමකාර් පීලිමත දිගාවී එම රථ නවතවා අරගලයට සහාය දුන් බැව් කියවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමී එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරු කරගත් නවකතාවකි.
ලංකාවේ වන ප්රවාහය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්රකාශනය : කෙහෙලි ප්රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්යයන්...
පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්
Original price was: Rs. 780.Rs. 702Current price is: Rs. 702.
ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්රසූතිය, කිල්ල, ඔසප් චක්රය, ගබ්සාවිම, වැඩිවිය පැමිණීම ආදිය පිළිබඳ පවත්නා ආකල්ප වත් වත්පිළිවෙත් හා චාරිත්ර වාරිත්ර එකිනෙක වෙනස් තත්ත්වයක් විෂද කරයි.බොහෝ ප්රාථමික සමාජයන්හි වුවද කාන්තාවන් විෂයයෙහි පවත්නා පෙර සඳහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත් පිළිවෙත් පවති. ඕස්ට්රේලියාවේ කළු ජාතිකයින්, ඇලස්කාවේ කාඩෙස්කාව කාඩියස් දූපත්වාසීන්, දකුණු ඉන්දියානු ගෝත්රිකයන්, ශ්රී ලංකාවේ වැදි, කින්නර, රොඩී...
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ
Original price was: Rs. 3,000.Rs. 2,550Current price is: Rs. 2,550.
හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ නවකතා කෙටිකතා චරිත කතා ආදී වශයෙන් මෙකල ප්රකාශන රාශියක් පාඨකයන් හට කියවීමේ භාග්යය ලැබී ඇත. නූතන යුගයේ මෙබඳු ගද්ය පද්ය කෘති නිසා සිංහල සාහිත්ය ද සෑහෙන පමණින් පෝෂණය වී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.මේ පොත් අතරතුරට උප්පත්තියේ සිට තමන් හැසිරුණු ජීවන කතාව පිළිබඳ ලියැවුණු මාර්ටින් වික්රමසිංහයන්ගේ "උපන්දා සිට" "අපේ ගම" වැනි පොත්ද පාඨකයා රස ගැන්වීමට හා සමාජ...
පුල් එළිය
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
අනුරාධපුර දිස්ත්රික්කයේ 'පුල් එළිය' ග්රාමය පදනම් කරගත් සමාජ මානව විද්යාත්මක අධ්යයනයකි.
ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්රියා...
ඇල් .වී.ඒ.ද මැල්
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
දකුණු ආසියාතික පුරාවිද්යාවේ මහා කැණීම් කරුවා සැබෑ ප්රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහ පොළොවේ ප්රායෝගික ක්රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි.වසර තිස්පහක සේවා කාලය තුළ මැල් ගේ අධ්යයනයට ලක්වූ පාංශු ස්තර සංඛ්යාව 20,000 ඉක්මවයි.ඒ තරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණිම්කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසුය.මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පුරාවිද්යාවේ මහා කැණීම්...
මහනුවර රජමහා විහාරාරාම
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
මහනුවර රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්යයනයක ප්රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව වැනි තැන් පමණක්...
තිත්ත කෝපි
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන් නුවරම මිහිදුමින් සළුවෙන් වැසී ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමු වෙති. දැන් ලංකාවෙ වතු හිමියෙක් ව සරුසාරව දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තුවක් දල්වන්නේ ලංකාවේ තම කෝපි වතු යායට යාබදව ඇති අනෙක් වතුයායක් මිලට ගන්න ටොම් පොළඹවා ගනිමිනි.එංගලන්තයෙන් සමුගන්නට සුළු...
වසර 7000 ක ඊජිප්තුව
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
වසර 700 ක ඊජිප්තුව ඉතිහාසය කලාව සාහිත්ය හා සංස්කෘතිය
වෙල්ලස්සේ ජනවහර
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
වෙල්ලස්සේ ජන වහර නම් ග්රන්ථය වෙල්ලස්ස නම් ප්රදේශය ආශ්රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණය සමඟ ශ්රී ලංකා සමාජයේ සිදු වූ අධ්යාපනික හා සංස්කෘතික වෙනස්කම් මගින් පෞරාණික වෙල්ලස්සේ ජන උරුමයන් ද්රවීකරණයට ලක් වූ සැටි මෙම ග්රන්ථයෙන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම වෙල්ලස්ස ප්රදේශයට ආවේනික වූ එනමුත් අද දවසේ කෙමෙන් වියැකී යන වචන 3000ට අධික ප්රමාණයක් මේ කෘතියේ අන්තර්ගතය
වරිගපූර්ණිකාව
Rs. 1,350
යක්ෂ ගෝත්රිකයින්ගේ මහා වංශය සිතා මතා වළ දැමුවේ යැයි විශ්වාස කෙරෙන හෙළ ඉතිහාසයේ පරම හිමිකරුවන් වන යක්ෂ ගෝත්රික ජන සමාජයේ 'මහා වංශය' ලෙස සැලකෙන මෙම ග්රන්ථය 'හිරුගොත් පරපුර' හෙවත් රාවණ පරම්පරාව පිලිබඳව ඓතිහාසික වටිනාකමක් සහිත ලිඛිත සාධක රැසක් අන්තර්ගත වූවකී. අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හර්ද සාක්ෂියෙන් නැගෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපුර්ණිකා ග්රන්ථය පුරාණ පුස්කොළ ග්රන්ථ දෙකක් උපයෝගී...
