Educational
ලොවේ වැජඹෙන කලාව -Think and Grow Rich
Rs. 1,120
සාර්ථකත්වයට පත් නොවූවන් තුළ පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වෙයි. එනම් ඔවුහු අසාර්ථකත්වයට පත්වීමේ සියලු හේතු දනිති. එමෙන්ම ඔවුහු තම ජයග්රහණයන් වැළැක්වීමට බලපෑ නොහැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති. මෙම නොහැකියාවන්ගෙන් සමහරක් පැහැදිලිය. එයින් කිහිපයක් සත්‍ය මගින් සාධාරණය කළ හැකිය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නොහැකියාවන් පැවසීම පළක් නොවේ. ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි, ඒ ඔබ...
සාර්ථක වන්නේ මෙහෙමයි
Rs. 1,160
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි? "සාර්ථක වන්නේ මෙහෙමයි" නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා...
වැඩ කිරීමේ සතුට
Rs. 880
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවනුයේ වැඩවල නිරත වීම සඳහාය. එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවන් මරණය හා බදු ගෙවීම් වැනි අප්‍රිය, කරදරකාරී එමෙන්ම ඒකාකාරී වූ ඒවා හා හැඟෙයි. රැකියාව වෙහෙස ගෙන දෙයි. මීට හේතුව වන්නේ මොනවද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි. සතුටින් වැඩ කළ හැකිනම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වෙයි මේ පොත ඒ සඳහා...
ආදරයේ භාෂා
Rs. 784
විවාහකයන් දුරස් කරවන ආදරයේ "භාෂා 5" සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේද ආචාර්ය ගැරී චැප්මන් විසිනි.එකිනෙකාගේ හැඟීම් හා අවශ්‍යතාවයන් වටහාගෙන අඹුසැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ සැබෑ ජීවිතයද උදාහරණයට ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැඟීම් හා අවශ්‍යතා මැනවින් තේරුම්ගෙන ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණුද මෙහි ඇතුළත්...
ලංකාවේ සියවසක්
Rs. 680
"ලංකාවේ සියවසක්" ඉතිහාස ග්රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
කාලය අවකාශය තුළ මාක්ස්වාදය
Rs. 1,080
විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක්‍රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප්‍රකාර අනුව විශ්වයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක්‍රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන්...
දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසින් අතර ලිපි ගනුදෙනු
Rs. 722
පෘතුගීසින් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශවයට එරෙහිව දියත් කරන ලද යුධමය උපාය මාර්ගයක් මෙම ලිපිවලින් අනාවරණය වේ. දාහත් වැනි සියවස මැද භාගයේ දී ලංකාවේ ඉතිහාස කතාවෙහි සංශිප්තව ඉදිරිපත් කෙරෙන පිවිසුම් මාලාවට මූලාශ්‍ර වූ මෙම කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළවනුයේ ප්‍රථම වතාවටය. ලිපි වල අන්තර්ගතය විස්තරණය කරනු පිණිස 1672 වර්ෂයේ...
ශ්‍රී ලංකාවේ යාචකයා
Rs. 1,062
මහාචාර්ය නන්දසේන රතනපාල යාචකයෙක් වී සෑහෙන කාලයක් ගත කළ බව ප්‍රකට වූ විට අපේ රට පුරාම බලවත් උනන්දුවක් පහළ විය.එබඳු කටයුත්තක් අපේ රටේ කිසිම අයෙකු විසින් මින් පෙර නොකොට තිබූ නිසා මේ පරීක්ෂණයේදී දෙවැනි යුගයේදී මටත් පරීක්ෂණ ක්ෂේත්රයට ගොස් මහාචාර්යවරයාට සහාය වීමට ඉඩ ලැබිණ. අප ඉන් ලත් දැනීමත්, ආශ්වාදයත් ඉතා මහත්තය. අප පමණක් නොව එකල විද්යෝද විශ්ව විද්‍යාලයෙන් උගත් ශිෂ්‍ය...
