Cart

Showing 1–48 of 93 results

0 out of 5

මාතර මහ කැරැල්ල

Original price was: Rs. 750.Current price is: Rs. 675.
මෙම කෘතිය ලුඩ වැයික් වාහනාර් ලන්දේසි බසින් රචිත ගාල්ල - ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව - 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ Besenów (Lodewijk Wagenaar, Galle VOC vestiging in Ceylon- Beschrijving van een koloniale samenleving aan de voorond van de Singalese opstand tegen het Nederlandse gecag, 760 (Amsterdam (De Batalische Leciw)...
0 out of 5

ලංකාවේ සියවසක්

Original price was: Rs. 850.Current price is: Rs. 680.
"ලංකාවේ සියවසක්" ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
0 out of 5

දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසින් අතර ලිපි ගනුදෙනු

Original price was: Rs. 850.Current price is: Rs. 722.
පෘතුගීසින් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශවයට එරෙහිව දියත් කරන ලද යුධමය උපාය මාර්ගයක් මෙම ලිපිවලින් අනාවරණය වේ. දාහත් වැනි සියවස මැද භාගයේ දී ලංකාවේ ඉතිහාස කතාවෙහි සංශිප්තව ඉදිරිපත් කෙරෙන පිවිසුම් මාලාවට මූලාශ්‍ර වූ මෙම කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළවනුයේ ප්‍රථම වතාවටය. ලිපි වල අන්තර්ගතය විස්තරණය කරනු පිණිස 1672 වර්ෂයේ...
0 out of 5

ලංකා ඉතිහාසයේ රස මුසු සිදුවීම්

Original price was: Rs. 850.Current price is: Rs. 722.
අප රට යටත් විජිතයක්ව පැවති වකවානුවේ ඉංග්‍රීසි ජාතික රාජ්‍ය නිලධාරියකු ලෙස මෙහි සේවය කළ R H Bassette විසින් ස්වදේශිකයන්ගෙන් අසා ගත් ජනප්‍රවාද මෙන්ම ඉතිහාසය වාර්තාගත කරුණු ද රසාත්මක අයුරින් සම්මිශ්‍රණය  කරමින් සිත් ගන්නා ප්‍රබන්ධ 12ක් Romance Ceylon  නමින් මෙහි මුල් කෘතිය පළ කරන ලද්දේ මීට වසර  සියයකටත් ඉහතදීය. සිංහලයින්ගේ මූලාරම්භයෙන් සිය සංස්කෘතියට පිවිසෙන කතුවරයා සියවසකට පෙර අපේ රටෙහි ඔහු සියැසින්...
0 out of 5

සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය

Original price was: Rs. 750.Current price is: Rs. 637.
සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයෙකු පමණක්ම නොවේ,ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු බලවේගයකි. වරෙක අතීත ඇදහීමක ශේෂයක්ද සංක්‍රමණිකයකු, මළගිය ඥාතියෙකු ,පරාජයට පත් වූ ජන ප්‍රධානියකු බවටද පත්වෙන ඔහු ආක්‍රමණික ජනතාවගේ ශරීර වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණයද ලබා ගන්නේය. සිංහල සමාජයේ ඇදහීම් වල දේවත්වයට මුල් තැන් හිමිවෙද්දී යක්ෂයන් එයට පහත් ස්තරයක වඩාත් විශාල පරාසයක පැතිර පවත්නා බව ජනශ්‍රැති, සංස්කෘතික සහ...
0 out of 5

මායාරංජන් කෘති එකතුව

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
සම්පූර්ණ පොත් කට්ටලය මගේ රාජ්‍යය පිටිසර මිනිස්සු අපේ රාජ්‍යය දිගාමඩුල්ලේ ආශ්චර්ය
0 out of 5

ඉතිහාසය ලංකාව සහ ලෝකය

Original price was: Rs. 690.Current price is: Rs. 552.
ඉතිහාසය හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ ඩේවිඩ් හසී මැතිතුමා 1923 දී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයකු ලෙස පත්ව ලංකාවට පැමිණ අනතුරුව මහාචාර්ය ධූරයද හෙබවීය. එතුමා විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද Ceylon and world history නම් මාහැඟි  ග්‍රන්ථ මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මගින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදුව 1930 වර්ශයේදී පළ කරන ලදී.    මෙසේ නැවත පළකරන එම අගනා...
0 out of 5