ඌවේ ඇදහිලි විශ්වාස
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
අතීතයේ යාතුකර්මය ප්රභවය වූයේ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට අපොහොසත් වූ අපේ මුතුන් මිත්තන් ඒ කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත බියකින් එයට වන්දනා මාන කරන්නට ආරම්භ වීමත් සමග ය.මේ යාතු කර්ම මගින් තමන්ගේ එදිනෙදා ගැටලුවලට යම් විසඳුමක් අපේක්ෂා කළ ඔව්හු එයින් පමණක් තෘප්තිමත් නොවී තමන්ට හව්හරණ සපයන ස්වභාව ධර්මයේ දායාද සුරක්ෂිත කර ගැනීමට උත්සුක වූහ.අතීතයේ මුතුන් මිත්තන් ගේ ඒ උදාර කාර්යය භාවය ඌව...
කුරුඳුවත්තේ ගුරු යුවතිය
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
තම දියණියගේ හිතුවක්කාරකම පිළිබඳ පූර්ණ වරද ලුයිසා තම සැමියාගේ දෙවුර මත පැටෙව්වාය.දියණියන්ම තිදෙනෙක් සහිත වූ නිසාම තාත්තා ඔහුගේ ලොකු දුව අන්නාලක්ෂ්මි කොල්ලෙක් ලෙස සිතා හදා වඩා ගත්තේ ය.ඉතින් කොල්ලෙක් හදනව වගේ කෙල්ලෙක් හැදුවා, ඔය මගේ මිනිහගේ වරද නේද? ඕක ඇරත් ඔක්කොම දේ උඩුයටිකුරු කිරිල්ලක් නේද ? ඔහුගේ වරද පිළිබඳ ඔහුට අවවාද කරන්නටත් ලුයිසා උත්සාහ ගත්තාය.ඒ මගින් අන්නා ලක්ෂ්මි ගේ නිදහස...
ලංකාවේ බ්රිතාන්ය හමුදා ක්රියාන්විතයන්හි ස්වර්ණමය යුගය
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
බ්රෝහියර් ගේ මෙම කෘතිය මගින් 1818 අරගලය බ්රිතාන්යයන් මැදිහත් වූ ආකාරය පිළිබඳව වෙනත් කිසිම ග්රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්රීසි පාලකයන්ගේ දුෂ්ටියෙන් අරගලය පිළිබඳ ලියවී ඇති පරිපූර්ණ පොත මෙම ග්රන්ථය බව පැහැදිලිය. උඩරට විවිධ ප්රදේශ ආශ්රිතව පිහිටුවනු ලැබූ හමුදා කඳවුරු සහ ඒවාට අණදුන් නිලධාරීන්ගේ නම්ද එම කඳවුරුවල සිටි භට සංඛ්යාව මෙන්ම එහි ප්රතිවිපාක පිළිබඳව විවරණයක් ද...
ලක්දිව රන්දළු අන්දරය
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
ශ්රේෂ්ඨ තේ කර්මාන්තය සහ පැරණි ලංකාවේ තොරතුරු ඇතුලත් වටිනා කෘතියකි
ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්රම
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
අනුරාධපුර යුගයේ ආගම් ආරම්භයේ සිට නුවර යුගයේ අවසානය දක්වා
හෙළදිව වසර එකොළහක්
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
Heladiwa wasara ekolak පරිවර්තනය : මනෝ ප්රනාන්දු ප්රකාශනය : කෙහෙලි ප්රකාශකයෝ
මහාවංශය සිංහල
Original price was: Rs. 2,150.Rs. 1,935Current price is: Rs. 1,935.
බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය
බ්රිතාන්යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්රිතාන්ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්රන්ථයකි.මේ ග්රන්ථය ඌව ඉතිහාසය පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ ග්රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට...
