Cart

අතිශයින්ම ඩෑන්  බ්‍රවුන්ගේ රසිකයන්ට පමණයි 

ඩැනියෙල් ජේරාඩ් බ්‍රවුන් එහෙමත් නැතිනම් ඩෑන් බ්‍රවුන් ලාංකික පරිවර්තන කියවන්නන් අතර නුහුරු නුපුරුදු  නමක් නම් නෙමෙයි. ගුප්ත විද්‍යාව , කලාව , ත්‍රාසය සහ කුමන්ත්‍රණ න්‍යායන් ගැබ් වූ ඔහුගේ කෘතීන් ලොව පුරා පාඨකයන් ගේ සිත් සොරා ගැනීමට සමත් වූ බව නම් රහසක් නොවේ.

රොබට් ලැන්ග්ඩන් නවකතා වන Angels and Demons (2000) , The Davinchi Code (2003) ,the lost symbol (2009) Inferno (2013) සහ Origin (2017)  ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් විය .මේ සමගම ඩෑන් බ්‍රවුන් , ද ඩාවින්චි කෝඩ් ඇතුළු වඩාත්ම අලවි වන නවකතාවල කතුවරයා වන අතර එය මෙතෙක් අලෙවි වූ නවකතා වලින් එකක් මෙන්ම පාඨකයන් සහ විද්වතුන් අතර බුද්ධිමය විවාදයට භාජනය විය.
එසේම ඉහත සඳහන් කෘතීන්  වලින් Angels and Demons ,The Davinchi Code සහ Inferno චිත්‍රපට වලට ද අනුගත වී ඇත.

බ්‍රවුන් ගේ නවකතා ලොව පුරා භාෂා 56 කින් ප්‍රකාශයට පත්කර ඇති අතර පිටපත් මිලියන 200 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත .
එසේම 2005 ද ටයිම්ස් සඟරාව විසින් බ්‍රවුන්  ලොව වඩාත්ම  බලගතු පුද්ගලයන් සිය දෙනාගෙන් කෙනෙකු ලෙසින්ද  නම් කරන ලදී .

1964 ජූනි 22 දින අමෙරිකානු ජාතිකයෙකු ලෙස උපත ලබන ඩෑන් බ්‍රවුන් ගේ පියා ගණිත ගුරුවරයෙකු සහ පල්ලියේ සංවිධායකයකු ද වන අතර එහිදී ඔහු විද්‍යාව සහ ආගම අතර පරස්පර විරෝධී අන්තර් ක්‍රියාකාරීත්වය කෙරෙහි වැඩි ඇල්මක් ඇති කරගන්නා අතර මෙම තේමාවන් අවසානයේ ඔහුගේ පොත් සඳහා පසුබිම සකසන බව පාඨක ඔබට හොඳින් වැටහෙනවා ඇති.

රහස් සහ ප්‍රහේලිකා පිළිබඳව බ්‍රවුන් ගේ උනන්දුව පැනනගින්නේ කුඩා කාලයේ සිටමයි. එහිදී කේත සහ කේතාංක යනු ඔහුගේ දෙමාපියන් සේවය කළ  ගණිතය , සංගීතය යන භාෂාවන් එකට බැඳ තබන පුරුකක් විය .
තරුණ බ්‍රවුන්  Anagram සහ හරස් පද ප්‍රහේලිකා සකස් කිරීම සඳහා පැය ගණනාවක් ගත කළ අතර ඔහු සහ ඔහුගේ සහෝදර සහෝදරියන් උපන්දින සහ නිවාඩු දිනවල තම පියා විසින් සැලසුම් කරන ලද “නිදන් හෑරීම” නම් අපූරු  ක්‍රීඩාවක නිරත විය .
එය කෙසේද යත් නත්තල් දිනයේ බ්‍රවුන්  සහ ඔහුගේ සහෝදර සහෝදරියන් ගස යට තෑගි සොයා නොගත් අතර තෑගි සොයා යෑම සඳහා ඔවුන් නිවස පුරා සහ නගරය පුරා කේත සහ ඉඟි සහිත නිදන් සිතියමක් අනුගමනය කළහ.
මෙම කේත සිතියම අනුගමනය කරන ඔවුහු සිතියම ඔස්සේ ගොස් තම තමන්ගේ තෑගි සොයා ගත්හ.
බ්‍රවුන්  හට ඔහුගේ පියා සමඟ ඇති සම්බන්ධතාවය සොෆී සහ ජැක් සවුනියෙර්ගේ, ද ඩාවින්චි කෝඩ් හි ඇති ආභාෂය ලබා දුන් අතර එම නවකතාවේ 23  පරිච්ඡේදය ඔහුගේ ළමා කල “නිදන් දඩයම” සෙල්ලමේ ආභාෂයක් ලැබීය.