මහාචාර්‍ය අර්නස්ට් හැකල්ගේ ලංකා සංචාරය – 1882

Original price was: Rs. 850.Current price is: Rs. 722.
ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝම්බර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව මොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේය.හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය ,මහනුවර, ගාල්ල වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරය සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර1883 අප්‍රේල් මාසයේ ලංකාවෙන් පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේය. මේ රටට එන...
0 out of 5

දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
දකුණු ඉන්දියාවේ, බුදු දහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව්‍යාප්ත වී පරිහානියට පත්විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ  පෙරියපුරාණම්" මෙම කෘතියේ තමිල්නාඩු ප්‍රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ්‍රයෙන් ආචාර්ය හිඳගල ඥාණාධාර හිමියෝ විග්‍රහ කරති.
0 out of 5

ලොව පැතිර වසන අහිගුන්ඪිකයෝ

Original price was: Rs. 950.Current price is: Rs. 807.
"ලොව පුරා පැතිර වසන අහිගුන්ඨිකයෝ" එක හුස්මට කියවිය හැකි ග්‍රන්ථයකි. මානව, විද්‍යාත්මක, මෙන්ම ඓතිහාසික කරුණු හා තොරතුරු රැසක් ක්‍රමවත්ව,සුගම ව්‍යවහාර භාෂා ශෛලියකින් ඉදිරිපත් කිරීමට කතෘ  සමත් වී ඇත.පෙර අපරදිග භාෂා කිහිපයක් ගැඹුරට හදාරා ඇති රණසිංහ ශූරීන් අහිගුන්ටක සමාජය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත්තේ මහත් ආයාසයෙනි, මැනවින් ප්‍රගුණ කළ ජර්මන්, ඉංග්‍රීසි සංස්කෘත හා සිංහල භාෂා ඥානය උපයෝගී කොටගෙන විවිධ රටවල වසන අහිගුන්ටක...
0 out of 5

ගාඩි ජන වත

Original price was: Rs. 350.Current price is: Rs. 297.
අටලොස් කුල ධුරාවලියේ පතුලටම තල්ලුවී ගිය ගාඩි (රොඩී) ජන සංහතිය පිළිබඳව සමාජ විද්‍යාත්මක මැදිහත් විමර්ශනයකි, ගාඩි ජන වත. චන්ද්‍ර ශ්‍රී රණසිංහයන්ගේ මෙම ගාඩි ජන වත කෘතිය එම් ඩී රාඝවනගේ Handsome beggars: the story of the Ceylon rodiyas කෘතියට ඌණපූර්ණ විවරණයක් වනු සේ ය.
0 out of 5

රත්නවල්ලියගේ දරුවෝ

Original price was: Rs. 450.Current price is: Rs. 382.
ඉංග්‍රීසි බසින් පොතම වලට 1956 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එම් ඩී රාඝවන්ගේ Handsome beggars: Story Of The Ceylon Rodiya කෘතිය කෘතහස්ත පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ සූරීන් අතින් "රත්නවල්ලිය ගේ දරුවෝ" නමින් සිංහලයට පරිවර්තනය වී ප්‍රථම වරට පළ වූයේ 2008 වසරේදීය.රාඝවන් ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ මානව වංශ විද්‍යාඥයෙකු වශයෙන් කලක් සේවය කළ විද්වතෙකි. මෙරට වාසි රොඩී,අහිගුණ්ඨක, වැදි ආදී විවිධ ජන...
0 out of 5

ලක්දිව අන්දර

Original price was: Rs. 500.Current price is: Rs. 400.
මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත pictures from the east නම් වූ කෘතියෙහි සිංහල පපරිවර්තනයයි.ජෝන් ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදී. එකල සමහර යුරෝපීය ජාතිකයින් ස්වදේශිකයින් සමග එදිනෙදා ගැවසී ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදී.ජෝන් කාපර් කළේත් එයමයි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය  ජීවිතයේ වඩාත්ම කැමති මෙන්ම, වඩාත් මතකයේ රැදී තිබූ සිදුවීම්, පසුව...
0 out of 5