අපේ ගම මාතර
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
මේ පුංචි ශ්රී ලංකාව තුළ එකිනෙකට වෙනස් භාෂා රටාවන් , ආහාර රටාවන් මෙන්ම එකිනෙකට වෙනස් වූ සිරිත් විරිත් බොහොමයක් පවතිනවා . කොළඹින් පිටත්ව ටිකෙන් ටික රට ඇතුලටත් මුහුදුබඩ පළාත් වලටත් පිවිසෙන ඔබට මෙම වෙනස්කම් පැහැදිලිව දක්නට ඇතුවාට සැකයක් නැහැ . සමරසිංහ ගුණසේකර මහතා විසින් රචිත "අපේ ගම මාතර" කෘතිය කියවන ඔබට සැබැවින්ම මාතරටම ආවේණික වූ භාෂා රටාවත්, ආහාර සංස්කෘතීන් වගේම...
සිංහල සිරිත් සංග්රහය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
සිංහල සිරිත් ජන සම්ප්රදායකි , එය සාම්ප්රදායික දැනුමෙන් පෝෂණය වූවකි .එමෙන්ම පරපුරෙන් පරපුරට ජනශ්රුතිය උරුමයක් වේ, සිංහල සිරිත් සංග්රහය මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි මහින්ද කුමාර දළුපොත
බෝයර් සිරකරුවකුගේ මතක සටහන්
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්රින්ක් ඉංග්රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි .දකුණු අප්රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි .1901 දී තවත් පන්දහසක් පමණ යුද සිරකරුවන් සමග ලංකාවට එවූ ඔහු අවුරුදු දෙකක් පමණ මෙරට සිටි අතර වැඩි කල් ගත කළේ දියතලාව හා රාගම සිර කඳවුරු වල ය .ඉංග්රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුම් දුන් යුද සිරකරුවන්ට ඉංග්රීසි ආණ්ඩුව සමාව දුන්...
තම්බි මුදියන්සේ
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්රීසීන් මෙරට ආක්රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
දේව කථාලංකාරය
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
ප්රථම මුද්රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්රකට නූර්ති නාට්ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ 912...
ලංකා ඉතිහාසයෙන් කතන්දර
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "stories from the history of ceylon "නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර"මැයෙන් මෙසේ සිංහල සාහිත්ය හා සබැඳේ රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි . තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම...
වනගත පාසල
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
මාස 16ක් මොනරාගල දිස්ත්රික්කයේ වනගත ගමක ජිවත් වී ආවාසිදායක ග්රාමීය ප්රදේශවල අධ්යාපනය පිළිබඳව කළ පර්යේෂණය මුල් කර ගත් මහාචාර්ය Victoria J Baker ගේ The Blackboard in the jungle පොතහි අංග සම්පුර්ණ සිංහල පරිවර්තනය දැන් වියත් වෙතින් ගෙන්වාගත හැක
චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්රකාශනය : කෙහෙලි ප්රකාශකයෝ
ලක්දිව සැඟවුණු වනකතා
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
ලලා ආදිත්ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව...
පෙම්බර ලංකා
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic ceylon නැමති සුප්රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්රීසි පොත ප්රථම වලට 1929 දී ප්රකාශයට පත් වූවකි . සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික...
ලක්දිව කොකෝවා අන්දරය
Original price was: Rs. 720.Rs. 576Current price is: Rs. 576.
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත . සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්ර වාරිත්ර සහ සම්ප්රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ...
අවුෂ්ව්ට්ස් ඝාතක කදවුර
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය ඝාතනය,කෲරත්වය, වික්රමය, පලායාම සහ නොනැසී පැවතීම පිළිබඳ අනුස්මරණීය කතන්දරයකි
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්රිතාන්ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්යාවක් මරා දැමීමේ වගකීම භාරගත් දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
කන්ද උඩ රට සටන්
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
බ්රිතාන්යයන් කන්ද උඩරට ආක්රමණය සඳහා දැරූ ප්රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්රතිඵලයක් වශයෙන් බව...
කෝපි කාලෙ ලංකාව
Original price was: Rs. 400.Rs. 340Current price is: Rs. 340.
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
පුරාණ ශ්රි ලංකාවේ සුසාන චාරිත්ර
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්යාව ශ්රේෂ්ඨ පුරාවිද්යාව හා පුරාවිද්යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්යාලයේ පුරාවිද්යා අධ්යයන අංශයේ අංශ ප්රධානී ලෙස කටයුතු කරනු ලබයි
ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්ය
Original price was: Rs. 980.Rs. 833Current price is: Rs. 833.
ඉතිපිසෝ ජාතක කාව්ය ක්රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්ය හා ස්ත්රීවාදී සාහිත්ය පිළිබඳ...