ඒ අපූරු මග
Rs. 640
ජීවිතයේ සැබෑ සතුට මෙයයි එනම් දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැපවී වෙහෙසීමයි. ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සැබෑ බලවේගයක් බවට පත්වීමයි.. මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මාගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක් නිසාදයත් මා හොඳින් ජීවත් වන බව දැනෙන්නේ මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි, මට...
යටි සිත 2: සිතීමෙන් සුවය, ධනය සහ සතුට අත්කර ගමු
Rs. 1,200
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධව වසර හතළිහකට වැඩි කාලයක නවමු පරීක්ෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆිගේ් ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා යටි සිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරේ. මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කිහිපයක් නම් කනස්සල්ල බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු...
යටි සිත: ඔබගේ විස්මිත මෙහෙකරු
Rs. 1,160
ස්වයංවර්ධනය සහ ස්වයංසාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මයජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනෙක ඉටු කරගත නොහැකි යැයි පෙනෙන විශාල හා දුෂ්කරතාවයන් හුදෙක් තම යටි සිතේ විශ්මිත බලය...
සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය
Rs. 637
සිංහල සමාජයේ යක්ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයෙකු පමණක්ම නොවේ,ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවන සුළු බලවේගයකි. වරෙක අතීත ඇදහීමක ශේෂයක්ද සංක්‍රමණිකයකු, මළගිය ඥාතියෙකු ,පරාජයට පත් වූ ජන ප්‍රධානියකු බවටද පත්වෙන ඔහු ආක්රමණික ජනතාවගේ ශරීර වර්ණයට ප්‍රතිවිරුද්ධ වර්ණයද ලබා ගන්නේය. සිංහල සමාජයේ ඇදහීම් වල දේවත්වයට මුල් තැන් හිමිවෙද්දී යක්ෂයන් එයට පහත් ස්තරයක වඩාත් විශාල පරාසයක පැතිර පවත්නා බව ජනශ්රැති, සංස්කෘතික සහ...
ඔබගේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Rs. 1,160
මේ පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා ඇත. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹුසැමි ඝට්ටන සඳහා තුඩුදෙන කරුණු විද්‍යාත්මක විග්රහ කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹුසැමි දෙදෙනාම කාර්යබහුලව රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව...
දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්
Rs. 1,170
දකුණු ඉන්දියාවේ, බුදු දහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව්‍යාප්ත වී පරිහානියට පත්විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම්" මෙම කෘතියේ තමිල්නාඩු ප්‍රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ්‍රයෙන් ආචාර්ය හිඳගල ඥාණාධාර හිමියෝ විග්රහ කරති.
ලොව පැතිර වසන අහිගුන්ඪිකයෝ
Rs. 807
"ලොව පුරා පැතිර වසන අහිගුන්ඨිකයෝ" එක හුස්මට කියවිය හැකි ග්රන්ථයකි. මානව, විද්‍යාත්මක, මෙන්ම ඓතිහාසික කරුණු හා තොරතුරු රැසක් ක්‍රමවත්ව,සුගම ව්‍යවහාර භාෂා ශෛලියකින් ඉදිරිපත් කිරීමට කතෘ සමත් වී ඇත.පෙර අපරදිග භාෂා කිහිපයක් ගැඹුරට හදාරා ඇති රණසිංහ ශූරීන් අහිගුන්ටක සමාජය පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇත්තේ මහත් ආයාසයෙනි, මැනවින් ප්‍රගුණ කළ ජර්මන්, ඉංග්‍රීසි සංස්කෘත හා සිංහල භාෂා ඥානය උපයෝගී කොටගෙන විවිධ රටවල වසන අහිගුන්ටක...