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂාව  ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳවද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම් ලේඛන වාර්තා සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද සසඳමින් වංශකතා අපට  නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක්‍රමණිකයන්  ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය...
0 out of 5

ආදම්ගේ දූපත ලංකාව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
adamge dupatha lankawa පරිවර්තනය සුජීව දිසානායක isle of eden – j a r granier
0 out of 5

අභිලේඛන ශාප පාඨ

Rs. 300
පැරණි සිංහල සමාජයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වූ සෙල්ලිපි වලින් වැඩි කොටසක් ලියා ඇත්තේ කෙතක් හෝ වැවක් හෝ අරමක් සඟසතු කොට පිදු බව කියා පෑමටයි.එසේ සඟ සතු කෙරුණු ප්‍රදානය චිරාත්  කාලයක් ආරක්ෂා කොට තබා ගැනීමටද  සෙල් ලිපි ලියූවෝ උනන්දු වූහ. සාංඝික දේපළ අයථා පරිහරණය කරන්නන් මතු දුක්ඛිත ජීවිත ලබන බැවින් ඉන් වැළකිය යුතු බව කියා පෑම ඒ සඳහා අනුගමනය කළ එක්...
0 out of 5

සිදත ගෞතම භගවත

Original price was: Rs. 1,225.Current price is: Rs. 1,100.
බුදුන්වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව මාදිලියේ ග්‍රන්ථයක්  සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය මහත්මිය 'සිදත ගෞතම භගවත' නමින් එළි දක්වා ඇත. සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව නිවැරදි විය යුතු වූත් සත්‍ය ඉතිහාසය, භූගෝලීය, ඓතිහාසික මූලාශ්‍ර පාදක කොට ගනිමින් අපමණ වෙහෙසක් දරා මෙම ග්‍රන්ථය ලියා ඇති බව පෙනේ. මහානාහිමි හා සුද්දන් විසින් සාවද්‍ය ලෙස ලියා...
0 out of 5

සිව් හෙළය

Original price was: Rs. 1,950.Current price is: Rs. 1,755.
හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින (ගවේෂණාත්මක කෘතියකි) හියුං ත්සියන්ග් තෙරුන්ගේ වාර්තාව අපට වැදගත් වන්නේ උන්වහන්සේ බුදුන්ගේ දේශයට වැඩම කර සියැසින් දුටු දෑ සහ එහි වැසියාගේ ජනප්‍රවාදයන් විස්තර කර දී තිබීම නිසාය.යටත් විජිත යුගයේදී සුද්දන්  විසින් හියුං ත්සියන්ග් තෙරුන් වැඩම කළේ ඉන්දියාවට ලෙස අනුමාන කර බුදුන් සම්බන්ධ සියලු ස්ථාන තෙරුන්ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ නම් කළේය.එහෙත් වාසනාවකට මෙන් වාර්තාවේ ඇති...
0 out of 5

ශ්‍රී ලංකාවේ උරුමය

Original price was: Rs. 650.Current price is: Rs. 552.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

ලංකා ජනතාව

Original price was: Rs. 950.Current price is: Rs. 807.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය

Original price was: Rs. 850.Current price is: Rs. 722.
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්‍රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
0 out of 5

හෙන්රි පාකර් ගේ පුරාතන ලංකාව

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
එතෙක් මෙතෙක් මෙරට සිටි අති විශිෂ්ටතම සංවිධායකයා වූ මෙම තීක්ෂණ බුද්ධික රජතුමා වැද්දන් සමග ඇතිකරගත් සමීප සංධානයක් හේතුවෙන් සිය මයිලනුවන් සිහසුනෙන් නෙරපා රාජ්‍ය  පත්කර ගැනීමට සමත් වූ බව මැනවින් පෙනී යයි.එතුමා ලක්දිව ප්‍රථම වරට ගම් දනවු සීමා නියම කොට ජනපද පිහිටවූ බව පැවසේ. දුර්භාග්‍යසම්පන්න කුවේණිය අතහැර දැමුවක් මෙන් ඇයගේ වර්ගයාට ද එම ඉරණම අත් කර දීමට නොහැකි තරම් වැදි ජනයා...
0 out of 5