පිලිප්ස් එක්සෙටර් ඇකඩමි උපාධියෙන් පසුව ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන බ්‍රවුන්  එහිදී ඇලන් ලෙල්චුක් ගේ ලිවීමේ ශිෂ්‍යයෙකු වන අතර විශ්ව විද්‍යාලයේ කලා ඉතිහාසය පිළිබඳව පාඨමාලාවක් ද හදාරන ලදී .1986 දී ඇම්හර්ස්ට්  විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා ඔහු දක්ෂ ස්කොෂ් වාදකයකු මෙන්ම ගීත රචකයෙකු සහ දක්ෂ පියානෝ වාදකයෙක් ද වේ. එසේම ළමා කැසට්  පටයක් ස්වයං නිෂ්පාදනය කළ ඔහු 1994 දී angels and demons නමින් සංයුක්ත තැටියක් ද නිකුත් කරන ලදී .
කෙසේ නමුත් බ්‍රවුන් පවසන ආකාරයට 1993 දී නිවාඩුවක් ගතකරමින් සිටියදී ඔහු කියවූ සිඩ්නි ෂෙල්ඩන් ගේ නවකතාවක් වන “ඩූම්ස්ඩේ කුමන්ත්‍රණය”  ඔහුව ත්‍රාසජනක ලේඛකයෙකු බවට පත්කිරීමට  හොඳ උත්තේජ කාරකයක් විය.

2020 සැප්තැම්බර් මාසයේ මුදා හැරීමට නියමිත Wild symphony නම් දරුවන් වෙනුවෙන් සැකසුණු අද්විතීය විනෝදාත්මක පින්තූර පොත  dan brown විසින් රචනා කරන තවත් අපූරු කෘතියක් වනවාට නොඅනුමානය

මෙම කෘතිය මගින් ළමයින්ට හිතකර හාස්‍යයක් එක්කවන අතර අමතර ඉඟි සහ ප්‍රහේලිකා සෑම වයස් කාණ්ඩයකම උනන්දුවක් දක්වන පාඨකයින් සඳහා සවිස්තරාත්මක පසුබිම් වල සකසා තිබෙන බවයි බ්‍රවුන්  පවසන්නේ .

කෙසේ නමුත් සැඟවුණු ඉඟි සහ ප්‍රහේලිකා වලින් සමන්විත Wild Symphony ලොකු කුඩා කාටත් අපූරු අත්දැකීමක් එක් කරන බව නම් විශ්වාසයි.

Wild symphony සඳහා සැකසුණු පුර්ව ප්‍රචාරක වෙබ් අඩවියේ  මුල් පිටුවේ මෙසේ සටහන් වෙයි
එහි පරිවර්තනය නම් :
“මාස්ට්‍රෝ මීයා සහ ඔහුගේ සංගීත මිතුරන් සමඟ ගඟ හරහා සහ මුහුද හරහා ගමන් කරන්න! ඔබට විශාල නිල් තල්මසකු හා වේගවත් චීටාවකු, කුඩා කුරුමිණියන් සහ සුන්දර හංසයන් හමුවනු ඇත.
සෑම කෙනෙකුටම බෙදාගැනීමට විශේෂ රහසක් ඇත .

මග දිගේ මාස්ට්‍රෝ මීයා ඔබ වෙනුවෙන් තබා ඇති විශ්මයන් ඔබට දැකගත හැකිය.  සැඟවුණු අවිනිශ්චිත මීමැස්සෙක් ඉඟි විවර කරන විහිළු ලිපි සහ ඔබට විසඳීමට කේතගත පණිවිඩයක් පවා ! ”
………………………………………………………………………………………………………………………………………………………………………..
රොබට් ලැන්ග්ඩ්න් නවකතා කිතුනු තේමාවන් හා ඓතිහාසික කරුණු සමග ගැඹුරින් සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මතභේදය ඇත කර තිබේ. බ්‍රවුන්  තම වෙබ් අඩවියේ සඳහන් කරන්නේ ඔහු නිරන්තර “ආධ්‍යාත්මික ගමනක” යෙදී සිටිය ද  ඔහුගේ පොත් ක්‍රිස්තියානි  විරෝධී නොවන බවයි . ඔහුගේ කෘතීන් වන ඩාවින්චි කෝඩ් හී හුදෙක් ආධ්‍යාත්මික සාකච්චා සහ විවාද ප්‍රවර්ධනය කරන විනෝදාත්මක කතාවක් පවසන අතර මෙම පොත අපගේ ඇදහිල්ල ගැන ගවේෂණය කිරීම සහ ගවේෂණය කිරීම සඳහා ධනාත්මක උත්තේජකයක් ලෙස භාවිතා කළ හැකි බවයි ඔහු යෝජනා කරන්නේ .

රොබට් ලැන්ග්ඩ්න් කතා පෙළෙහි පරිවර්තනයන් මේ වන විට ශ්‍රී ලාංකේය පාඨක ඔබට සිංහල බසින් පරිවර්තනය කොට ලබා දී අවසානයි.
ලංකාවේ දැනට සිටින දක්ෂ පරිවර්තකයකු වන කුමාර සිරිවර්ධන මහතා විසින් පරිවර්තිත මෙම කෘතීන්  ආශිර්වාද ප්‍රකාශනයක් ලෙස වෙළෙඳ පොළට නිකුත් වී අවසානයි .

www.viyathbooks.lk අපගේ වෙබ් අඩවිය මගින් මෙම සියලුම පොත් ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.

අන්තර් ජාලය ඔස්සේ අදාල ස්ථාන පිරික්සමින් මෙම පොත් කියවීමෙන් ලැබෙන ආස්වාදය මෙම පොත් පෙළ කියවූ ඔබට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවන බව අපගේ විශ්වාසයයි .

Loading...