ගාඩි ජන වත
Rs. 297
අටලොස් කුල ධුරාවලියේ පතුලටම තල්ලුවී ගිය ගාඩි (රොඩී) ජන සංහතිය පිළිබඳව සමාජ විද්‍යාත්මක මැදිහත් විමර්ශනයකි, ගාඩි ජන වත. චන්ද්‍ර ශ්‍රී රණසිංහයන්ගේ මෙම ගාඩි ජන වත කෘතිය එම් ඩී රාඝවනගේ Handsome beggars: the story of the Ceylon rodiyas කෘතියට ඌණපූර්ණ විවරණයක් වනු සේ ය.
රත්නවල්ලියගේ දරුවෝ
Rs. 382
ඉංග්‍රීසි බසින් පොතම වලට 1956 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එම් ඩී රාඝවන්ගේ Handsome beggars: Story Of The Ceylon Rodiya කෘතිය කෘතහස්ත පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ සූරීන් අතින් "රත්නවල්ලිය ගේ දරුවෝ" නමින් සිංහලයට පරිවර්තනය වී ප්‍රථම වරට පළ වූයේ 2008 වසරේදීය.රාඝවන් ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ මානව වංශ විද්‍යාඥයෙකු වශයෙන් කලක් සේවය කළ විද්වතෙකි. මෙරට වාසි රොඩී,අහිගුණ්ඨක, වැදි ආදී විවිධ ජන...
මනුසත් වග
Rs. 1,760
අතිවිශිෂ්ටය... බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කතෘ Quite මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස...
වනපෙතක සැඟවුණු අන්දරය
Rs. 1,120
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්‍යා ප්රබන්ධයක කොටසක් නොවන්නේය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට...
ලක්දිව අන්දර
Rs. 400
මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත pictures from the east නම් වූ කෘතියෙහි සිංහල පපරිවර්තනයයි.ජෝන් ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදී. එකල සමහර යුරෝපීය ජාතිකයින් ස්වදේශිකයින් සමග එදිනෙදා ගැවසී ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදී.ජෝන් කාපර් කළේත් එයමයි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය ජීවිතයේ වඩාත්ම කැමති මෙන්ම, වඩාත් මතකයේ රැදී තිබූ සිදුවීම්, පසුව...
ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය
Rs. 1,120
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂාව ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳවද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම් ලේඛන වාර්තා සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද සසඳමින් වංශකතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක්‍රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය...
ආදම්ගේ දූපත ලංකාව
Rs. 1,000
adamge dupatha lankawa පරිවර්තනය සුජීව දිසානායක isle of eden – j a r granier
සිංහල සමාජයේ කුල ක්‍රමය
Rs. 1,147
සිංහල සමාජයේ කුල ක්‍රමය බ්‍රයිස් රයන් ඇමරිකානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වූ බ්‍රයිස් ෆින්ලේ රයන්, 1948 වසරේදී ශ්‍රී ලංකාවට සැපත් වූයේ ඊට වසරකට පෙර පේරාදෙනිය ලංකා විශ්වවිද්‍යාලය අලුතින් පිහිටුවන ලද සමාජ විද්‍යා අංශයේ ප්‍රථම මහාචාර්ය වරයා වශයෙන් වැඩ භාර ගැනීමට ය.සමාජ විද්‍යාව එවකට ලංකාවට අලුතින්ම හඳුන්වා දුන් අධ්‍යයන ක්ෂේත්රයක් වූ හෙයින් ඔහුට තම ඉගැන්වීමේ කටයුතු වලට අමතරව අදාල විෂය මාලාව ඇතුළු...
දෙමාපියන් නොදකින ඉසව්ව
Rs. 1,280
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින්...