තුතන්කහමන්ගේ සොහොන් ගැබ

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,710.
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක්...
0 out of 5

මරණය දොරකඩටම ඇවිත්

Original price was: Rs. 550.Current price is: Rs. 440.
මිනීමරු  හිට්ලර්ගේ  වධක කදවුරේ මරණය අබියස කල් ගෙවු ළමයාගේ කතාව  වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට...
0 out of 5

බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,062.
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact  Description of the most Celebrated East  india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon  නම් ග්‍රන්ථය  නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon  නම් කොටසෙහි පූර්ණ...
0 out of 5

කොම්පැනිවීදියේ රොසලිනාහාමී

Original price was: Rs. 750.Current price is: Rs. 675.
1925 පමණ වන විට කොලොම්පුර කම්කරු  අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනකු ගැන සඳහන් වෙයි. වීර පොන්සිනාහාමි,මැගලිනාහාමී,මයිමූනා එවැනි  සටන්කාමී චරිත කිහිපයකි. ඒ සමයේ පැවති ට්‍රෑම්කාර් වර්ජනය  සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑමකාර් පීලිමත දිගාවී එම රථ නවතවා අරගලයට සහාය දුන් බැව් කියවේ.කොම්පැනිවීදියේ රොසලිනාහාමී එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරු කරගත් නවකතාවකි.
0 out of 5

ලංකාවේ වන ප්‍රවාහය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්‍රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්‍යයන්...
0 out of 5

පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්

Original price was: Rs. 780.Current price is: Rs. 702.
ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසූතිය, කිල්ල, ඔසප් චක්‍රය, ගබ්සාවිම, වැඩිවිය පැමිණීම ආදිය පිළිබඳ පවත්නා ආකල්ප වත් වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර එකිනෙක වෙනස් තත්ත්වයක් විෂද කරයි.බොහෝ ප්‍රාථමික සමාජයන්හි වුවද කාන්තාවන් විෂයයෙහි පවත්නා පෙර සඳහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත් පිළිවෙත් පවති. ඕස්ට්‍රේලියාවේ කළු ජාතිකයින්, ඇලස්කාවේ කාඩෙස්කාව කාඩියස් දූපත්වාසීන්, දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන්,  ශ්‍රී ලංකාවේ වැදි, කින්නර, රොඩී...
0 out of 5

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ

Original price was: Rs. 3,000.Current price is: Rs. 2,550.
හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ නවකතා කෙටිකතා චරිත කතා ආදී වශයෙන් මෙකල ප්‍රකාශන රාශියක්  පාඨකයන් හට කියවීමේ භාග්‍යය ලැබී ඇත. නූතන යුගයේ මෙබඳු ගද්‍ය පද්‍ය කෘති නිසා සිංහල සාහිත්‍ය ද සෑහෙන පමණින් පෝෂණය වී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.මේ පොත් අතරතුරට උප්පත්තියේ සිට තමන් හැසිරුණු ජීවන කතාව පිළිබඳ ලියැවුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "උපන්දා සිට" "අපේ ගම" වැනි පොත්ද පාඨකයා රස ගැන්වීමට හා සමාජ...
0 out of 5

පුල් එළිය

Original price was: Rs. 850.Current price is: Rs. 765.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ 'පුල් එළිය' ග්‍රාමය පදනම් කරගත් සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයකි.
0 out of 5

ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්

Original price was: Rs. 800.Current price is: Rs. 720.
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා...
0 out of 5

ඇල් .වී.ඒ.ද මැල්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
දකුණු ආසියාතික පුරාවිද්‍යාවේ මහා කැණීම් කරුවා සැබෑ ප්‍රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහ පොළොවේ ප්‍රායෝගික  ක්‍රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි.වසර තිස්පහක සේවා කාලය තුළ මැල් ගේ අධ්‍යයනයට ලක්වූ පාංශු ස්තර සංඛ්‍යාව 20,000 ඉක්මවයි.ඒ තරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණිම්කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසුය.මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පුරාවිද්‍යාවේ මහා කැණීම්...
0 out of 5

මහනුවර රජමහා විහාරාරාම

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
මහනුවර  රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්‍රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්‍රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්‍රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව  වැනි තැන් පමණක්...
0 out of 5

තිත්ත කෝපි

Original price was: Rs. 850.Current price is: Rs. 765.
වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන්  නුවරම මිහිදුමින් සළුවෙන් වැසී ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමු වෙති. දැන් ලංකාවෙ වතු හිමියෙක් ව සරුසාරව දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තුවක් දල්වන්නේ ලංකාවේ තම කෝපි වතු යායට යාබදව  ඇති අනෙක් වතුයායක් මිලට ගන්න ටොම් පොළඹවා ගනිමිනි.එංගලන්තයෙන් සමුගන්නට සුළු...
0 out of 5

වසර 7000 ක ඊජිප්තුව

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
වසර 700 ක ඊජිප්තුව ඉතිහාසය කලාව සාහිත්‍ය හා සංස්කෘතිය
0 out of 5

වෙල්ලස්සේ ජනවහර

Original price was: Rs. 980.Current price is: Rs. 882.
වෙල්ලස්සේ ජන වහර නම් ග්‍රන්ථය වෙල්ලස්ස නම් ප්‍රදේශය ආශ්‍රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණය සමඟ ශ්‍රී ලංකා සමාජයේ සිදු වූ අධ්‍යාපනික හා සංස්කෘතික වෙනස්කම් මගින් පෞරාණික වෙල්ලස්සේ ජන උරුමයන් ද්‍රවීකරණයට ලක් වූ සැටි මෙම ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි.  විශේෂයෙන්ම වෙල්ලස්ස ප්‍රදේශයට ආවේනික වූ එනමුත් අද දවසේ කෙමෙන් වියැකී යන වචන 3000ට අධික ප්‍රමාණයක් මේ කෘතියේ අන්තර්ගතය
0 out of 5

වරිගපූර්ණිකාව

Rs. 1,350
යක්ෂ ගෝත්‍රිකයින්ගේ මහා වංශය   සිතා මතා වළ දැමුවේ යැයි විශ්වාස කෙරෙන හෙළ ඉතිහාසයේ පරම හිමිකරුවන් වන යක්ෂ ගෝත්‍රික ජන සමාජයේ 'මහා වංශය' ලෙස සැලකෙන මෙම ග්‍රන්ථය 'හිරුගොත් පරපුර' හෙවත් රාවණ පරම්පරාව පිලිබඳව ඓතිහාසික වටිනාකමක් සහිත ලිඛිත සාධක රැසක් අන්තර්ගත වූවකී. අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හර්ද සාක්ෂියෙන් නැගෙන විලාපයේ අඬහැරයක් බඳු වූ  මෙම වරිගපුර්ණිකා ග්‍රන්ථය පුරාණ පුස්කොළ ග්‍රන්ථ දෙකක් උපයෝගී...
0 out of 5

ඌවේ ඇදහිලි විශ්වාස

Original price was: Rs. 850.Current price is: Rs. 680.
අතීතයේ යාතුකර්මය ප්‍රභවය වූයේ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට අපොහොසත් වූ අපේ මුතුන් මිත්තන් ඒ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියකින්  එයට වන්දනා මාන කරන්නට ආරම්භ වීමත් සමග ය.මේ යාතු කර්ම මගින් තමන්ගේ එදිනෙදා ගැටලුවලට යම් විසඳුමක් අපේක්ෂා කළ ඔව්හු එයින් පමණක් තෘප්තිමත් නොවී තමන්ට හව්හරණ සපයන ස්වභාව ධර්මයේ දායාද සුරක්ෂිත කර ගැනීමට උත්සුක වූහ.අතීතයේ මුතුන් මිත්තන් ගේ ඒ  උදාර කාර්යය භාවය ඌව...
0 out of 5