අපරාධ විද්‍යාවේ මූලධර්ම 2
Rs. 935
අපරාධ විද්‍යාවේ මූලධර්ම දෙවන ග්රන්ථයෙහි අපරාධ විද්‍යාවට හා අපරාධ යුක්තිය ට අයත් පොලිසිය, අධිකරණය, පරිවාසය, පුනරුත්ථාපනය, දණ්ඩනය බන්ධනාගාරය ආදී අංග ගැන පමණක් නොව බෞද්ධ නීතිය ගැන ද විග්රහ කරයි. අපරාධ හා තාක්ෂණය අතර සම්බන්ධය ද මෙහිදී අර්ථවත්ව විස්තර වන්නේය.එනිසා මෙම ග්‍රන්ථය අපරාධ විද්‍යාව හදාරන්නටත් මෙන්ම පොලීසිය, අධිකරණය, පුනරුත්ථාපනය, පරිවාසය හා බන්ධනාගාර කටයුතු ආදී කාර්යයන්හි යෙදී සිටින්නන්ට තම දැනුම හා අත්දැකීම් ...
අපරාධ විද්‍යාවේ මූලධර්ම 1
Rs. 637
අපරාධ සිදුවන්නේ ඇයි? එය නවතාලන්නේ කෙසේද? පොලිසිය උසාවිය බන්ධනාගාර දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙතරම් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මක විමසා බැලීමේ පදනම අපරාධ විද්‍යාවයි. ශ්‍රී ලංකාවට අලුත් විෂයක් වන අපරාධ විද්‍යාව පිළිබඳ සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළවෙනි පොත මෙයයි අපරාධ ගැන උනන්දුව දක්වන නීතිඥයන්ට, අධිකරණ හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලිසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාර වන අත්පොතක් වනු ඇත
අභිලේඛන ශාප පාඨ
Rs. 300
පැරණි සිංහල සමාජයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වූ සෙල්ලිපි වලින් වැඩි කොටසක් ලියා ඇත්තේ කෙතක් හෝ වැවක් හෝ අරමක් සඟසතු කොට පිදු බව කියා පෑමටයි.එසේ සඟ සතු කෙරුණු ප්රදානය චිරාත් කාලයක් ආරක්ෂා කොට තබා ගැනීමටද සෙල් ලිපි ලියූවෝ උනන්දු වූහ. සාංඝික දේපළ අයථා පරිහරණය කරන්නන් මතු දුක්ඛිත ජීවිත ලබන බැවින් ඉන් වැළකිය යුතු බව කියා පෑම ඒ සඳහා අනුගමනය කළ එක්...
සිදත ගෞතම භගවත
Rs. 1,100
බුදුන්වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්රහ කළ නව මාදිලියේ ග්රන්ථයක් සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය මහත්මිය 'සිදත ගෞතම භගවත' නමින් එළි දක්වා ඇත. සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව නිවැරදි විය යුතු වූත් සත්‍ය ඉතිහාසය, භූගෝලීය, ඓතිහාසික මූලාශ්‍ර පාදක කොට ගනිමින් අපමණ වෙහෙසක් දරා මෙම ග්‍රන්ථය ලියා ඇති බව පෙනේ. මහානාහිමි හා සුද්දන් විසින් සාවද්‍ය ලෙස ලියා...
සමාජ සමීක්ෂණ මනුෂ්‍ය ප්‍රේතයන් සමග කළ දුෂ්කර ක්‍රියාවක් සහ තවත් සමාජ සමීක්ෂණ
Rs. 1,147
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන්, මිනිස් වෙසින් සිටින අධම ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්තර කරුවන් ආදි සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති.ඔවුන්ගේ අදෘශමාන කාර්‍ය්භාර්‍ය මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතියි. නූතන මිනිසා තම ජීවිත ගමනේ විවිධ ආපදාවන් අවශ්‍යතාවයන් ඉදිරියෙහි මේ...
සිව් හෙළය
Rs. 1,755
හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින (ගවේෂණාත්මක කෘතියකි) හියුං ත්සියන්ග් තෙරුන්ගේ වාර්තාව අපට වැදගත් වන්නේ උන්වහන්සේ බුදුන්ගේ දේශයට වැඩම කර සියැසින් දුටු දෑ සහ එහි වැසියාගේ ජනප්‍රවාදයන් විස්තර කර දී තිබීම නිසාය.යටත් විජිත යුගයේදී සුද්දන් විසින් හියුං ත්සියන්ග් තෙරුන් වැඩම කළේ ඉන්දියාවට ලෙස අනුමාන කර බුදුන් සම්බන්ධ සියලු ස්ථාන තෙරුන්ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ නම් කළේය.එහෙත් වාසනාවකට මෙන් වාර්තාවේ ඇති...
ශ්‍රී ලංකාවේ උරුමය
Rs. 552
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
ලංකා ජනතාව
Rs. 807
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය
Rs. 722
ලාංකික ජනතාවගේ භාෂාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව හා ලලිත කලා පිළිබඳ ප්‍රවීණත්වයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කිරීමෙහිලා සමර්ථ උගතෙකි, මෙම ග්රන්ථයන්හි කතුවරයා වන ආචාර්ය නන්දදේව විජේසේකර. විවිධත්වයෙන් පරිපූර්ණ වූ අධ්‍යයනයක් ලැබීමේ විශේෂත්වයන් යුතු මෙතුමා, ලෝකයේ ඇති උසස්තම විශ්වවිද්‍යාල 5 කට නොඅඩු ගණනක අධ්‍යයනය ලැබීමේ විශිෂ්ට භාග්‍ය ද ලද්දෙක් වෙයි. ප්‍රාචීන භාෂාව පිළිබඳ ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ උපාධියක් ලද මෙතුමා ඒ පිළිබඳ ලංකා විශ්වවිද්‍යාලය...
අසාමාන්‍ය මනෝවිද්‍යාව
Rs. 2,250
අසාමාන්‍ය මනෝ විද්‍යාව නමැති මෙම ග්රන්ථයෙහි එම විෂයට අදාළ සියලුම මාතෘකා අනාවරණය කර ඇත. අසාමාන්‍ය මනෝවිද්‍යාව හදාරන විද්‍යාර්ථයන්ටත්, පොදුවේ මානසික සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම දෙනාටත් අතිශය වැදගත් ග්රන්ථයක් ලෙස මෙම ග්රන්ථ නිර්දේශ කරමි. වෛද්‍ය නීල් ප්‍රනාන්දු මනෝ වෛද්‍ය විශේෂඥ ,ශ්‍රේෂ්ඨ කථිකාචාර්ය පිටු : 672
තුතන්කහමන්ගේ සොහොන් ගැබ
Rs. 1,710
1922 වසරේ නොවැම්බර් මස 22 වැනි දින තුතන්කහමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම අවිවාදාත්මක ව මිසරය රජුන් ගේ නිම්නයේ කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම තුළින් තුලින් විශිෂ්ටතම සොයාගැනීම වේ.මේ ළමා ෆේරෝ රජුගේ සොහොන් ගැබ වසර තුන් දහසක් තිස්සේ සොහොන් හොරුන්ගෙන් බේරී තිබුණි. කානවන් සාමි විසින් දියත් කරන ලද මේ ගවේෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ හෝවාර්ඩ් කාටර් විසින් ඒ අද්විතීය සොයාගැනීම පියවරක්...
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,480
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි. එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි...
පිළිකා නොමැති ලෝකය
Rs. 1,580
පිළිකා රෝගය සඳහා ප්රත්යක්ෂ ප්‍රතිකාරයක් ලෙස විටමින් ඊ17 හෙවත් ලේට‍්‍රයිල් නමැති ඖෂධය යොදාගත හැකි බව විද්‍යාගාර පරීක්ෂණවලින් සනාථ වී තිබියදීත් එය ලොවින් වසන් කළ... ලෝක වෙළෙඳ ඒකාධිකාරය හා ඇමෙරිකානු ඖෂධ මාෆියාවේ අඳුරු පැතිකඩ පිළිබඳව සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කළ... රචකයා වෛද්‍යවරයකු නොවන නමුත් වෛද්‍ය විද්‍යා ග්රන්ථයකටත් වඩා විශ්ලේෂණාත්මක විද්‍යාත්මක තොරතුරු අඩංගුවන ඇමෙරිකානු ජාතික ජෝර්ජ් එඞ්වඞ් ග්‍රිෆින් විසින් රචිතWorld Without Cancer...
බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය
Rs. 1,062
දාහත්වන සියවසේ දී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල් වරට පළ වූ A true and Exact Description of the most Celebrated East india coasts of Malabar and Choromandel.As also the Great Island of Ceylon නම් ග්‍රන්ථය නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි.මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාල Discription Of Ceylon නම් කොටසෙහි පූර්ණ...
ජේසුතුමන් දඹදිව විසූ වගයි
Rs. 450
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. ජේසුතුමන් දඹදිව විසූ වගයි jesus lives in india හෝල්ගර් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කිහිපයක පරීක්ෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳව...
ලංකාවේ වන ප්‍රවාහය
Rs. 960
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්‍රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්යයන්...
පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්
Rs. 702
ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසූතිය, කිල්ල, ඔසප් චක්‍රය, ගබ්සාවිම, වැඩිවිය පැමිණීම ආදිය පිළිබඳ පවත්නා ආකල්ප වත් වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර එකිනෙක වෙනස් තත්ත්වයක් විෂද කරයි.බොහෝ ප්‍රාථමික සමාජයන්හි වුවද කාන්තාවන් විෂයයෙහි පවත්නා පෙර සඳහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත් පිළිවෙත් පවති. ඕස්ට්‍රේලියාවේ කළු ජාතිකයින්, ඇලස්කාවේ කාඩෙස්කාව කාඩියස් දූපත්වාසීන්, දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන්, ශ්‍රී ලංකාවේ වැදි, කින්නර, රොඩී...
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ
Rs. 2,550
හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ නවකතා කෙටිකතා චරිත කතා ආදී වශයෙන් මෙකල ප්‍රකාශන රාශියක් පාඨකයන් හට කියවීමේ භාග්‍යය ලැබී ඇත. නූතන යුගයේ මෙබඳු ගද්‍ය පද්‍ය කෘති නිසා සිංහල සාහිත්‍ය ද සෑහෙන පමණින් පෝෂණය වී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.මේ පොත් අතරතුරට උප්පත්තියේ සිට තමන් හැසිරුණු ජීවන කතාව පිළිබඳ ලියැවුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "උපන්දා සිට" "අපේ ගම" වැනි පොත්ද පාඨකයා රස ගැන්වීමට හා සමාජ...
නොහදුනන ලින්කන්
Rs. 1,320
"මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි. මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන...
පුල් එළිය
Rs. 765
අනුරාධපුර දිස්ත්‍රික්කයේ 'පුල් එළිය' ග්‍රාමය පදනම් කරගත් සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයකි.
පියෙන් පියවර නැගෙන් මුදුනට
Rs. 880
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
Rs. 800
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්
Rs. 720
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා...
බෞද්ධ සංස්කෘතියේ විකාශය
Rs. 520
බෞද්ධ සංස්කෘතිය වැනි විෂයයක් ශිෂ්‍යයන්ට හැදෑරීමට නම් පෙර අපර පඬුවන් විසින් ඒ සම්බන්ධයෙන් ලියන ලද ග්රන්ථයන් පරිශීලනය කළ යුතුය. දැනට පෙර අපර දෙදිග පඬුවන් විසින් පරීක්ෂණයන්ගෙන් සොයාගත් කරුණු සිංහල පාඨකයන් අතරට විශේෂයෙන් විශ්වවිද්‍යාලවල සිංහල බෞද්ධ සංස්කෘතිය හදාගන්න ශිෂ්‍යයන් අතර පරිවර්තන මාර්ගයෙන් වත් පත්කරලීමට සැලසීම මහඟු සේවයක් වනු ඇත.ශාස්ත්‍රවේදී හිස්සැල්ලේ මේධානන්ද ස්ථවීරයන් වහන්සේ ගේ මේ ග්‍රන්ථයේ විශ්වවිද්‍යාලීය ප්‍රවේශ විභාගය පටන් උපාධි...