කුරුඳුවත්තේ ගුරු යුවතිය

Original price was: Rs. 850.Current price is: Rs. 765.
තම දියණියගේ හිතුවක්කාරකම පිළිබඳ පූර්ණ වරද ලුයිසා තම සැමියාගේ දෙවුර මත පැටෙව්වාය.දියණියන්ම තිදෙනෙක් සහිත වූ නිසාම තාත්තා ඔහුගේ ලොකු දුව අන්නාලක්ෂ්මි කොල්ලෙක් ලෙස සිතා හදා වඩා ගත්තේ ය.ඉතින් කොල්ලෙක් හදනව වගේ කෙල්ලෙක් හැදුවා, ඔය මගේ මිනිහගේ වරද නේද? ඕක ඇරත් ඔක්කොම දේ උඩුයටිකුරු කිරිල්ලක් නේද ? ඔහුගේ වරද පිළිබඳ ඔහුට අවවාද කරන්නටත් ලුයිසා උත්සාහ ගත්තාය.ඒ මගින් අන්නා ලක්ෂ්මි ගේ නිදහස...
0 out of 5

ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මගින් 1818 අරගලය බ්‍රිතාන්‍යයන් මැදිහත් වූ ආකාරය පිළිබඳව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දුෂ්ටියෙන් අරගලය පිළිබඳ ලියවී ඇති පරිපූර්ණ පොත මෙම  ග්‍රන්ථය  බව පැහැදිලිය. උඩරට  විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කඳවුරු සහ ඒවාට අණදුන් නිලධාරීන්ගේ නම්ද එම කඳවුරුවල සිටි භට සංඛ්‍යාව  මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබඳව විවරණයක් ද...
0 out of 5

ලක්දිව රන්දළු අන්දරය

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය සහ පැරණි ලංකාවේ තොරතුරු ඇතුලත් වටිනා කෘතියකි
0 out of 5

ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම

Original price was: Rs. 750.Current price is: Rs. 600.
අනුරාධපුර යුගයේ ආගම් ආරම්භයේ සිට නුවර යුගයේ අවසානය දක්වා
0 out of 5

හෙළදිව වසර එකොළහක්

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
Heladiwa wasara ekolak පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ  
0 out of 5

මහාවංශය සිංහල

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
0 out of 5

බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි.මේ ග්‍රන්ථය ඌව ඉතිහාසය පරිසරය  සහ සමාජය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට...
0 out of 5

අපේ ගම මාතර

Original price was: Rs. 300.Current price is: Rs. 240.
මේ පුංචි ශ්‍රී ලංකාව තුළ එකිනෙකට වෙනස් භාෂා රටාවන් , ආහාර රටාවන් මෙන්ම එකිනෙකට වෙනස් වූ සිරිත් විරිත්  බොහොමයක් පවතිනවා . කොළඹින් පිටත්ව ටිකෙන් ටික රට ඇතුලටත් මුහුදුබඩ පළාත් වලටත් පිවිසෙන ඔබට මෙම වෙනස්කම් පැහැදිලිව දක්නට  ඇතුවාට සැකයක් නැහැ . සමරසිංහ ගුණසේකර මහතා විසින් රචිත "අපේ ගම මාතර"  කෘතිය කියවන ඔබට සැබැවින්ම මාතරටම ආවේණික වූ භාෂා රටාවත්, ආහාර සංස්කෘතීන් වගේම...
0 out of 5

සිංහල සිරිත් සංග්‍රහය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
සිංහල සිරිත් ජන සම්ප්‍රදායකි , එය සාම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි .එමෙන්ම පරපුරෙන් පරපුරට ජනශ්‍රුතිය උරුමයක් වේ, සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි මහින්ද කුමාර දළුපොත
0 out of 5

බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්‍රින්ක් ඉංග්‍රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි .දකුණු අප්‍රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි .1901 දී තවත් පන්දහසක් පමණ යුද සිරකරුවන් සමග ලංකාවට එවූ ඔහු අවුරුදු  දෙකක් පමණ මෙරට සිටි අතර වැඩි කල් ගත කළේ දියතලාව හා රාගම සිර කඳවුරු වල ය .ඉංග්‍රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුම් දුන් යුද සිරකරුවන්ට ඉංග්‍රීසි ආණ්ඩුව සමාව දුන්...
Loading...